පිළියන්දල කොළඹ මාර්ගයේ බෝකුන්දර, බොරලැස්ගමුව සහ වේරහැර ප්‍රදේශවල ගැවසෙන අයාලේ යන ගවයින් නිසා නිතර අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. රාත්‍රී කාලයේ මාර්ගයේ නිදා සිටිම නිසා වාහන රියැදුරෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. වසර ගණනක් මෙ ගවයින් මෙසේ මාර්ගයේ නිදැල්ලේ හැසිරෙන බව ද පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම හරකුන් මහා මාර්ගයෙන් ඉවත් කළයුතුයි නේද? පාර තියෙන්නේ හරකුන්ට ලගින්න නෙමෙයිනේ (නි)
පාරේ ඉන්න හරකුන්ට අමතරව තවත් හරක් ඉන්නවා කියලා ඉහළින්ම තිබෙන අදහස දැක්කහම මට හිතුනා (නි)
මරන්න නම් එපා. ඒත් කියමු සත්තු ඉවත්කර දෙන්න කියලා. පාර තිබෙන්නේ වාහන සහ මිනිසුන්ට ගමන් කරන්න නැතුව සතුන්ට ලගින්න නොවෙයි. (නි)
ඔය ගවයින් රක්ෂිතයකට ගිහින් දැම්මා නම් මොකද වෙන්නේ? (නි)
මරන්නද දන්නෙ නැහැ සූදානම? (නි)
ඉන්දියාවෙ පාරක් වගේ. ලංකාව ලෝකෙට විහිළුවක් නොකර වගකිවයුත්තන් විසින් අවිහිංසාවාදී ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වහාම ගතයුතුව අැත. (නි)
මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න. පාරේ යන අපිට මේ නිසා ගොඩක් කරදරයි.(හේ)
එක හරක් පැටියෙක් මීට සුමාන තුනකට පෙර වාහනයකට යටවෙලා පාරේ මැරිලා හිටියා. පස්සේ ආ වාහන වලට යටවෙලා පාර පුරාම මස් කැබලි විසිවෙලා තිබුනා. (නි)
මරන්න නම් ලෑස්ති වෙන්න එපා.. ඊට පස්සේ දන්නවනේ.. ඔය හරක් හිටියට කමක් නෑ. (ර)
පිළියන්දල පමනක් නොව බොහෝ මහා මාර්ග වල දක්නට ලෑබෙන ගවයන්ගේ හෑසිරීම විශාල ගෑටලුවකි. මුන් එල හරක් ය. උන් නම් මීහරක්මයි. (ර)
මේ සත්තු මිනිස්සුන්ට වඩා අහිංසකයි. දෙතුන් පාරක් නලාව ශබ්ද කළහම රියදුරුට ඔරවන්නේ නැතුව හිමින් සීරුවේ ඇදිල යනවා. මේ පාරේ මා දන්නා තරමින් මේ අහිංසක සතුන් නිසා තවම අනතුරක් වෙලා නැහැ මෙන්ම එසේ නොවේවා! (ර)
පානදුර නගරයත් මේ වගේම තමයි. ලොකු විපතක් වෙනකන්ද කොහෙද බලන් ඉන්නේ. (ර)
අයාලේ යන සත්තු. අනුකම්පාව ඇත. (ර)
වමෙන් පැදවීම අනිවාර්ය නිසා දකුණු මන්තිරුව නිකන් තියෙන නිසා මේ සතුන් ප්‍රයෝජනයක් ගන්නවා. (ර)
පව් අහිංසක සත්තු. (ර)
අනේ පව්, ඔහේ හිටපුදෙන්. (ර)
මරන්න නම් එපා. (ස)
අනේ පින්සිද්ධ වෙයි, පාඩුවේ ඉන්න දෙන්න. (නි)
මනෝජ්,අලිගේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ඒ දෙන්නා කන්නෙත් මේ සත්තු කන දේවල් කියලා. ප්‍රධාන මාර්ග තිබෙන්නේ සතුන්ට ඉන්න නෙමෙයි. රෑට ඔය සත්තු වාහනයක වැදුනොත් මිනිස්සුයි සත්තුයි දෙගොල්ලොම අනතුරු වලට ලක්වෙනවා. (නි)
මේක පොලිසියේ වරදක්. මහපාර තිබෙන්නේ හරකුන්ට ලගින්න නෙමෙයි. මුන් පාරෙ හිටියා කියලා ඉන්න දෙන්න කියලා කියන්නත් බැහැ. මේවට නීති තිබෙනවා. මේ ගවයන්ගේ අයිතිකාරයන් ඉන්නවා නම් ඒ අයට අවවාද කරලා භාරදෙන්න ඕනෑ. නැත්නම් සිවිල් ආරක්ෂක දෙපාරතමේන්තුව සමහර පළාත් වල ගව ව්‍යපෘති කරනවා. කිරි ලබාගන්නා අතර කිසි දින මරන්න දෙන්නේ නැහැ. ඒ වගේ තැනකට භාරදෙන්න පුළුවන්. මේ ගැන පියවරක් නොගත්තොත් ගවයන්ට මෙන්ම මිනිසුන්ටද තුවාල වෙන්න පුළුවන්. (නි)
මේ ගවයන්ට අයිතිකාරයෝ ඉන්නවා. ගවයන් දිගේලි කරන්න තැන් නැති නිසා අයාලේ යන්න හැර තිබෙනවා. (නි)
අනේ පව් අහිංසක සත්තු! ඔහේ හිටපුදෙන් (නි)