
(ගයාන් සූරියආරච්චි)
ජපානයේ සිටින ප්රබල මත්ද්රව්ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ශම්මි නැමැත්තාට අයත් රුපියල් ලක්ෂ 6 කට ආසන්න කොකේන් තොගයක් සමග සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
සැකකරු රුපියල් ලක්ෂ 2 ක මාසික කුලිය මත උස්වැටකෙයියාව ප්රදේශයේ නිවාස සංකීර්ණයක සහ රුපියල් එක්ලක්ෂ හැත්තෑපන් දහසක මාසික කුලිය මත අතුරුගිරිය ප්රදේශයේ තට්ටු නිවාසයක ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරු ගනේමුල්ල ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
රාත්රී සමාජ ශාලාවලට සහ ප්රිය සම්භාෂනවලට සංගීත ශිල්පියකු මත්ද්රව්ය සපයන බවට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සම්පත් රත්නායක මහතාට ලද තොරතුරක් මත කළ විමර්ශනවලදී සැකකරු උස්වැටකෙයියාව ප්ර දේශයේ නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු සංගීත ශිල්පියකු ලෙස පෙනී සිටිමින් මත්ද්රව්ය ජවාරමේ නිරතවී ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු පමුණුගම පොලිසියට බාරදී ඇති අතර රැදවුම් නියෝග මත ප්රශ්න කිරීමට නියමිතය..
බස්නාහිර පළාත් උතුර බාර නියෝජ්ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීම පරිදි කැලණිය කොට්ඨාස I භාර පොලිස් අධිකාරී ප්රසාද් සුබසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සම්පත් රත්නායක, පොලිස් සැරයන්වරුන් වන (67681) දසනායක, (73251) ජයලත්, (15109) රාජපක්ෂ, (30378) කුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන (83780) විමුක්ති, (101946) උමේෂ්, (18016) විරාජ් යන නිලධාරීන් එම වැටලීම සිදුකළ අතර පමුණුගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉමල්ක සංජීව මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd