IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ප්‍රහාරකයන් සහ ප්‍රහාරය වලක්වා නොගැනීමට ක්‍රියා කළ අය ඒකාබද්ධව මෙය කළා දැයි සැකයක් තිබෙන තත්ත්වය යටතේ හෙටත් රට අනාරක්ෂිත බවද දිසානායක මහතා කීය.

මෙම කාරණය කාලය විසින් හෝ දේශපාලනය විසින් යටපත් විය යුතු කරුණක් නොවේ යැයිද  පරීක්ෂණ වලින් මේ ගැටලුව නිවැරදි විය යුතු යැයිද ද දිසානායක මහතා පැවසීය.

ජන වරමක් නැති වත්මන් ආණ්ඩුවට එය කළ හැකිදැයි ප්‍රශ්න කළ දිසානායක මහතා  ජනවරම නියෝජනය කළ ජනාධිපති ගෝඨාභය මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂත් ජනතාව විසින් පලවා හැර තිබෙන බව කීය.



අදහස් (8)

පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා

මහසෙන් Thursday, 25 April 2024 02:18 PM

බයියා නායකලා ගියා.දැන් එන්නේ කයියනායකලගේ වාරේ.එක්කෙනක් කීවා ඊයේ එයාගේ ආණ්ඩුවක් එනවා කියලා මාස 6කින්. එයා ජනපති වෙලා ඉවරයි. මෙයා බුකියේ ජනපති වෙලා ඉවරයි.මේක මේ කපේට අල්ලන් නෑ.

:       52       38

NissankaThursday, 25 April 2024 02:38 PM

මේක වුණේ සජිත් ඇමැතිකමක් දරපු රජයක් යටතේ කියන එක අමතක කරන්න එපා.

:       11       45

Kumara Thursday, 25 April 2024 02:36 PM

මේ නින්දිත ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇත්තේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පමණි.

:       35       48

සමන් Thursday, 25 April 2024 02:52 PM

ජෙප්පන්ටත් වෙලා තියෙන්නෙත් ඒකමයි. මුන් මිනීමැරුවා, බස් ගිනි තිබ්බා, ට්‍රාන්ස්පෝපෝමර් පිපිරෙව්වා, වැඩපලවල් වැස්සෙව්වා, පච වැපිරෙව්වා. ඒ නිසා අද වෙනකම් ඡන්දයක් දිනාගන්න බැරි වුණා. කයිය ණායක ළපයට ලබන සැරෙන් ඕකමයි.

:       41       35

ලලිත් පුෂ්පකුමාර Thursday, 25 April 2024 03:06 PM

මේ අපරාධය දේශපාලන බලය ගන්න කරපු කුමන්ත්‍රණයක් කියලා දැන් ජනතා අධිකරණයේ ඔප්පු වෙලා තියෙන්නෙ.

:       17       49

Ajith Thursday, 25 April 2024 07:42 PM

අපි බලමු කොච්චර කාලයක් මේ පාස්කු ප්‍රහාරය විකුණාගෙන කන්න ඔබලාට පුළුවන්ද කියලා... ඔය ඔක්කෝම පක්ෂවල අයට කියන්නේ...!

:       0       1

සමන් විමල් Thursday, 25 April 2024 08:47 PM

පාස්කු ප්ප්‍රහාරයට මාස හයකට පම ණ කලින්ම පැවති පලාත් පාලන චන්දෙන් පැවති විපක්ෂය විශිෂ්ඨ ජයක් ලබා තිබුණා .ජෙවීපියට බලය තිබූ එකම පලාත් පාලන ආයතනය ත් ඔවුන්ට අහිමි උනා. රනිල්ගෙ ඔඩොක්කු කුක්කෝ වෙලා හිටපු කාලේ නේ.

:       4       1

Bamunuarachchi Friday, 26 April 2024 04:05 AM

අනුර ගොයියා හදන්නේ පාස්කු ප්‍රහාරය විකුණලා ගොඩ එන්න.

:       5       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මරුවා සමග සංගීතය බලන්න ගිය දරුවා
2024 මැයි මස 05 44 0

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී 17 හැවිරිදි බාල වයස්කරුවකු ඝාතනය කර ඇති බව පානදුර උතුර ප


බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 1062 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 1474 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 915 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා
2024 මැයි මස 04 565 0

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.


ලොහාන්ගේ සහායත් රනිල්ට
2024 මැයි මස 04 988 0

ඉදිරි ජනාධිපතිවරණයේදී යනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1931 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1701 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site