(මනෝප්‍රිය ගුණසේකර)

පෙළපාලියකට සහභාගී වූ පිරිසක් වෙනුවෙන් දැරූ වියදම සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ගෙවීමට එහි සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් කිරීම ඇතුළු චෝදනාවකට වරදකරු වූ හිටපු  සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහයිල් මහතා වසර 14ක  බරපතල වැඩ සහිත සිරදඬුවමක්  නියම කළේය. 

චෝදනා දෙකක් සඳහා නියම වූ වසර 14ක කාලය වසර හතක කාලයක් තුළ  ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.