IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පිළියන්දල මාර්ග බාධකයේදී පොලිසියට සද්දේ දැමූ පිරිස අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඇඳිරි නිතීය උල්ලංඝනය කරමින් පැමිණ  පිළියන්දල බෝකුන්දර මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පලා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා අද (26) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි

කොළඹ දෙස සිට පැමිණි මෝටර් රථය මාර්ග බාධකයේ දී නවතා ඇදිරි  නීති බලපත්‍රය ඉදිරිපත් කරන ලෙස පොලිස් නිලධාරීන් දැන්වූ අවස්ථාවේදී  සැකකාර පුද්ගලයා ආවේගශීලී ලෙස හැසිරී මෝටර් රථයෙන් බැස පොලිස් නිලධාරීන්ට බැන වැදී සෙසු කාන්තාවන් දෙදෙනා සමඟ මෝටර් රථයේ නැගී පලා ගොස් තිබිණි.

මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් පදිංචි බොරැල්ල සීවලීපුර ප්‍රදේශයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි .

සැකකරු හා සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 



අදහස් (11)

පිළියන්දල මාර්ග බාධකයේදී පොලිසියට සද්දේ දැමූ පිරිස අත්අඩංගුවට

rasika Sunday, 26 April 2020 11:17 AM

දඬුවම් අලුත් කරන්න වෙන රටවල වගේ, නැතිනම් අසාධිත ගොඩට දාන්න.

:       0       0

Raveendra Sunday, 26 April 2020 11:32 AM

"පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පලා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා " අනේ මන්දා මාර්ග බාධකයකින් මෙසේ පලා යන්න පුලුවන්ද කියලා...? එලෙසම එසේ එම වාහනයේ මොනවා තිබුණාද? මොනවා ප්‍රවාහනය කරාද? කව්ද දන්නේ... මේ අයට නම් කැලෑ නීතිය වඩාත්ම උචිත නොවන්නේද?

:       0       0

Ajantha Sunday, 26 April 2020 11:51 AM

මොවුන්ට උපරිම දඬුවම් දිය යුතුය. නැතිනම් මෙය නරක පූර්වාදර්ශයක් කරගත හැකිය..

:       0       0

Sunil Sunday, 26 April 2020 12:32 PM

දිගටම හිරකර තැබිය යුතුයි...

:       0       0

JAYATH Sunday, 26 April 2020 02:49 PM

නිවටයා දැක්කම එළුවොනුත් නිකට පානවලු මේ රටේ දැන් වෙලා තියෙන්නේ... ඒකයි චීවර ධාරියෝ පොලීසි ඇතුලට ගිහින් පාට් දමනවා වාහන චෙක් පොයින්ට් වල නවත්තල පොලීසියේ මහත්වරුන්ට ගොන් පාට් දමනවා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ඇහුව වගේ මේ පොලිස් නිලධාරීන් ළඟ අඩුමගනනේ හොඳ කැටපොලයක් වත් තිබුනේ නැත්ද?

:       2       68

samson Sunday, 26 April 2020 03:22 PM

කොන්ද කෙළින් තියන් වැඩ කරන්න හැකියාව ලබාදුන් ජනපතිට තුති....

:       70       271

athuraSunday, 26 April 2020 05:55 PM

ජනාධිපති පත් කරගන්න චන්දෙ දුන්න අයම තමයි එහෙම කරන්නෙත්.

:       64       44

මැක්ස් Sunday, 26 April 2020 03:44 PM

උපරිම දඩුවම් දිය යුතූයි....

:       0       41

මෝ Sunday, 26 April 2020 09:10 PM

මෙවැනි අවස්තාවලදී පලායන රතයට වෙඩිතැබීමට වුනත් නිලදාරීන්ට අවසර තියෙනවා. ඒ අතින් මේ තුන් දෙනා පෙර පිනකින්දෝ බේරුනා. ඒත් ඉතා දැඩි දඩුවම් දිය යුතුයි. දේශපාලුවෙකුගේ සම්බන්දයක් ඇති බව හැගේ.

:       0       0

Kamal Sunday, 26 April 2020 10:41 PM

උපරිම දඩුවම් දිය යුතූයි....

:       0       0

සිසිල් සුදේශ් Monday, 27 April 2020 02:20 AM

මොවුන් දින 14ක නිරෝධායනය සඳහා කන්දකාඩු යවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site