IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


පොලිස් දඩ ඇප්වලින් ගෙවීම දකුණත් අරඹයි

(ගයාන් සූරියආරච්චි)

රථවාහන වැරැදි සම්බන්ධයෙන් පොලිසියෙන් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සදහා දඩ මුදල් Gov Pay හරහා ගෙවීමේ පහසුකම අද (20) සිට දකුණු පළාතේ ආරම්භ කළ බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ ඩිජිටල් කටයුතු පිළිබද කාර්ය සාධක බළකායේ සභාපති හර්ෂ පුරසිංහ මහතා පැවැසීය.

එම දඩ ගෙවීමේ ක්‍රමය සදහා දකුණු පළාතේ පොලිස් ස්ථානවලට ජංගම දුරකතන 400 කට අධික ප්‍රමාණයක් ද ලබා දී ඇත.

වැඩිම දඩ මුදල් බස්නාහිර පළාතෙන් අයකර ගෙන ඇති බවත් මාස දෙකක් ඇතුළත රථවාහන වැරැදි 20,000 කින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදල් ප්‍රමාණයක් අය කර ගෙන ඇති බවත් පුරසිංහ මහතා කීය.

ඔහු මේ බව පැවැසූවේ රජයේ ප්‍රවෘත්ති දොර්තමේන්තුවේ අද (20) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

Gov Pay යනු රාජ්‍ය ගෙවීම් පද්ධතිය වන අතර මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ලංකා පේ ආයතනය, අයි.සී.ටී ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් බවත් එය පසුගිය පෙබරවාරි මාසයේ හදුන්වාදුන් බවත් හර්ෂ පුරසිංහ මහතා කීය.

 



අදහස් (0)

පොලිස් දඩ ඇප්වලින් ගෙවීම දකුණත් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site