පිළියන්ද කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අද (19) පැවැත්වූ ප්‍රශ්න පත්‍රවල ද මුද්‍රණ දෝෂ තිබූ බව සිසුහු පැවසූහ.
11 ශ්‍රේණිය බුද්ධ ධර්මය පළමු ප්‍රශ්න පත්‍රයේ 9, 17, 18, 21, 25, 31, 34 සහ 37 යන බහුවරණ ප්‍රශ්න වල අක්ෂර මුද්‍රණ දෝෂ තිබූ බවත්, 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය දෙවැනි පත්‍රයේ පළමු සහ හය වැනි ප්‍රශ්න වල මුද්‍රණ දෝෂ වූ බවත් සිසුහු කීහ.
10 ශ්‍රේණිය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේද මුද්‍රණ දෝෂ තිබූ බව සිසුහු සහ ගුරුවරු සඳහන් කළහ. එම ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ ‘ ආර්යයන් පැමිණි දුම්රිය මාර්ගය කුමක්ද?‘ යනුවෙන් ප්‍රශ්නයක් අසා තිබිණි.
මේ ප්‍රශ්නය කියැවූ සිසුන් බොහෝ දෙනා සිනාසුණු බවත්, එය උපහාසාත්මක සිනහවත් බවත්, මේ ප්‍රශ්නයෙන් අසන්නට උත්සාහ දරා ඇත්තේ ‘ආර්යයන් පැමිණි දුර්ග මාර්ගය කුමක්ද‘ යන්න බවත් නම හෙළි නොකළ ගුරුවරයෙක් පැවසීය.
මේ අතර පිළියන්දල කලාපයේ මෙතෙක් පැවති ප්‍රශ්න පත්‍රවල උත්තර පත්‍ර මෙතෙක් ලබා දී නැතැයි වාර්තා වේ. උත්‍ර පත්‍ර ලබා නොදෙන්නේ ඒවායේත් අඩුපාඩු පවතිනා නිසායැයි සැකයක් මතුවන බව ගුරුවරු කියති.
දෝශ සහිත ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබා දීම ගැන තමාට වාර්තා වූ පසු ඒ ගැන සොයා බැලූ බවත්, විෂය අධ්‍යක්ෂවරුන් එකතුවී සැකසූ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය සදහා ලබා දී ඒවායේ සෝදුපත් බලා එහි තබූ වැරදි අඩුපාඩු සකස් කළ බව විමර්ශනයේදී හෙළි වූ බවත්, එම නිවැරදිකිරීම් නොසලකා වැරදි සහිත ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර ඇති බවත්, ප්‍රශ්න පත්‍ර නිවැරදිව තිබුණේදැයි මුද්‍රණයෙන් පසු අවසන් වශයෙන් බලා නැතැයි හෙළි වූ බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පාසල් 10ක පමණ සංශෝධිත ප්‍රශ්න පත්‍ර නැවත සකස් කර සිසුන් අතර පත් කර තිබූ බව ද, තවත් පාසල් 70ක සංශෝධිත දෑ සිසුනට ලියා ගැනීම දී ඒ සහා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බව ද, රණතුංග මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල රනා, ආර්යය කියන වචනය දන්නවද? පාපයන්ගෙන් බොහෝ දුරට ඈත් වුයේ නම් ආර්යය වේ. අනික ඇෆ්ගනිස්තානයේ ආර්යයන් හිටියේ ඔයා එහෙ හිටිය කාලේද? ඔයාලා දන්නේ කේක් හදන්නයි වයින් බොන්නයි තමා. ඒ නිසා ඔය මාර්ගයේ යන දුම්රියක නැගලා රටකජු විකුණන කෙනෙක්ගෙන්වත් අහලා දැනගන්නකෝ. හොදේ. (නි)
