
(ගයාන් සූරියආරච්චි)
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය 2 කට ආසන්න කාලයක් ප්රකාශයක් සටහන් කරගත්තේය.
ඒ 2009 වසරේදී විදේශ කටයුතු අමාත්යවරයා වශයෙන් සිටින කාලවකවානුවේදී කෙරුණු සාකච්ඡා පිළිබඳව තොරතුරු කිහිපයක් ලබා ගැනීම සදහා එසේ කැදවා තිබුණි.
හිටපු අමාත්යවරයා පෙරවරු 10.00 ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 12.00 ට පමණ ඉන් පිටව ගිය බව උසස් නිලධාරියෙක් පැවැසීය.
(ඡායාරූප: ජයමාල් චන්ද්රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd