දෙවැනි වාර විභාගය සඳහා පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අද (18) එම කලාපයේ පාසල්වල පැවැත්වූ 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ තිබූ මුද්‍රණ දෝෂ රැසක් නිසා සිසුහු දැඩි අපහසුතාවටපත් වූ බව ලංකා ගුරු සංගමය කියයි.
බුද්ධ ධර්මය පළමු ප්‍රශ්නපත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 40ක් තිබූ අතර එයින් ප්‍රශ්න 21ක් මුද්‍රණ දෝෂ සහිත විය.
දෙවැනි ප්‍රශ්නයේ ‘කර්ම විභාගය‘ යන්න වෙනුවට ‘කර්ම කවිභාගය‘ ලෙසත්, තුන් වැනි ප්‍රශ්නයේ ‘සිත සංවර කර ගැනීම‘ වෙනුවට ‘සිත කකසංවර කර ගැනීම ලෙසත්, නව වැනි ප්‍රශ්නයේ ‘දේවානම් පියතිස්ස‘ යන්න වෙනුවට දේවානම් කපියතිස්ස‘ ලෙසත් මුද්‍රණය වී ඇත.
ඊට අමතරව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ අංක 12,13, 14, 15, 16, 19, 20, 21, 23, 24, 25, 26, 28, 30, 31,38 සහ 39 ප්‍රශ්නවල මුද්‍රණ දෝෂ රැසක් තිබිණි.
බුද්ධ ධර්මය දෙවැනි කොටසේ පළමු හා දෙවන ප්‍රශ්න වලද ගැටළු තිබූ බව සිසුහු පැවසූහ.
විභාගයට පෙර දින කලාපයේ පාසල්වලට එම වැරදි නිවැරදි කර සංශෝධිත පත්‍රිකාවක් වෙනම යවා ඇති අති අතර ඇතැම් පාසල් වල එහි පිටපත් මුද්‍රණය කර සිසුන් අතට ලබා දී තිබිණි. තවත් පාසල් රැසක් එම සංශෝධන කියවා ඇති අතර ඒවා සටහන් කර ගෙන පිළිතුරු ලියද්දී කාලය ප්‍රමාණවත් වී නැත.
පිළියන්දල කලාපයේ බුද්ධ ධර්මය විෂය සඳහා ස්ථිර විෂය අධ්‍යක්ෂවරයෙක් නැතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.
පිළියන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී ඒ රංජිත් මහතා පැවසුවේ සුළු අඩුපාඩු කිහිපයක් තිබූ බවයි. එය නැවැරදි කර සංශෝධිත පත්‍රිකාවක් ද යැවූ බවත්, ඉදිරියේ ඇති විෂයනවල ප්‍රශ්නපත්‍රයන්හි අඩුපාඩු ඇත්දැයි නැවත බලන ලෙස තමා දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළියන්දල පැත්තෙත් ප්‍රශ්නපත්‍ර අවුලක්
බණ්ඩා Thursday, 18 July 2013 05:04 PM
අධ්‍යාපනයට බර සෑම විදුහලක්ම වහනවා. දක්ෂ සිසුන් මෝඩයන් කරනවා. ලංකාවේ අධ්‍යාපනයක් ඉතුරු කරන්නෙම නැහැ (නි)
ජගත් Thursday, 18 July 2013 10:41 AM
ඔන්න වරුණ ඔයගොල්ලා වගේ කට්ටිය ලොකු තැන් වලට ගියහම වෙන දේ. ඉස්සෙල්ලා ඉස්කෝලේ ගිහින් ඉන්න ඕනෑ (නි)
ප්‍රසාද් Thursday, 18 July 2013 10:57 AM
රටේ අධ්‍යාපනය වළපල්ලට ගිහිල්ලා. ප්‍රශ්න පත්තර වරදින එක අහන්නත් දෙයක්ද (නි)
වරුණ Thursday, 18 July 2013 11:10 AM
අපි ඕවට සම්බන්ද නෑ ජගත් දැත් ශක්තිමත් කරන්න ගිය කට්ටිය ඕවට වග කියපුදෙන් ?ඕව අද ඊයේ උන දේවල් නෙවේනේ? පාසල් වාර විභාගයක් හරියට තියාගන්න බැරිනම් කවර කතාද අනෙක් ඕලෙවල්, ඒ ලෙවල් නීති ,ශිෂ්‍යත්ව විභාග ලියන ළමුන්ට දෙවි පිහිටයි (අ)
ජනක Thursday, 18 July 2013 11:10 AM
ප්‍රශ්න පත්තරයක් හදාගන්න බැරි නිලධාරින් එක්ක කොහොමද වැඩ කරන්නේ? හොද දඩුවමක් දෙන්න ඕනෑ වැරදි කරපු නිලධාරීන්ට, මට හිතෙනවා මේවා වුවමනාවෙන් කරන වැරදිද කියලා. (නි)
දයා අලහාකෝන් Thursday, 18 July 2013 11:22 AM
. ප්‍රශ්න පත්‍රය සමග උත්තර පත්‍රයත් ලැබෙනවා. ප්‍රශ්න වැරදිලා හදපු මහත්තරු වැරදි ප්‍රශ්න හදාගන්න වෙනම ප්‍රශ්න පත්‍රයක් දීලා. පාසල් දරුවන් කැඳහැලියක් කරලා ඉවරයි. (අ)
සමන් Thursday, 18 July 2013 03:27 PM
අද අපේ රටේ බත් කන මිනිස්සු ඉන්නේ 35% පමණි ,ඒක නිසා වෙන්න ඇති (නි)
හෆ්සාල් Thursday, 18 July 2013 11:37 AM
ඇයි අපේ මහත්තයෙක් කිව්වේ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙත් ප්‍රශ්න පත්‍ර වල වැරදි වෙනවා කියලා (නි)
භද්‍ර සුබසින්ග්හේ Thursday, 18 July 2013 12:14 PM
මතක ඇති කාලෙක ඉදලා කිසිම දවසක හෝඩිය පන්තියේ වාර විභාගයක්වත් ඇනගන්නේ නැතුව තියන්න බැරිවුනා. ඇමතිවරු දෙන්නෙක් මොකද කරන්නේ? අන්තිමට මේවාට වගකිව යුත්තේ කව්ද? (නි)