(ගයාන් සූරියආරච්චි)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ‘මහනුවර ඇසළ පෙරහර 2025‘ නමින් තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලිසිය හදුන්වා දී ඇත.
මෙම තොරතුරු පද්ධතිය මගින් රථවාහන නැවැත්වීම සදහා වෙන්කර ඇති රථගාල්, පෙරහර ගමන් ගන්නා මාර්ගය, පෙරහර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් පෙරහර නැරඹීමට පැමිණ මගහැරෙන පුද්ගලයන් හමුවිය හැකි ස්ථාන සජීවී තොරතුරු ලබාගත හැකි බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් විසින් මෙම පද්ධතිය නිරතුරුව යාවත්කාලීන කරන අතර www.police.lk යන පොලිස් වෙබ් අඩවියට පිවිස ‘මහනුවර ඇසළ පෙරහර හෝ https://kandyesalaperahera.police.lk යන යෙදවුමට පිවිස මෙම පද්ධතිය භාවිත කළ හැකි බව පොලිසිය පවසයි.
ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යය ඊයේ (30) ආරම්භ වූ අතර ලබන 8 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පෙරහර තොරතුරු බලන්න පොලිසියෙන් වෙබ් අඩවියක්