(බී.ජී. චතුරංග)
රාජාංගනය පොලිස් වසමේ යාය 17 පහළමාරගහවැව ප්‍රදේශයේ නිවසක සිටි පියකු සහ පුතෙකුගේ ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යාය 17 පහළ මාරගහවැව පදිංචිව සිටි වයස අවුරුදු 27 සහ 23 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
තියුණු ආයුධ ලක්ව අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිටි හාමිලාගේ ගාමිණී යසරත්න (56) සහ ඔහුගේ පුතා වන හිටි හාමිගේ ගයාන් යසරත්න (26) නැමැති පුද්ගලයන් දෙදෙනෙකි.
රාජාංගනය පහළ මාර ගහ වැව ඇඟලුම් කම්හල පිටුපස නිවසේ පදිංචි, කුමාර සහ ඔහුගේ පුතා මරා දමා ඇති බවට ඉකුත් 12 දා රාජාංගනය පොලිසියට ලැබුණු පෞද්ගලික දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම නිවසේ සාලය තුල පුද්ගලයන් දෙදෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව වැටී සිටියදී සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඝාතනය සිදුවූ නිවසට යාබව මීටර් 600ක පමණ දුරින් පදිංචි ව සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුත්‍රයා සහ පියා විසින් මීට වසර තුනකට පමණ පෙර සැකකරුවන්ගේ පියාට පහරදී ඝාතනය කර ඇති බවත් එම ඝාතනයට පලි ගැනීමක් ලෙස සැකකරුවන් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පිය පුතු ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට
MD Wednesday, 16 April 2025 02:00 PM
නගරේ මනුස්සයා කොහොම හරි දවසේ ජීවිතය ගැට ගහගන්න කුලියට තැනක් ගෙන හෝ කුමන හෝ රැකියාවක නිරත වෙමින් යුතුකම් වගකීම් පුළුවන් ආකාරයෙන් සිදුකරගෙන ගියත් ගමේ ඵකාලාට ඉන්න තැනක් යමක් කමක් දෑතෙන් කරගන්න පුළුවන් කමත් තියෙද්දී තමන්ගේ කියලා දෙමාපියන් නෑදෑ හිතවතුන් අසල සිටියදීත් කරන්නේම දුෂ්ඨ, කුහක වැඩමයි. පව්..!