ප්‍රශ්න පත්තරය ප්‍රින්ට් කරන්න ඉස්සෙල්ලා ඒක අනුමත කරන කෙනා කොහොම කෙනෙක්ද මන්දා? හැමදාමත් මුද්‍රණ දෝෂ කියලා බේරෙන්න පුළුවන්ද? (නි)
මේවාට හිනා වෙලා වැඩක් නෑ මේවා හදපු කෙනාම පිටපත් කරන්න පෙර හරි වැරදී බලන්න ඕන (අ)
අසේල ,මෝඩ කතා කියන්න එපා. නිල් රනා කිව්ව කාරණය හරි. ආර්යයන් ඇෆ්ගනිස්ථානය හරහා තමයි ආවේ. ඔබ කියන්නේ ඒ වදනේ බණ අරුතක්. අරුත් දෙක පටලාගන්න එපා. ප්‍රශ්නේ අහලා තියෙන්නෙත් ඒ ගැන. කුමන 'දුර්ග' මාර්ගයේ ද යන්න 'දුම්රිය' ලෙස වැරදි ලෙස ටයිප් කරලා. උත්තරය : කයිබර් දුර්ගය හරහා (නි)
අසේල, මම කිව්වේ මධ්‍යම යුරෝපයේ සිට ඉරානය හරහා ගිරි දුර්ග මැදින් උතුරු ඉන්දියාවට පැමිණ එතැන් සිට තමිල්නාඩුව මගහැර රාවණා වශිය ඔස්සේ ලංකාවට පැමිණි ඉන්දු-යුරෝපීය භාෂාවක් වහරන ආර්යයන් ගැනයි. ආර්යයන් පාපයෙන් තොර බව ඔබ පිළිගත්තත් ආගම මාරුකළ ආර්යයන් සැබවින්ම එසේවේද යන්න සැකසහිත නොවේද? (නි)
නුසුදුස්සන් රට පුරා තනතුරු වලට පත්වෙලා රටට ලොකු හානි ඉදිරිකාලේ සිදුවෙනවා. (දී)
ලංකාවේ බුද්ධි ගලනයක් සිද්ද වෙනවා (දී)
නිල් රනා මහත්මය. අපි නම් ඔය කේක් එකඊ අඉසින් එකඊ දෙකම කනවා. කොහොමත් අපි ඔය නිල මැස්සන්ට ඔය කේක් එක කන්න දෙන්නේ නැත. මොකද නිල මැස්සන් කොහෙවත් තියෙන වැසිකිලි වල ඔලුව ඔබගෙන ඇවිත් ඇති නිසාය. (දී)
අතින් අකුරු අමුණා මුද්‍රණ තහඩුව සකස් කොට මුද්‍රණ කටයුතු කරන කාලයේ මුද්‍රණාලවල ඒ අකුරු කුඩා අසුරන වල බහා රාක්ක වලයි තබා තිබුනේ.අකුරු අමුණා සකස් කල තහඩුවේ වරදක් දුටුවොත් නැවත එය ගලවා නිවැරදි කරනවා. සමහරවිට අර රාක්ක මතට කීපවතාවක් නැගලා අකුරු මාරු කිරීම් කරලා තමයි එක වචනයක හෝ වරදක් නිවැරදි කරන්නේ. කෙසේ හෝ දෝෂ සහිතව මුද්‍රණය කල දෙයක් නම් මුද්‍රණාලයෙන් එලියට යවන්නේ නැහැ. දැන් පරිගනකය මගින් යතුරු ලියනය කරන දෙයක වරදක් දුටුවොත් එය නිවැරදි කරන්න වාඩිවී සිටින පුටුවේ එම ඉරියව්වේම සිට පරිගණක යතුරු පුවරුවේ බොත්තම් දෙකක් තුනක් ඔබන එක පමණයි අවශ්‍ය වෙන්නේ. නමුත් එතරම් පහසුවෙන් කල හැකි දෙයවත් නොකොට මුද්‍රිත ලේඛණ මුදාහරින ප්‍රකාශකයින් ගැන සිතන්න ඇත්තේ ඔවුන්ගේ නුවුවමනාව හෝ ප්‍රකාශ කිරීමට යොදාගන්නා භාෂාව පිලිබඳ දැනුමක් නොමැතිකම බවයි. (දී)
