IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පාලම් 74ක වැඩ දඩිබිඩියේ ඉවර කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති පාලම් 74ක වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත දිවයින පුරා පාලම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු 326 ක් පිරිනැමීම සඳහා 2021-02-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ වන විට වැඩ ආරම්භ කර නොතිබූ පාලම් 184 ක ඉදිකිරීම් කටයුතු නතර කිරීමට 2022 වසරේදී තීරණය කර ඇති අතර, ඉතිරි පාලම් 142 න් 45 ක වැඩ මේ වන විට නිම කර තිබේ. තවත් පාලම් 23ක වැඩ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇත. 

අදාළ ප්‍රදේශ වල ගමනාගමන කටයුතු වලදී මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අපහසුතා අවම කිරීමේ අරමුණින් ඉතිරි පාලම් 74ක වැඩ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් යළි ආරම්භ කර, ඒවායේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

පාලම් 74ක වැඩ දඩිබිඩියේ ඉවර කරන්න යයි

SW Tuesday, 18 November 2025 01:31 PM

දවසේ බයිලාව 1. කෝප් කමිටුවෙන් අහවලා මෙච්චර ගසා ඇත. 2. කැබිනට් තීරණ චූන්. ඔය කියපු කැබිනට් තීරණ එකක්වත් කරලා නම් නෑ

:       1       2

Bunny Preena Tuesday, 18 November 2025 02:53 PM

පළාත් සභා ඡන්දයත් ළඟ ළඟම එනවා නේ කොහොම හරි කමක් නෑ පොඩි මිනිසාට හොඳක් සිදු වෙන නිසා අවුරුද්දක් පස්සේ මොනවා හරි ඡන්දයක් තියනවා නම් හොඳයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 889 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site