දකුණු පළාතට පැවති මහා වැසි දැන් නැවතී තිබේ. නිල්වන් මහා වන ලැහැබ මේ වන විට දුඹුරු වර්ණයෙන් දිස්වී තිබේ.
හිරු කිරණද වෙනදාට වැඩියෙන් පොළව මතට පතිත වී මිනිසුන්ටද වන සතුන්ටද දැඩි පිපාසයක් ඇති කරවමින් පරිසරය වෙනස්කම් සිදු කරමින් පවතී.
කතරගම හම්බන්තොට දිස්ත්‍රික්ක හා ඌව පළාත්හි නියඟයේ ආරම්භය පැමිණ තිබේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙනුයේ යාල අංක 3 කලාපයට අයත් ගල්ගේ වනයේ දිය සොයා ඇවිද යන මුව නාම්බෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පායන කාලෙට මස් වැද්දන්ට රජමගුල් වතුර හොයන් එන සතුන් මරන් කන්න ආත්ම ගානක් වන්දිගේවන්න වෙන කරුම ඕව සල්ලි වෙනුවෙන් මිනිස්සු පිරිහෙන හැටි (කෞ)
සංයුත්ත නිකායේ වනරෝපා සූත්‍රයට අනුව වනයන් ආරක්‍ෂා කරමින් තුරුලතා වර්ධනය කරන්නන්ට දිවා රාත්‍රි පිං වැඩෙන කාර්යයක් බව දක්‌වා ඇත. පරිසරය සංරක්‍ෂණය සේම මල්වතු උයන්වතු තුරුලතා වැටීමටද බුදුන් වහන්සේ උපදෙස් දුන්හ. ඒවා දින රාත්‍රි පිං වැඩෙන පුණ්‍ය කර්ම වශයෙන්ද දේශනා කළහ. (අ)
පැරකුම් රජුගෙ වැසි බිදුවේ උතුම් වදන්.......... සිංහල අපට අමතකවී ගියත් සිතින්..... ප්‍රංස පොතේ රන් අකුරින් තවම ලියන්......දරුවන් හටත් පෙන්වයි අපේ උතුම් කෙරුම්!......(බ)
අසාද්,නරකද ඕක තම ආගමේ පල්ලි මට්ටමෙන් ජනතාව ඉදිරියට ගෙනගොස් අර විල්පත්තු වන විනාශය නතර කලානම්? (අ)
සමහර මිනිස්සු සත්තුන්ටත් වඩා සත්තු. අනේ මේ මුවා කාට හරි ගොදුරක් වුනොත්,පව්........(බ)
මිනිස්සු වන අපි ගස්කොලන් විනාස කරනවා.ඒවායේ ප්‍රතිවිපාක විදින්නේ අසරණ අහිංසක සතුන්.මිනිස්සු ගසක් කපන්න කලින් හිතන්න ඕනේ අනාගතයේ අපේ දරු පරපුරට මොනවාද ඉතිරි කරන්නේ කියල.(ම)
මිනිසුනේ මේ අහිංසකයාට ගිනි පිබින්න නම් එපා , මොන තරම් සුන්දර දසුනක්ද ? (ම)