ලංකාවේ උගතුන්ට තැනක් නැති නිසා ඔස්ට්‍රේලියාවට යනවා, තව ටික කලකින් චන්ඩි, නුගතුන් ඉන්න රටක් වේවි ලංකාව, හැබැවටම බුද්දි ගලනයක් වෙනවා, ලංකාවේ ඉගෙන ගෙන පිටරට ගිහින් ජොබ් කරනවා, රටේ හොද කම නිසා, ලංකාව බාල්දු කරකර ගහනුන්ව රට යවනවා විදෙස විනිමය (දී)
මේ සෙල්ලම් කරන්නේ අනාගතය බාර ගන්න ළමයින්ගේ ජිවිත එක්ක (දී)
තරඟ විභාගයකින් සමත් වුනු අයට පමණක් ගුරු පත්වීම් දෙන්න ක්‍රියා කලේ රනිල් මහත්තයා අධ්‍යාපන ඇමති වී සිටියදී.පිපිඥ්ඥ පත්වීම් අභාස ලාභී පත්වීම් පන්දම් පත්වීම් නිසා ගුරුසේවය සඳහා තිබුණු පුජනීයත්වය අඩු වුණා. දුප්පත්කම රැකියාවකට සුදුසුකමක් ලෙස සලකන්නේ අපේ රටේ විතරයි.නුසුදුස්සන් ඉහල තනතුරු වලට පත් කරලා එහෙම නැත්නම් උසස් වීම් දීල දේශපාලනඥයෝ මහා විනාසයක් කරලා තියෙන්නේ.මේවට අහිංසක දරුවෝ පලිද ..පිටරටවල ඇමතිකම් දෙන්නේ එම විෂය පිලිබඳ හසල දෙනුමක් ඇති අයට.අපේ රටේ නම් (දී)
කාලිංග, "මේක බෞද්ධ රටක්" කියන්නේ බෞද්ධ රටක මෙවැනි සිදුවීම් පුදුම නොවියයුතු සාමාන්‍ය දේවල් බවට සාධාරණීයකරණය කරන්න වුවත් ඔබේ අදහස සාධාරණ බවට පිළිගත නොහැක්කේ ලංකාව බෞද්ධ රටක් නොවන නිසයි. මේරට පටු ආගමික හංවඩු ගැසීමකට ලක්නොවියයුතු පුජනීය දේශයක්. ආදම්ගේ වේවා ශිවගේ වේවා බුදුන්ගේ වේවා ජාති, ආගම්, කුල-මල භේදයෙන් තොරව කවුරුත් එකාවන්ව සිරිපා කරුණා කරන්නේ ලොවවසන සියලු ආගමිකයන්ගේ මුලස්ථානය මෙය නිසයි. ඊට දැනට ඇති එකම අඩුපාඩුව නම් රටේ ජනතාව එවැනි උසස් චින්තනයකට අනුගතවී ප්‍රයෝගිකව කටයුතු කිරීමට නොදන්නා කමයි. අද වනවිට ලෝකයේ 3ඩි මුද්‍රණ තාක්ෂණයත් සාමාන්‍ය මෙවලමක් බවට පත්වී අවසන්. යහනේ සැප පහසු ලෙස ඇලවී අයිපැඩයේ තමන් විසින්ම සැලසුම් කරණා පාවහන්, ඒ මොහොතේම 3ඩි මුද්‍රණයකර දෙපයේ පැළඳගෙන යාහැකි වර්තමානයේ, ලංකාවේ අපට පාසල් ප්‍රශ්නපත්‍ර නිසිසේ මුද්‍රණය කරගන්නත් නොහැකිවී තිබෙන්නේ කොතැනක හෝ බරපතල වැරදීමක් සිදුවී ඇති බැවිනි. ආර්යන් යනු ඉන්දු-යුරෝපීය භාෂාවක් කතාකරන ජනතාවයි. හින්දි, බෙන්ගාලි හා සිංහල හැරුනුකොට යුරෝපයපුරා පැතිරී සිටින අහිතුන්ටික