
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර 165ක පමණ ඉතිහාසයක් ඇති ශ්රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු වලට පැවරී ඇති කාර්යයන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස ක්‍රියාත්මක වන සේවාවකි.
එම දෙපාර්තමේන්තුව යටතේ වන දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු දුම්රිය සේවය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරීන් පමණක් බඳවා ගනු ලැබ ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසර වල පමණක් කාන්තා නිලධාරීන් බඳවාගනු ලැබ ඇත.
රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට කටයුතු කරමින් පවතී. ඒ අනුව, වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට අනුමත බඳවා ගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු වලට කාන්තා නිලධාරීන් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදීමට තීරණය කරන ලදී.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1966										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිරිමින්ට සීමා වූ දුම්රිය තනතුරු කීපයකට කතුන්ට අවස්ථාව
අරවින්ද මොණරවිල Tuesday, 04 November 2025 02:02 PM
එතකොට කාන්තා රියැදුරන්ගේ නම් කෝච්චිය වලටත් ලැබෙයි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ සමුද්‍රදේවි වෙනුවට !
amila Tuesday, 04 November 2025 03:56 PM
ඉතා සුදුසුයි... ජයවේවා...