IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු කුස්සිය නරකාදියක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ කුස්සිය   ඉතාම අපිරිසුදු නරකාදියක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වාර්තාවෙන්  තහවුරු වීමෙන් පසු තමන් ඉන්  සලාද කෑම පවා නැවැත්වූ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා පැවසීය.

මේ වාර්තාව දැක මන්ත්‍රීවරුන්ගේ ද බඩ දඟලන්නට ඇතැයි තමා සිතන බව පැවසූ  කතානායකවරයා සමහර ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු රසකාරක යොදා සකස් කර තිබූ බවට තහවුරු වූයේ යැයිද   ප්‍රකාශ කළේය.

" අපි ඉන්නේ මේ වගේ රටක"  යැයිද  ඔහු කීවේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ   පොළොන්නරුවේ සහ කදුරුවෙල  ආහාර නිෂ්පාදනය  ආයතන ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන්  පොළොන්නරුවේ  පැවැති  වැඩසටහනකදීය.

පාර්ලිමේන්තුව ආරම්භ වූ දා සිට මේ දක්වාම වසර හතළිහකින් එහි  මුළුතැන්ගය  පරීක්ෂාවට ලක්වී නොතිබූ බවත් තමා පසුගිය අප්‍රේල් මාසයේදී  මහජන පරීක්ෂකවරුන් යොදවා පරීක්ෂා කළ  අවස්ථාවේදී එහි අපිරිසුදු තත් වය හොඳින්ම  දැකගත හැකි වූ බවත්
ඔහු ප්‍රකාශ කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තු කුස්සිය පරීක්ෂා කිරීමට කිසිම දිනක අවස්ථාව සලසා දී නොතිබුණු බවද එතන වෙනම අධිරාජ්‍යයක් බවද වික්‍රමරත්න මහතා පැවසීය.

මහජන පරීක්ෂකවරුන් තමාට පාර්ලිමේන්තු මුළුතැන්ගෙය සම්බන්ධයෙන් වාර්තාවක්  දුන් බව පැවසූ කතානායකවරයා එම වාර්තාව තමා පාර්ලිමේන්තු  ගෘහකාරක  සභාවට  පසුගියදා  ඉදිරිපත් කළ බවද ප්‍රකාශ කළේය

උත්තරීතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් පනතක් සම්මත කරන වෙලාවේ මන්ත්‍රීවරුන් මේවා කාලා බඩේ අමාරුව හැදුණොත්  බරපතළ  ප්‍රශ්නයක් මතුවන බවද කතානායකවරයා පැවසීය

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි මීයන් කැරපොත්තන්  දුවපු සලකුණු පවා හමුවූ බවත්  සමහර හට්ටි වලං කළු පාටට  ජරාව  බැඳී ඉතා අපිරිසිදු  තත්ත්වයේ තිබූ බවත්  ඔහු කීවේය.

සමහර භාජන  තැලී පොඩිවී නැවී තිබූ බවත් මුළුතැන්ගෙයි බිම පවාකැඩී ගොස් තිබූ බවත් කතානායකවරයා  කීය.

මේවා කතා කරනකොට නිලධාරින් අමනාපවී පී.එච්.අයි  කියා     අපහාස  කරමින් තමාට එරෙහිව විවිධ අයුරින් ද්‍රෝහීකම් කරන බවද  සඳහන් කළේය.

" අපි දැන් විශේෂ කමිටු පත් කරලා මේ තත්වය නැති කරන්න කටයුතු කරගෙන යනවා"  යැයි  කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

පාර්ලිමේන්තු කුස්සිය නරකාදියක්

කෞෂි Saturday, 20 September 2025 10:15 AM

ඌරෝ රජකරපු රාජ්‍යයක පිරිසිදුකම හොයන එක වැරැද්දක් තමයි. ඌරෝ කැමැති .... කන්න. මෙතැන කමෙන්ට් දාන අයත් ඉන්නවා ඒ කෑමට කැමති...

:       0       0

ගුණරත්න Saturday, 20 September 2025 10:37 AM

රාජ්‍ය ආයතන නොවේ... ඒවා මූලික ආයෝජනයට පස්සේ සත පහක් යොදවන්නේ නැහැ. අවශ්‍ය පිලිසකර කිරීම් සඳහා... උපයන ආදායම මදි... වියදම පියවන්න. ඉතින් ජරාජීර්ණ වෙනවා තමයි. හැම රාජ්‍ය ආයතනයකම තත්වය මේක තමයි...

:       0       0

ravin Saturday, 20 September 2025 10:40 AM

පහුගිය කාලේ ඔතැන හිටපු වැඩි දෙනා ඕනෑම අසූචි ගොඩක තියන දේවල් අහුලාගෙන කාලා පුරුදු වෙච්චි අය නේද? ඉදිරියටවත් එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නෙමු...

:       0       0

Chinthaka Saturday, 20 September 2025 11:32 AM

නිලධාරින් අපහාස කළා නම් විනයානුකූල කටයුතුකර සේවයෙන් පහකිරීමට කටයුතු කරන්න.

:       0       0

රනේ Saturday, 20 September 2025 11:50 AM

හිටපු උන්ට හරිගියේ ජරාවෙන් තමයි!

:       0       0

Thilakarathna Saturday, 20 September 2025 01:56 PM

බුද්ධ කාලයේ හිටපු ප්‍රධාන දායිකාව විවාහකර දෙද්දී පියතුමා අවවාද කීපයක් දුන්නා කියලා තිබුණා. ඒ අතරින් එකක් තමයි ගෙදර ගිනි පිටතට නොදෙන්න කියලා මේ දොස්තර මහත්තයා තරහාවෙලා නහය කපාගත්තා වගේ රට වටේ ඇවිදිමින් තමන් තැන තැන අඩුපාඩු කියවනවා. අඩුම ගානේ දැන් වත්මනේ පාර්ලිමේන්තුව පත්වෙලා මාස කීපයක් වෙනවානේ මෙතෙක් කලක් අඩුපාඩු හදාගන්න බැරිවුනේ තවමත් විපක්ෂයේ ඉන්නවා කියලා හිතිලාද රට වටේ කියලා ඇතිවෙන සෙතේ මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31595 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13958 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site