භාෂාවත් නුතන ඉන්දු-යුරෝපීය භාෂාවන්. භාෂා නවීකරණයත් සමගම මුල් ආර්යන් සතුවූ නිවැරදි ආගමික දැක්මත් දුරස්වී දේව ඇදහිලි හෝ ජීවිතය නිෂ්පල කරණ අධි අධ්‍යාත්මවාදී නිර්වාණගාමී ආගමික දර්ශන ආර්ය සමාජයේ මුල්බැසගෙන තිබෙනවා. පැණි හැලියේ වැටුණු ඇඹලයන්මෙන් රෝගාබාධ ඇතිකරවන අලංකාර අයිසින් එකටම වහ වැටී විනාශයට පත්නොවී, අභ්‍යන්තරයේ සැඟවී ඇති වටිනාකම් යලි ඉස්මතු කරගැනීමෙන් රටේ උද්ගතවී තිබෙන බොහෝ රෝගාබාධ ඉක්මනින් සුවකරගත හැකිවනු ඇත. (දී)
බළධාරීන් ගෙදර යා යුතුයි (අ)
9 පන්තිය දක්වා පමණක් අද්‍යාපනය ලද මිනිස්සු ඉන්න රටක මේවා අමුතු දේවල් නෙවෙයි . මේ අය සෙල්ලම් කරන්නේ රටක අනගට පරපුර සමගයි (දී)
අධ්‍යාපන කාර්යාල වල 90% ඉන්නේ දේසපලනයට අපු නිලදාරීන් ගුරුවරු රාජකාරිවලට ඔව්න් ළගට ගිහාම සත්තුන්ට වගේ කතාකරන්නේ ඔව්න් ඉගනගත්තේ කාගෙන්ද කියලාවත් නොදැන ඔලුව ඉදිමුවාගෙන ඉන්නේ ඔව්න්ගෙ රාජකාරිය කරන ආකාරය මේවගේ වැඩවලින් ඔප්පුවෙනවා මේ පලවෙනි අවස්ථාව හෝ අවසාන අවස්ථාවත් නොවෙයි මේවා ඉතාම බරපතල වැරදි අනාගත පරපුර ගොන්නු කරන්න දෙසපාලකයෝ කරන වැඩවල ප්‍රතිපල තව ඉදිරියට බලාගන්න පුළුවනි. (දී)
මේ තරම් තාක්ෂණය දියුණු කාලයක වචන ටිකක් දෝශ නැතිව මුද්‍රණය කරන්න බැරි අයට දෙන්න ඕනෑ දඬුවම මට නම් හිතාගන්නවත් බැහැ.මග තොටේ යනකොට පාර දෙපස තියන හුඟාක් දැන්වීම්වල දෝශ බලාගන්න පුළුවන් ඒවා වෘත්තීය මට්ටමේ අයගේ වැඩ නොවන නිසා.ඒත් මේ..රටේ අධ්‍යාපනයට වගකියන තැන්? (නි)
බලධාරීනි , මොනවාද? මේ විහිළු , කොහොම ද මෙහෙම කරන්නේ ? (අ)
නොසැලකිල්ල. වගකීමක් නැති කම. වගකිව යුත්තන්ට දඩුවම් නොලැබීම. ලබන වසරෙත් මේ විදිහම තමයි. අනාගතය අදුරුයි. (අ)
මේ වැරදි කරන අයට දඩුවම් දෙන්නේ නැති නිසා හැමදාම මේ වැරදි කරනවා.(අ)
ප්‍රශ්න පත්තරේ මුද්‍රණය කලාට පසුව කියවන්න ඉන්න කෙනා, ඇයි හරියට කියවන්න දන්නෙ නැද්ද ? දැන් දෙමල මුස්ලිම් මිනිස්සුත් හොදට අකුරු කියනවා ,ලියනවා සිංහල අයට වඩා හොදට. දැන් අවරුදු කීයක ඉදලද මේ ප්‍රශ්ණ පත්‍ර දෝසෙ තියෙන්නේ? (නි)
අනේ මෙව්වට හිනා වෙන්නද හඬන්නද කියලා හිතා ගන්න බෑ (දී)
මේ පාරත් ඉවරයි නේද? සුබ ආනාගතයක් ! (නි)
දැන් අවුරුදු කියක් ඉඳන් ප්‍රශ්න පත්තර වැරදියට දුන්නද? මෙය මෙසේ නම් වෙනත් වැඩ ගැන කුමන කතාද. දැන් ඉතින් හැමදේම වැරදිලා ඉවරයි බොහෝදුරට (නි)
