IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පා පැදියෙන් වැඩට ආවොත් වාසි ගොඩක්

(ඩයනා උදයංගනී)

පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා  පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය

වායු දූෂණය අවම කිරීමේ පියවරක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා  ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබා දීමේ නියාමණ වැඩ සටහනක් හඳුන්වා දීමට ද තීරණය කර ඇතැයි අමාත්‍යවරයා කීවේය.

නගරවල වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන වාහනයක් වෙනුවෙන් එක් කිලෝමීටරයක් සඳහා රජයට රුපියල් 103.56ක වියදමක් දැරීමට  සිදුව ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පාපැදි භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා Ride for Life සංවිධානය විසින් ක්‍රියාත්මක කර තිබෙන සුව දිවියට පාපැදිය වැඩ සටහන සම්බන්ධව අද (26) සාකච්ඡාවකින් පසු පැවැති මාධ්‍ය හමුවක දීය.

 පාපැදිය භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Ride for Life සංවිධානය වෙනුවෙන් වෛද්‍ය අසේල අබේධීර මහතා ද මෙහිදී අදහස් දැක්වීය.



අදහස් (17)

පා පැදියෙන් වැඩට ආවොත් වාසි ගොඩක්

fairoos Wednesday, 26 January 2022 04:37 PM

ගොන් කරත්තත් ගෙනාවොත් හොඳයි වගේ.. දැන්නම් සැපයි.

:       50       29

BamunuarachchiWednesday, 26 January 2022 06:47 PM

නියමයි අදහස.. හරක් බලන්න, හරක් මරන්න ඕනේ නැහැ. හොයාගෙන ඇවිත් නහය විදලා මගේ පරණ කරත්තෙට ගන්නම්... මෙතැනම දෙන්නෙක් ඉන්නවා..

:       0       0

BamunuarachchiWednesday, 26 January 2022 06:58 PM

හම්බයින් මෙරටට එන්න කලින් මේ රටේ ගොන් කරත්ත තිබුණේ. දැන් අපිට ගොන් කරත්ත ගැන කියලා දෙන්න එනවා. නහය විද්දොත් කරත්තෙකටම තමයි හොඳ... හැබැයි කලිසමක් හරි සරමක් හරි නැතිනම් අමුඩයක්වත් අන්දන්න වෙනවා...

:       0       0

BamunuarachchiSunday, 30 January 2022 09:03 AM

අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ භාෂාවට මුල්තැන දීමද? දැනුම ලබා ගැනීමද? සිංහල භාෂාවට මුල්තැන දීමට තමයි 1956 සිංහල භාෂාව රජයේ භාෂාව කළේ...

:       0       0

කමල් ජයකොඩි Wednesday, 26 January 2022 04:56 PM

රජයට රු 339.98 ක් ලාබයිනම් ඕකෙන් 50%ක් (රු 170.00) දෙනවා කිව්වා නම් මිනිස්සු පුස් බයිසිකල් එකෙන් වැඩට යයි...

:       0       35

BamunuarachchiWednesday, 26 January 2022 06:53 PM

යාපනේ ගැහැණු ළමයි පවා පාසල් යන්නේ බයිසිකල්වලින්... ඔවුන්ට පාසල් වෑන්, බස් ප්‍රශ්න නැහැ. ඇත්තටම ජාති බේදයෙන් තොරව ප්‍රභාකරන් රට කරන්න ඉල්ලුවා නම් දෙන්න තිබුණා. ඒ පවුලම ඒ කර්තව්‍යට කැපවෙලා හිටියා..

:       0       0

ගමේ එකාලා Wednesday, 26 January 2022 05:21 PM

දියවන්නාවේ උන්දෑලාටත් ඔය ටිකම කියලා දුන්නානම් තවත් වැඩිපුර ඉතුරු කරගන්න බැරියැ...

:       1       39

සුරවීර Wednesday, 26 January 2022 05:38 PM

මාර්ගවල අධික ලෙසට වාහන තදබදය ඇතිවීමට ස්වයංක්‍රීය සිග්නල් ක්‍රියාත්මක නොවීමත්/ සමහර අවස්ථාවල ඒවා ක්‍රියා විරහිත කර අතින් සිග්නල් දීමත් බලපානවා කියලා... පෙර ගමන් රථයක් නැති වාහනවල යන අයටත්, පදවන අයටත් හොඳින්ම පේනවා. මෙය නතර කළොත් වැයවීම සුලු ගණනක් අඩුකරන්න පුළුවන් වේවි..!

