IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පොලිසියේ තිදෙනකුට වසර හත බැගින් සිරදඬුවම්

(උපාලි ආනන්ද සහ නිමල් ජයරත්න)
ලෝක අමද්‍යප දිනය දා හෝටලයකට අයුතු ලෙස  ඇතුළු වී මත්පැන් බෝතලයක් ඉල්ලා පසුව  මත්පැන් බෝතලයක් නොදුන් නිසා උරණ වී  හෝටලයේ කළමනාකරු  බලහත්කාරයෙන්  රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කෲර වද හිංසා පමුණුවා මරා දැමීමේ  චෝදනාවට වැරදිකරවන් වූ පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු විත්තිකාර පොලිස් නිලධාරීන් හතර දෙනකුගෙන් පොලිස් නිලධාරීන් තිදෙනකුට බරපතල වැඩ සහිතව වසර හතක සිරදඬුවමක්   පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා නියම කළේය. 
පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ එවකට සේවය කළ  පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට  වෙන් වෙන් වශයනේ වසර හත  බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊට අමතරව වෙන් වෙන් වශයෙන් රුපියල් 15000 බැගින් දඩ මුදල් ගෙවන ලෙසටද විත්තිකාර පොලිස් නිලධාරීන්ට  නියම කළ මහේස්ත්‍රාත්වරයා දඩ මුදල් ගෙවීම විත්තිකාර පොලිස් නිලධාරීන් පැහැර හරින්නේ නම් ඔවුනට වෙන් වෙන් වශයෙන් තවත් මාස 12 ක සිර දඩුවමක්ද නියම කෙරිණි. මෙසේ  සිර දඬුවම් නියම වූයේ මෙම අපරාධය සිදු වන අවස්ථාවේ පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් එච්. දයානන්ද රත්නායක සහ පොලිස් කොස්තාපල්වරුන් වන  එම්. ජගත් ප්‍රියන්ත  පෙරේරා ගුණසේකර සහ  එම්. ජී. මහින්ද චාර්ලිස් යන විත්තිකරුවන්ටය.

මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස  නම් කර සිටි පොළොන්නරුව කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපති ඩබ්ලිව්. වසන්ත හෙන්රි පෙරේරා නැමැත්තා නඩු විභාගය අතරතුර මිය ගියේය.

 



අදහස් (0)

පොලිසියේ තිදෙනකුට වසර හත බැගින් සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 19793 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18085 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10829 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 508 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 153 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 820 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site