රටට උගතුන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයත් දැන් විහිළුවක් බවට පත්වෙලා, අධ්‍යාපන ඇමැතිත් මේවගේ වගකීමෙන් පැනල යනවනම් මේවට වගකිවයුත්තෝ කවුද. මෙයාලට පඩි ගෙවන්නේ රටේ මහජනයාගේ මුදල් වලින්, ඒ නිසා නුසුදුසු පුද්ගලයින් ඉහල පුටුවලින් ඉවත්කරලා සුදුසු අයව පත්කරන්න. මේ සේරටම මුල සුදුස්සන්ට සුදුසු තැන නොදී දේශපාලන හෙන්චයියලට පත්වීම් ලබාදීම. (දී)
මෙයින් ගම්‍යවන්නේ බලධාරීන්ගේ නූගත්කමයි දෙශපාලුවන්ගේ නූගත්කම ගැන කවරකතාද (අ)
"නුසුදුස්සන් රට පුරා තනතුරු වලට පත්වෙලා රටට ලොකු හානි ඉදිරි කාලේ සිදුවෙනවා."එක තමයි කියන්නේ රට අර සතුන්ට ගිහිල්ලා කියලා. (නදී)
මම දන්නවා මේ ප්‍රශ්න පත්‍ර ප්‍රින්ට් කරන තැන කීපයක්ම. ඒ ගැන වැඩි විස්තරත් මම හොදින් දන්නවා (දී)
නුසුදුස්සන් ලොකු තැන්වලට ගියාම ඔහොම තමා (නි)
මේක බෞද්ධ රටක්
විභාගයට ප්‍රශ්න පත්තර නිවැරදිව හදලා ළමයින්ට දෙන්නවත් බැරි නම් මේ අය මොනවද තවත් මේ කරන්නේ? (නි)
මේවා හදාගන්න බැරි අධ්‍යක්ෂකවරුද ඉන්නේ මේ පළාත් වල? අනේ අම්මපා වගකිවයුත්තන්ට ඇයි දඬුවම් දෙන්න බැරි? (නි)
නීල් රණවක තෙරුවන් සරණින් බැහැරවුනු බටහිර විධ්යව නම් හුදු කෙප්ප වියුක්ත චින්තනෙන් හිස නරක කරගත් කෙනෙක් බව පැහැදිලියි. (අ)
මිනිසුන්ට රටේ අධ්‍යාපනය ගැන තියෙන විශ්වාසය නැති වුනොත් පුද්ගලික අධ්‍යාපන අංශයට හොද ඉල්ලුමක් ඇතිවෙන්න පුළුවන් (නි)
ඇෆ්ඝන් කයිබර් දුර්ගය හරහා ඉන්දියාවටත් එතැන්සිට දකුණු ඉන්දියානු තමිල්නාඩු දුර්ගය මගහරිමින් ලංකාවටත් සිදුවූ ආර්යාගමනය නම් කේක් එක පසුකලෙක සිදුවූ මහින්දාගමනයේ අයිසින් වලින් වසා ඇතිනිසා, ඉන්දියාවේ සිට බුදුදහම ලක්දිවට ගෙනාවේ ඍද්ධියෙන් අහසින් ගමන්කොට බැවින් ඊට බොහෝ කලකට පෙර ආර්යයන් ආවේ ඊට වඩා නොදියුණු ප්‍රවාහන මාධ්‍යක්වූ දුම්රියෙන් කිව්වත් පුදුමයක් නෙමෙයි. (දී)
ඒකනේ දණගැස්සුවේ, දෙන්න නාමයෝජනා එතුමටත්. පත්කරමු අධ්‍යාපනයේ ලොකු බලධාරියෙක් ලෙස (නි)
සම්පුරණයෙන් ඇත්ත .මමත් දැක්ක ඕක.පස්සේ අපිට තමයි කියන්න වූනේ.වාණිජ 2 පත්‍රයත් සමග 1 කොටස මුද්‍රණය වෙලා තිබ්බේ. (දී)
මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගත දරුවන්ගේ ජිවිත සමග නේද? (දී) අනුරුද්ධ. සෞදි අරාබිය.