:       0       0

Pradeep Kumara Wednesday, 26 January 2022 05:43 PM

ඕක ඔබතුමාලා ක්‍රියාවෙන්ම පෙන්නුවොත් නරකද? එක සැරයක් කළා වගේ සැප වාහන පස්සෙන් ගෙන්නගෙන මාධ්‍යවලට පෙන්නපු සංදර්ශණය වගේ නොකර සැබෑවටම... එහෙම කළොත් ජනතාව ඔයාලව ආදර්ශයකට ගනීවි...

:       0       32

jaya Wednesday, 26 January 2022 05:47 PM

V8 නෙවෙයි, බැකෝ එක පැද්දත් කිලෝමීටරේට 236.48යි යන්නේ.... කවුද මේ ගණන් දෙන්නේ..?

:       0       14

Prabha Wednesday, 26 January 2022 09:50 PM

කිලෝමීටර 1ට දහනය වන ඉන්ධන ප්‍රමාණය ගැන නොවේ. ඔය කියන්නේ මාර්ග තදබදය නිසා වැයවන වියදම ගැන.

:       0       0

de silva Wednesday, 26 January 2022 07:06 PM

1990 ගණන්වල මුල පාපැදියෙන් ගමන් ගිය ඔබ අද ගමන් කරන වාහන සහ හම්බකර ඇති මුදල් කන්දරාව.., පෙට්‍රල් ෂෙඩ් ගණන දෙස බැලුවාම ඔබ කියන කතා අහලා හදන්නද? හිනාවෙන්නද? කියලා හිතාගන්න බැහැ.

:       0       0

කිරි පුතා Wednesday, 26 January 2022 07:12 PM

පාපැදි සඳහා වෙනම මං තීරුවක් සැකසීම පළමු කාර්යය විය යුතුයි. ඉන්පසු ප්‍රධාන නගර තුළ මෙය ක්‍රියාත්මක කළ හැකියි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා පළමු ආදර්ශය සැපයීම සුදුසුයි. ආරක්ෂිිත හේතුන් මත ජනාධිපති අගමැති ආරක්ෂක ඇමති හැර...!

:       3       33

lakvidu Wednesday, 26 January 2022 08:21 PM

හයිවේ එකෙත් බයිසිකල් යන්න දෙමු නේද? අනේ මේ වගේ ගොන් තඩි..!

:       19       7

SM Wednesday, 26 January 2022 09:00 PM

සමහර විදේශ රටවල වගේ ඔබතුමන්ලාටම ආදර්ශය දෙන්න බැරිද?

:       0       0

Nilanka Wednesday, 26 January 2022 09:44 PM

වැඩසටහන නම් ඉතාම හොඳයි... නමුත් පාපැදි අමතර කොටස් සහ ඒ වගේ බඩුවල ගණන් ඉතාම වැඩියි. ලංකාවට අඩුම ගානේ බයිසිකල් ගෙන්නන්නවත් දැන් බැහැනේ. ඒව‍ාට ඉඩ දුන්නොත් මේ වැඩේ ඉතාම සාර්ථක කරගන්න පුළුවන්. පාපැදි ගෙන්වීමේදී tax එක අයින් කළ යුතුයි. දැනට වෙළඳපලේ පවතින 700 සී වර්ගය ටයරයක් රුපියල් හත්දහස් පන්සියයක් පමණ වෙනවා. මෙම ගණන් පාපැදිකරුවන් වශයෙන් දරා ගැනීමට අපහසුයි. අපත් සමග සම්බන්ධ වුණොත් මේ මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපටත් පුළුවන් ඔයාලාට සහාය දෙන්න.

:       0       0

Chandrasekar . c.m.s Thursday, 27 January 2022 07:30 AM

මේක හොඳ අදහසක්.. අපිට මේක සාර්ථකව කරන්න පුළුවන් නම්, පාපැදි අඩු මිලට දෙන්න නිසි වැඩපිළිවෙළක් යොදනවා නම් හරි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 26 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 178 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 67 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 495 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 664 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 356 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site