(අංජුල මහික වීරරත්න)
මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029' ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සෑම ශ්‍රී ලාංකික දරුවකුටම තම උපරිම විභවතාවන් ළඟා කර ගැනීමට සහාය වන පරිසරයක් සැකසීම සඳහා ' මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ' ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එම ජාතික ප්‍රතිපත්තිය උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්මක් හරහා ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ඒ අනුව, සියලුම පාර්ශ්වකාර ආයතන වල සහභාගීත්වයෙන් ' මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029' සකස් කරනු ලැබ ඇත.
එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම මඟින් අවදානමට ලක්විය හැකි හා අවාසිදායක තත්ත්වයක සිටින ළමයින්ට විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය, සමාජ සේවා රැකවරණය සහ ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සේවා සැපයීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව, මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029' ක්‍රියාත්මක කිරීම පිණිස වැඩ බලන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොඩි දරුවන් රකින්න උපාය මාර්ගික සැලැස්මක්