රජයේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරිම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සැකසීම පළමු කාර්යය බවට පත් කර ගන්නා ලෙස හෙට පත්වන නව අධ්‍යාපන ඇමැති ගෙන් ඉල්ලන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.
2013/23 චක්‍ර ලේඛය අනුව පාසලට ළමයකු ඇතුළත් කර ගැනීමේ දී කිසිදු මුදලක් අයකර ගත නොහැකි වුවත් මේ දිනවල සම්මුතිය පරික්ෂණ පවත්වන පාසල් දෙමව්පියන්ගේ විවිධ පරිත්‍යාග ලබා ගන්නා බව හෙළිවී ඇතැයි ස්ටාලින් මහතා කීවේය.
මේ තත්ත්වය වැළැක්වීමට දින 100 ආණ්ඩුව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බව පැවසුවත් එවැන්නක් සිදු නොවු බව කී ගුරු සංගම් ලේකම්වරයා මේ සඳහා වැඩ පිළිවෙළක් සැකසීම ප්‍රථම කාරණය කර ගන්නැයි නව අමාත්‍යවරයා ලෙස කවුරුන් පත් වුවත් ඉල්ලා සිටින බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහත්මයෝ, ඉතින් ඔබතුමාම රජයේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරිම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නකෝ (නි)