අවුරුද්දක් වයසැති තම පුතා බිරිඳගේ දෑස් ඉදිරිපිට දී ම තුන් වතාවක් පොළොවේ ගසා මරා දැමූ පියාට අම්පාර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද මරණ දඩුවම නියම කලේය.
අම්පාර මහඔය, කැකිරිහේනේ ටී.එම්.විමලදාස 2014 මාර්තු 26 දින හෝ ඊට ආසන්න දිනක කාවින්ද ප්‍රබෝද් තෙන්නකෝන් දරුවා මරා දැමීයැයි වරදකරු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ගල ගහන්ට තියන්නේ (අ)
ඇත්ත තිත්තයි. ඉනෝකා ඔයාගේ කතාව හරි. ලංකාවේ වැඩි හරියක් මානසික ලෙඩ්ඩු (බ)
මොවුන්ට දෙන්න අලුත්ම ජාතියේ දඬුවම් හදන්න ඕනෑ (නි)
දැන් දිගටම මරණ දඬුවම නියම කරනවා. එහෙත් ක්‍රියාත්මක නොකර වැඩක් නැහැනේ (නි)
කල්ප ගානකට මේ පව ඇති විඳවන්න. (බ)
මිනිස් ආත්මයක් ලද මිනිසෙක් නේද? නමුත් මෙය තිරිසන් සතෙකුටවත් කරන්න පුළුවන් වැඩක්ද?අනේ! අපේ ලංකාවේ මිනිසුන්ට මොනවාද මේ වෙලා තියෙන්නේ? (නි)
මේක අපේ ධර්මද්වීපයමද? (නි)
ඉනෝකා, ලංකාවේ මිනිස්සු කිවුවහම ඔයත් අයිතිනෙ. ඒ නිසා ලංකාවේ මිනිස්සු කියලා කියන්න එපා. ලංකාවේ සමහර මිනිස්සු කියන්න. මොකද අපිට කූඹියෙක්වත් මරන්න හිතෙන්නේ නැහැ. (නි)
මෙවැනි පව්කාරයන්ට පෝරකය හැර වෙනත් මඟක් නොමැත. (නි)
මෙහෙම කුරිරු වෙන්න පුලුවන්ද මිනිසුන්ට? (නි)
තමන්ගේ දරුවා මරණ තාත්තලා ඉන්න රටක්. (බ)
මොහුටත් ඒ වේදනාව දැනෙන්න අරින්න ඕනෑ (නි)
ගල් ගහල මරන්න ඕන, කන්න බොන්න දීල තියාගන්න ඕන නැහැ (බ)
මේ වගේ අය ගල් ගසා මරන්න බැරිද? මැරුවත් ඒකටත් කවුරු හරි පව් කියයි (බ)
අද මිනිස්සු පුදුම පීඩනයකින් ජීවත් වෙන්නේ , ඒ පීඩනයත් එක්ක එයාල හරිම ආවේගශීලීයි. ඒ වගේ ආවේගශීලී වීමක භයානක සහ අවාසනාවන්ත සිදුවීමක අවසාන ප්‍රතිඵලය.(ම)
මිනිසුන් මෙසේ තිරිසන් වන්නේ ඇයි? (නි)
කළ අපරාධයට මරණ දඬුවම දියයුතුමයි. (නි)
ලංකාවේ වැඩිහරියක් දෙනගේ හක්කේ බොදු රස, බොක්කේ දඩ මස්. මම නම් මෙවැනි අසත්පුරුෂයන් ඉන්න රටක නො ඉපදේවා කියල ප්‍රර්ථනා කරනවා. (ස)
පාලිතගේ කතාව හරි. මොහුටත් ඒ වේදනාව දැනෙන්න අරින්න ඕනේ. පොලවේ ගහලා මැරුවනම් හරි (බ)
ලංකාවේ මිනිසුන් කීවාම ඔබතුමන්ලාගෙත් හිත රිදුනාද?මම දුරු රටක සිටියත් මගේ හිත තිබෙන්නේ ලංකාවේ කියලා මා මෙය ලියන්නේ කඳුළු පිරි දෙනෙතින්. (බ)
ආනන්තරිය පාප කර්ම. ඔය මිනිහා කරපු අපරාධයට මැරෙන කම් විඳවනවා ආයෙත් මනුෂ්‍ය ආත්මයක් නම් නොලැබේවා.. (ම) ,
මේක ලෝක වාර්තාවක් යන්තම් අවුරුදකුත් මාස ගාණකින් මිනීමැරුම් නඩුවක තීන්දුව දීලා.කොහොම වුනත් මේ වගේ තිරිසන්නු නම් සමාජයටම මහා පිළිලයක් (බ)
මෙවැනි දේ සිදු නොවන්නට කළ හැකි සුදුසුම දෙය දඬුවමට වඩා සමාජ, ආර්ථික සහ අධ්‍යාත්මික පරිවර්තනයක් මගින් කළ හැකි වෙනසයි. මෙතෙක් ඒ වෙනුවෙන් ඍජු මැදිහත්වීමක් කිසිදු පාර්ශවයකින් ලැබී නෑ (බ)
සතුන් අතරින් ඉන්න ඉහලම සතා මිනිස් සතාය, සතුන් සතුන් මරන් කෑවද, ආවේගශීලීයි කම පාලනය කරගත නොහැකි එසේ කරන මිනිසුන් කොටසක්ද අප අතර සිටි.ඒවැනන් හට ලබාදී ඇති දඩුවම මිනිස් හිතට සැනැසීමකි. මෙවෙනි සතුන් කෑම බීම දී කුඩුවක දමා රැකිම මිනිසාට කරන බලවත් අපහාසයකි. (බ)
ඉනෝකා, යමක් කියනකොට කරනකොට පරිස්සමින් කියන්න කරන්න. (නි)
මෙන්න මේ වගේ අයට තමයි ගල් ගහල මරණ දඬුවම දෙන්න ඕන (ම)
ගල්ගහල මැරෙන්න ඕන (අ)
සාදාරන නඩු තීන්දුවක් එල්ලුම්ගහත් ක්‍රියාත්මක වුණා නම් ! (අ)
තාත්තා කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද? මේ අමනුස්සයා කුඩු හරි මත්වතුර හරි අරන් ඉන්න ඇති. හැබැයි දැන් විඳවනවා ඇති. (නි)