IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලිය හෙට සිට

ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලිය මේ මස 9 වැනිදා (හෙට) සිට 16 වැනිදා දක්වා කොළඹ විශ්ව විද්‍යාලයීය  කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

කී‍්‍රඩා සමාජ 25 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියෙන් අනතුරුව ලබන මාසයේදී (ජූලි) ප‍්‍රථම වරට ‘බේස්බෝල් ක්ලැසික්’ තරගාවලියක් සංවිධානය කිරීමට ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය තීරණය කර තිබෙන බව ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමයේ සභාපති කලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවසීය.

මෙම තරගාවලි දෙක සංවිධානය කිරීම මගින් මේ වසරේ නොවැම්බර් මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට නවක මුහුණු කිහිපයක් එක්කර ගැනීමත් සංවිධායකයන්ගේ අරමුණකි.

බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය ඉලක්ක කරමින් සැප්තැම්බර් මාසයේ සිට පුහුණු සැසියක් ආරම්භ කිරීමටද ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය කටයුතු සූදානම් කර තිබේ.

මෙවර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 සහභාගී කරගනිමින්, ඉන්දීය ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට බොහෝ සෙයින් සමාන බේස්බෝල් ලීග් තරගාවලියක් මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා පැවැත්වීමටද සංවිධායකයෝ සැලසුම් කරති.

කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මේ විස්තර කළේ එම තරගාවලියේ කී‍්‍රඩා කිරීමට නියමිත කණ්ඩායම් අටේ සුවිශේෂී නම් සහ පුහුණුකරුවන් පිළිඹඳ විස්තර ඇතුළත් පුළුල් තිර දර්ශනයක් ආධාරයෙනි.

හෙට (9 වැනිදා) ආරම්භ වන පිලිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා අනුග‍්‍රාහකත්වය සැපයිමට ඉදිරිපත්වී සිටින්නේ ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයයි.


(ඡයාරූපය : ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආතනයේ ප‍්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා විසින් කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට අනුග‍්‍රහක චෙක්පත පිරිනමන අයුරු.....

 



අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site