
(ජනුර් කිචිලාන්)
කුරුණෑගල මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය අසල කුරුණෑගල දුම්රිය හරස් මාර්ගය ආවහිර වන අයුරින් දැව පටවාගත් විශාල ලොරියක් දුම්රිය ධාවනය අවහිර වන පරිදි මාර්ගයේ එරී තිබීම හේතුවෙන් සිදුවිමට ගිය විශාල දුම්රිය අනතුරක් වලක්වාගැනිීමට දුම්රිය මාර්ගය අසල සිටි පුද්ගලයෙක් කටයුතු කළේය.
මොරටුව දක්වා දැව රැගෙන යන ලොරියක් දුම්රිය මාර්ගය හරස්වන පරිදි එරී ඇති අතර එය දුටු හැඟව පාසලේ මුරකරු වූ අජිත් කීර්ති වික්‍රමසිංහ මහතා ඒ වන විට මන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය පැමිණෙන බව දැනගෙන දුම්රිය මාර්ගය ඔස්සේ ඉදිරියට දිව ගොස් ඉදිරියෙන් එන දුම්රියට ඉදිරියෙන් අනතුරක් බව දුම්රිය රියැදුරට දැනුම් දී ඇත.
දුම්රිය රියැදුරා වහා ක්‍රියාත්මකව ඉදිරියට එන පුද්ගයා දුම්රියට පැනීමට එන්නේ දැයි සැකසිතී දුම්රියේ වේගය තරමක් අඩු කර ඇත. දුම්රිය එම පුද්ගලයාට ළඟාවත් ඔහු දුම්රිය මාර්ගයෙන් ඉවතට පැණිම නිසා ඉදිරියේ අනතුරක් බවට වටහා ගත් දුම්රිය රියැදුරා දුම්රිය රියැදුරා ලොරි රථය එරි තිබූ ස්ථානයට මිටර 20 ක් පමණ දුරින් දුම්රිය නවත්වා ගැනීමට හැකී තිබේ.
මේ හේතුවෙන් කොළඹ සිට යාපනය දක්වා ධාවනය වන යාල්දේවි ඇතුළු දුම්රිය කීපයක් පැය එකහමාරකට ආසන්න කාලයක් කුරුණෑගල දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුවු බව කුරුණෑගල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවැසීය.

2025 නොවැම්බර් මස 21
106
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාසල් මුරකරුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැලකුණු දුම්රිය අනතුර