
(යොහාන් භාසුර)
ආණ්ඩුව රට ‘ක්ලීන්’ කරනවා නම් පළමුවෙන්ම ප්‍රධාන පොරොන්දුවක් වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ගැටලුව ‘ක්ලීන්’ කළ යුතු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැඩියෙන් ගෙවීමට සිදුව ඇති රුපියල් කෝටි 300 ක් වැඩිපුර ගෙවීම පිළිබඳ ප්‍රශ්නය ‘ක්ලීන්’ කළ යුතු බවත් හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (6) පැවසීය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ පිහිටි නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ කීය.
විවිධ දේවල් මඩේ ඔබමින් සංදර්ශන පවත්වනවා වෙනුවට එක් එක් කරුණු නිෂ්චිත වශයෙන් රටට ඉදිරිපත් කර නිමකළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ බලය ජනතාව ආණ්ඩුවට දී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ජනතාව වර්තමාන ආණ්ඩුවට තුණෙන් දෙකක බගයක් සහිත පාර්ලිමේන්තුවක් දී තිබීම නිසා ඕනෑම නීතියක් වෙනස්කිරීමේ හැකියාව තිබෙන බව කී බන්දුල ගුණවර්ධන මහතා චීනයත් ශ්‍රී ලංකාව අතරින් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ක්ලීන් කර පෙන්වන ලෙස අභියෝග කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර ආසද කූරු ගනින්න?!?
හරියට අර ඔහේ 2500න් ජීවත් වෙලා පෙන්නුව වගේද?
ඔයගොල්ලො පළපුරුද්දට හොරා කෑවට, දශක හතක කුණු එක රැයින් ක්ලීන් කරනවා බොරු...හොඳ නැද්ද ඔය අනීතිකව හම්බකරගත්තදේ සද්භාවයෙන් රජයට නැවත භාර දෙන එක...රජයට අයත්ව තිබු වාණිජමය වටිනාකම අධික ඉඩ-කඩම් කීයක් අද ඔබතුමා ගාවද ?
නේ මේ. නාකි මයිනත් එක්ක යි. නාකි රනිල් එක්ක එකතුවෙලා. රට කාලා. මහ ලොකු උගත්තු. ගොබ්බ රැලට වාහන දීලා තියෙන්නෙ. එකෙකුට ඩිපෝ එකට වගෙ. මුන්ට ඒවා හොයල බලන්න බැරිවුනා. ජනාෆ්හිපති අර මුදලත් වට වෙලා බෙදා ගන. දැන් අනුරට රට කරන හැටි උගන්වන්න එනවාද අව් රුදු 75 හරි. මාස හයත් හරි. කොහොමද. ගොබ්බ රැල හෙලුවෙන්. දැන් සිකුරිටි නැතිව ලස්සනට ඉන්නෙ. බලා ගන කට්ටිය තනි වෙන්න එපා. කලිසම ඔලුවෙන් ගලවන්න ඉන්නෙ
අනේ සුදුලූනු පොඩි කරන්නේ නැතිව ඉන්නවද 2500 ඔස්තාර් ?
දැන්නම් හිරේ ගියත් සැපයි මට... කරන දෙයක් ඉක්මනට කරන්න සහෝදර වරුනි
ඇයි සුදුලූනු වංචාව, අනික තමුන්ගේ පවුලම සතොසට දාගෙන කල ගසා කෑම
හා කො, ඔයා කියනකං හිටියෙ!
ආත බූත නැතුව ගිහිං පදුරු අස්සේ හැංගිච්ච අය දැන් ටික ටික එලියට එනවා.
මං හිතන්නෙ බන්දුලගේ මැතිවරණ ඉතිහාසයට ම කියාපු ඇත්තක් වෙන්නම ඕනි ඔය කතාව.
ඔහෙලා වගේ එවුන්ව ගෙදර යවපු එකම වංචා දූෂණය පිරිසිදු කිරීමක් තමයි. ඉතුරු ටික ආණ්ඩුව කරගෙන යනවා. ආණ්ඩුව පත්වෙලා අවුරුද්දක් වෙනකම් කට වහගෙන ඉන්න.
හරි හරි ඔයත් ක්ලීන් කරලා ගන්නවා. අර සුදුළුනු ගඳ එහෙම තියෙනවනේ.
මහ ලොකු ආර්තික ඔස්තාර් ..තමුන් ඇමතිකම් දරපු කාලේ කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.