
(සුජිත් හේවාජුලිගේ
ප්‍රදර්ශන පුවරුවල ඇති විදුලි බල්බ හා එක් එක් පොලිස් වසම්වල අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාව ගණනය කර තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස් ස්ථානාධිපතිවරුන් සහ ඒ ඒ පොලිස් ස්ථාන අධීක්ෂණය කරන උසස් නිලධාරීන්ට නියෝග කර ඇත.
පොලිස්පති අණදෙන කොට්ඨාසය මගින් මීට අදාළ නියෝගය ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන්ට යවා ඇත.
ඉන්ධන හා බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට රජය ලබාදී ඇති මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම නියෝගය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පොන්ගේ තවත් දැවැන්ත වැඩක්. මේවගේ වැඩ විතරයි මේ ආණ්ඩුවට ගැළපෙන්නේ. පුළුවන් තරම් පොඩි වැඩම කරලා වහල්ලු චූන් කරන්න හොඳේ.
වැඩ නැති පොලීසියට අළුත් වැඩක්.. ෂෝක් අනේ...
පළාත්පාලන ආයතන වල කටයුතුවලට පොලිසිය මැදිහත්වීම...
සාමකාමීව ජීවත් වන මිනිසුන් සිටින තැනකට වීදි ලාම්පු අවශ්‍යයි. හොර වැඩ සහ ගනුදෙනු සිදුවෙන තැන්වල වීදි ලාම්පු තියෙන එක එම වැඩකටයුතු වලට ලොකුම බාධාවක්. පොලීසියේ සහයෝගයෙන් ඒවා පුළුවන් තරම් ඉක්මනින් ඉවත් කරමු.