IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


පේරාදෙණි සරසවියේ රන් කුසලානයක් අධිකරණයෙන් නවතයි

(රන්ජන් කටුගම්පොළ)

පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන ඊ්. ඕ්.ඊ පෙරේරා රන් කුසලානය 2015 වසර සඳහා අබේසේකර මහතාට පිරිනැමීමට ගත් තීරණය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රන් කුසලානය පිරි නැමීම සඳහා විනිවිදභාවයෙන් යුත් ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට අස නියෝග කළේය.

මෙවැනි ක‍්‍රියාවලියකදී පරිපාලන ආයතනයක් විනිවිදභාවයෙන් යුතු සියල්ලටම සමාන ලෙස සැලකීමේ ක‍්‍රියා පිළිවෙතක් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු වුවත් ප‍්‍රශ්ණගත රන් කුසලානය පිරිනැමීමට තෝරා ගැනීම සඳහා විනිවිදභාවයෙන් යුතු ක‍්‍රමවේදයක් හෝ ලකුණු ලබාදීමේ නිසි පටිපාටියක් අනුගමනය කර නොමැති බැවින් ඇයදුම්කරුවන්ට සමාන ලෙස සැලකීම සහ නීතියේ ආරක්ෂාව ලැබීමේ අයිතිවාසිකම් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන පෙත්සම්කාර කල්පනා මානවඩු මහත්මියට ලැබී නොමැති බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා” මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණී.

මොරටුව ප‍්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන කල්පනා මානවඩු මහත්මිය ගොනුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ එහි සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.

 



අදහස් (4)

පේරාදෙණි සරසවියේ රන් කුසලානයක් අධිකරණයෙන් නවතයි

unibro Wednesday, 22 October 2025 08:54 AM

ඉතා හොඳයි. සෑම තැනකින්ම සාධාරණවත්වය ලබා ගැනීම වෙනුවෙන් තවදුරටත් මිනිසුන් නිහඬව සිටීමට සූදානම් නැහැ.

:       0       29

Bunny Preena Wednesday, 22 October 2025 09:09 AM

ඉගෙන ගත්තු කෙනෙකුට සාමාන්‍යයෙන් සමාජයේ ඉහල පිළිගැනීමක් තියෙනවා. නමුත් ඒහෙම පුද්ගලයින් මෙහෙම කරනවා නම් අනිත මිනිසුන් ගැන මොන කතාද?

:       0       19

පිටිගල මිලානෝ Wednesday, 22 October 2025 09:34 AM

පොත්ත රතු නම් ක්ලාස් පාස් ලැබේ…

:       3       14

Mahesh Wednesday, 22 October 2025 10:52 AM

රන් කුසලාන වලින් පීඨාධිපති , උප කුලපති හොදට හම්බ කරගන්න ඇති .එකයි රණින්ම දෙන්නේ .

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site