IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට සිතාසි

(මනෝප්‍රිය ගුණසේකර)

කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා තවත්  තුන්සියයකට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙදෙනකුට ලබන ඔක්තෝබර් 4 වෙනිදා වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද 13 සිතාසි නිකුත් කළේය.

නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම නඩුව සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍ර භාර දීම සඳහා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කළේය.

මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පත්කරන ලද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ( සභාපති ) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස සිතාසි නිකුත් කළේය.

සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ මෙයට අදාලව ගොනු කළ ගොනුකළ චෝදනා 23,270 කින් යුත් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම ත්‍රි පුද්ගල ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කළේය.

 



අදහස් (28)

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට සිතාසි

විපරමා Monday, 13 September 2021 04:39 PM

මාස 28 කට පස්සෙ වෙච්ච් විපර්යාසේ? අවසානයේ මේකත් බොරු මවාපෑමක් වේවිද කවුද දන්නෙ ?

:       56       103

මාමMonday, 13 September 2021 04:55 PM

බොරු මවා පැමක් ,හරියට මේක පිටි පස්සෙ ඉන්නෙ කියල කවුරුත් දන්නෙ නැ.

:       55       40

PereraWednesday, 15 September 2021 01:08 AM

පිටිපස්සේ ඉන්නේ කවුද කියලා විමර්ශන කරන අය හොඳාකාරව දන්නවා හැබැයි ඒ අයට ඒ විස්තර නම්ගම් දැන්ම කියන්න විදිහක් නැහැ.

:       33       4

ගමේ එකාලා Monday, 13 September 2021 04:49 PM

අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගියා. ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා බලයට ආවට කරපු දෙයක් නැහැ. ජනතාව රවට්ටපු එක විතරයි කෙරුවේ.ආයෙමත් බොරු රඟපෑමක් කරන්ඩ වගේ හදන්නේ?

:       60       125

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Monday, 13 September 2021 04:51 PM

නාඩගම් කාරයෝ ඊළඟ කොටස එලි දැක්වීමට සූදානම් ඉතාලියේන් ලැබුණ ප්‍රතිචාර නිසා නැවතත් තිරගත කිරීමට සූදානම්

:       110       124

Prase Monday, 13 September 2021 05:18 PM

ජාත්‍යන්තරයට යන්න ළඟින් රඟපෑමක්...

:       42       69

Demuni Uduwara Monday, 13 September 2021 05:31 PM

මේක විනෝදාංශයක් කරගෙන වගේ..!!!

:       41       70

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 September 2021 05:45 PM

අප කවදත් නීතිය ගරුකරන, අධිකරණයට හිසනමන, නීතිගරුක පුරවැසියන්... ඒත්, මේ රටේ විධායකය විසින් රටේ නීතියට බලපෑමක් එල්ල නොවේ නම්, ඉතා අගනේය. එහෙත් එය දෙවියෝ දනියි. අප නොදනී. මිනීමරුවන් බේරාගැනීමට අධිකරණ බලය හා තීන්දු තීරණ තඹයකට මායිම් නොකළ අය, මෙවන් දේට කුමන ආකාරයේ සහයෝගයක් දේදැයි සිතීම පවා අසීරුයි. සිද්ධියට නිසි දඬුවම් නොදුන් හිටපු ජනපති, ආරක්ෂක අංශ භාර හා හිටපු සේනාධිනායක තෙමේ, දැනටත් පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් සුවිශේෂී ආරක්ෂාවක් ලබයි. එමෙන්ම, ඔහු තවමත් ආණ්ඩු පක්ෂයේ හවුල්කාරයෙකි. මෙවන් වාතාවරණයක් යටතේ කුමක් සිදුවේදැයි අපි දැඩි විමසිල්ලෙන් බලා සිටිමු...

:       8       62

යෝගා Monday, 13 September 2021 05:45 PM

විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සහ ඔවුන්ට ගෙවන්නේ කවුද කියලා විපරම් කලොත් කෑගහන අයට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි..

:       8       51

Nuwan Monday, 13 September 2021 05:52 PM

ඕක හරියට අර පාකිස්තානයේ අගමැති පිනවන්න මුස්ලිම් මළ සිරුරු වළලන්න එක රැයෙන් අවසර දුන්නා වගේ...

:       22       68

LankaTuesday, 14 September 2021 09:26 AM

මුස්ලිම් අය බහුතරයක් භූමදානය වුනාට එතන බොදු , කිතුනු දෙමල මළසිරුරුත් තියෙනවා. ලෝකේ හැම රටකම භූමදානයට අවසර තියෙද්දී ලංකාවේ විතරයි මේ සෙල්ලම.

:       36       10

Prase Tuesday, 14 September 2021 12:54 PM

ඒකට හේතුව අපේ රටේ මිනිස්සු බොන්නේ ළිංවතුර. පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා වෛරස් එක ජලයට එකතු වෙනවා කියලා. අනිත් රටවල්වල මිනිස්සු බොන්නේ ෆිල්ටර් කළ වතුර. අපේ මිනිස්සුන්ට එහෙම බොන්න සල්ලි නෑ. දුප්පත්, අහිංසක මිනිස්සු රට හැමතැනම...

