IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පිළියන්දල-කොළඹ මාර්ගය ගවයන්ගේ රජ දහනක්

පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර, බොරලැස්ගමුව සහ වේරහැර ප්‍රදේශවල ගැවසෙන අයාලේ යන ගවයින් නිසා නිතර අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. රාත්‍රී කාලයේ මාර්ගයේ නිදා සිටිම නිසා වාහන රියැදුරෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. වසර ගණනක් මෙ ගවයින් මෙසේ මාර්ගයේ නිදැල්ලේ හැසිරෙන බව ද පවසති.

127 128  129



අදහස් (0)

පිළියන්දල-කොළඹ මාර්ගය ගවයන්ගේ රජ දහනක්

වසන්ජය Saturday, 05 December 2015 11:16 PM

එම හරකුන් මහා මාර්ගයෙන් ඉවත් කළයුතුයි නේද? පාර තියෙන්නේ හරකුන්ට ලගින්න නෙමෙයිනේ (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 05 December 2015 11:53 PM

පාරේ ඉන්න හරකුන්ට අමතරව තවත් හරක් ඉන්නවා කියලා ඉහළින්ම තිබෙන අදහස දැක්කහම මට හිතුනා (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 05 December 2015 11:52 PM

මරන්න නම් එපා. ඒත් කියමු සත්තු ඉවත්කර දෙන්න කියලා. පාර තිබෙන්නේ වාහන සහ මිනිසුන්ට ගමන් කරන්න නැතුව සතුන්ට ලගින්න නොවෙයි. (නි)

:       0       0

ජනක Tuesday, 08 December 2015 05:28 AM

ඔය ගවයින් රක්ෂිතයකට ගිහින් දැම්මා නම් මොකද වෙන්නේ? (නි)

:       0       0

ගයාන් Sunday, 06 December 2015 02:38 AM

මරන්නද දන්නෙ නැහැ සූදානම? (නි)

:       0       0

කමල් Sunday, 06 December 2015 04:24 AM

ඉන්දියාවෙ පාරක් වගේ. ලංකාව ලෝකෙට විහිළුවක් නොකර වගකිවයුත්තන් විසින් අවිහිංසාවාදී ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වහාම ගතයුතුව අැත. (නි)

:       0       0

සිතුම් Sunday, 06 December 2015 06:24 AM

මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න. පාරේ යන අපිට මේ නිසා ගොඩක් කරදරයි.(හේ)

:       0       0

රන්ජිත් Sunday, 06 December 2015 08:14 AM

එක හරක් පැටියෙක් මීට සුමාන තුනකට පෙර වාහනයකට යටවෙලා පාරේ මැරිලා හිටියා. පස්සේ ආ වාහන වලට යටවෙලා පාර පුරාම මස් කැබලි විසිවෙලා තිබුනා. (නි)

:       0       0

රාළහාමි Saturday, 05 December 2015 06:17 AM

මරන්න නම් ලෑස්ති වෙන්න එපා.. ඊට පස්සේ දන්නවනේ.. ඔය හරක් හිටියට කමක් නෑ. (ර)

:       0       0

ජයරත්න Saturday, 05 December 2015 06:24 AM

පිළියන්දල පමනක් නොව බොහෝ මහා මාර්ග වල දක්නට ලෑබෙන ගවයන්ගේ හෑසිරීම විශාල ගෑටලුවකි. මුන් එල හරක් ය. උන් නම් මීහරක්මයි. (ර)

:       0       0

සේන Saturday, 05 December 2015 06:33 AM

මේ සත්තු මිනිස්සුන්ට වඩා අහිංසකයි. දෙතුන් පාරක් නලාව ශබ්ද කළහම රියදුරුට ඔරවන්නේ නැතුව හිමින් සීරුවේ ඇදිල යනවා. මේ පාරේ මා දන්නා තරමින් මේ අහිංසක සතුන් නිසා තවම අනතුරක් වෙලා නැහැ මෙන්ම එසේ නොවේවා! (ර)

:       0       0

සකලජන Saturday, 05 December 2015 10:26 AM

පානදුර නගරයත් මේ වගේම තමයි. ලොකු විපතක් වෙනකන්ද කොහෙද බලන් ඉන්නේ. (ර)

:       0       0

සරත් Saturday, 05 December 2015 10:31 AM

අයාලේ යන සත්තු. අනුකම්පාව ඇත. (ර)

:       0       0

සාලිය Saturday, 05 December 2015 10:45 AM

වමෙන් පැදවීම අනිවාර්ය නිසා දකුණු මන්තිරුව නිකන් තියෙන නිසා මේ සතුන් ප්‍රයෝජනයක් ගන්නවා. (ර)

:       0       0

මනෝජ් Saturday, 05 December 2015 11:22 AM

පව් අහිංසක සත්තු. (ර)

:       0       0

අලි Saturday, 05 December 2015 11:43 AM

අනේ පව්, ඔහේ හිටපුදෙන්. (ර)

:       0       0

ඈෂ්ලි Saturday, 05 December 2015 12:29 PM

මරන්න නම් එපා. (ස)

:       0       0

අජිත් Saturday, 05 December 2015 01:21 PM

අනේ පින්සිද්ධ වෙයි, පාඩුවේ ඉන්න දෙන්න. (නි)

:       0       0

අජිත් Saturday, 05 December 2015 01:22 PM

මනෝජ්,අලිගේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ඒ දෙන්නා කන්නෙත් මේ සත්තු කන දේවල් කියලා. ප්‍රධාන මාර්ග තිබෙන්නේ සතුන්ට ඉන්න නෙමෙයි. රෑට ඔය සත්තු වාහනයක වැදුනොත් මිනිස්සුයි සත්තුයි දෙගොල්ලොම අනතුරු වලට ලක්වෙනවා. (නි)

:       0       0

සමන් Saturday, 05 December 2015 03:09 PM

මේක පොලිසියේ වරදක්. මහපාර තිබෙන්නේ හරකුන්ට ලගින්න නෙමෙයි. මුන් පාරෙ හිටියා කියලා ඉන්න දෙන්න කියලා කියන්නත් බැහැ. මේවට නීති තිබෙනවා. මේ ගවයන්ගේ අයිතිකාරයන් ඉන්නවා නම් ඒ අයට අවවාද කරලා භාරදෙන්න ඕනෑ. නැත්නම් සිවිල් ආරක්ෂක දෙපාරතමේන්තුව සමහර පළාත් වල ගව ව්‍යපෘති කරනවා. කිරි ලබාගන්නා අතර කිසි දින මරන්න දෙන්නේ නැහැ. ඒ වගේ තැනකට භාරදෙන්න පුළුවන්. මේ ගැන පියවරක් නොගත්තොත් ගවයන්ට මෙන්ම මිනිසුන්ටද තුවාල වෙන්න පුළුවන්. (නි)

:       0       0

සිරි Saturday, 05 December 2015 03:34 PM

මේ ගවයන්ට අයිතිකාරයෝ ඉන්නවා. ගවයන් දිගේලි කරන්න තැන් නැති නිසා අයාලේ යන්න හැර තිබෙනවා. (නි)

:       0       0

ජී‍වා Saturday, 05 December 2015 03:40 PM

අනේ පව් අහිංසක සත්තු! ඔහේ හිටපුදෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site