:       6       44

BamunuarachchiTuesday, 14 September 2021 02:22 PM

එ්ක අපේ ක්‍රමය... ලෝකේ කරන හැමදේම අපි කරන්නේ නැහැ. කාගේවත් මළ සිරුරට අන්දන්නේ නැතුව ඉන්න.

:       3       2

Sunil Monday, 13 September 2021 06:03 PM

මේ ආණ්ඩුවට කවුරු හරි ආයෙත් ඡන්දය දෙනවා නම් ඒ මනුස්සයෙක් වෙන්න බැහැ.. ඊටත් එහා ගිය එකෙක් වෙන්න ඕනේ...!!!

:       82       71

SunilMonday, 13 September 2021 07:09 PM

කොහොම අවසානයක් වෙයිද දන්නේ නැ

:       24       32

JAYASEKARATuesday, 14 September 2021 09:30 AM

අනේ ඔව්. ආයෙත් ආණ්ඩු බලය අරෝගොල්ලොන්ට දීලා අන්තවාදීන් පෝෂණය කරලා බෝබ්ම කකා ඉමු

:       18       77

බද්රානි Monday, 13 September 2021 06:36 PM

ප්‍රහාරයේ සියලු තොරතුරු ලැබී ඇති මොහොතක, හිටපු, ජනාධිපති මෙන්ම මේ රටේ හිටපු ආරක්ෂක ඇමැති මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සඳහා ඔහුට සිතාසි යවා තිබේද? එසේ, නොමැති නම් අපට අවබෝධ වන කාරණය වන්නේ, මේ ප්‍රහාරයේ මහා මොලකරුවන් සහ මේ පුද්ගලයා අතර සමීප සම්බන්ධතාවයක් තිබුණු බවයි. " සොනික් සොනික්" යන අන්වර්ත නාමයෙන් සිටින බුද්ධි අංශ නිලධාරියා කවුද? සිතාසිය කෙසේ වෙතත්, මේ ආත්මෙදී මෙන්ම උපදින හැම භවයකම මොවුන්ට හා මොවුන්ගේ පරම්පරාවටම ශාප වේවා...!!!

:       69       53

mohomed agarapatana Monday, 13 September 2021 06:47 PM

මහ මොළකරුවන් නිදැල්ලේ... නිකන් වැඩකට නැති හාල් මැස්සෝ කූඩුවේ... කාවද රවටන්නේ...?

:       59       49

සිරිබිරිස් Monday, 13 September 2021 07:05 PM

තවත් නාඩගමක් එසේ නිමාවට පත් විය.

:       32       26

Roshan Monday, 13 September 2021 07:40 PM

ඉතාලියෙදි ලැබුන හූ හඩ....බලමු මේකත් නාටකයක්ද කියලා

:       40       34

hesa Tuesday, 14 September 2021 01:22 AM

මේ තාක් කල මිනී මැරුම්, කොල්ලකෑම්, ආදි ඇතුළු රටේ අගාධයම උදෙසා කල සියළු නොපනත් කම් කල, මෙතුවක් නීතියෙන් බේරී සිටින සියල්ලන් හටම, ඡාති ආගම්, පක්ෂ භේදයකින් තොරව, සොබා දහමින් නිසි දඞුවම් ලැබෙන්න ඕන කියල තමයි පතන් ඕන..

:       1       49

nihal Tuesday, 14 September 2021 02:42 AM

මේක ඉක්මනින් ඉවර වෙනවානම් හොඳයි.

:       23       6

BamunuarachchiTuesday, 14 September 2021 02:23 PM

මොකක්ද තිබෙන හදිස්සිය? ප්‍රහාරයක් එන බව කලින් දැනගෙන එය වළක්වන්න කටයුතු නොකරගත්ත මිනිස්සු නඩු දාන්න කලබල වෙන්නේ ඇයි? අපිට කිසිම කලබලයක් නැහැ...

:       3       35

naushiTuesday, 14 September 2021 02:55 PM

ඔව් ඉතින් බමුණු උන්නැහේට මොකද හදිස්සිය? මැරුණු අය එයට සම්බන්ධ අය නොවෙයිනේ..

:       18       3

Don perera Tuesday, 14 September 2021 03:32 AM

නව ඩ්‍රාමා එකක් පටන්ගැන්ම.

:       18       17

fairoos Tuesday, 14 September 2021 01:26 PM

එතකොට මේ අය තවම එළියෙද ඉන්නේ? දැන් ඉතින් කබ්රාල්ට නිදහසේ මහබැංකු අධිපති වෙන්න පුළුවන්.

:       14       2

ලලිත් ප්‍රේමලාල් Tuesday, 14 September 2021 01:59 PM

මේකත් අර ඉතාලි කලු කොඩි විරෝධයට දාන තිරෙන් එහා ජවනිකාවක් මිසක් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පුද්ගලයින් වෙනුවෙන් අවංකව කරන දෙයක් නොවන බව ඕනෑම මෝඩයෙකුට තේරෙන දෙයක්.. කොහොම නමුත් ලාංකික මිනිස්සුන්ව නැවතත් මේ ආණ්ඩුව බලයට ගේනවා නම්.. ඔලු ගොඩවල් හෝදලා මොල ගොඩවල් වලට ගොම එක් කළ යුතුයි.

:       18       6

Siri Wednesday, 15 September 2021 06:54 AM

ඇයි හිටපු නීතිපති ගෙන්වන්නේ නැත්තේ?

:       10       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 456 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 904 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1072 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 606 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 615 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site