පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙල අද (8) හම්බන්තොට නගරයේ වෙරළ තීරයේ එම තරගාවලිය වෙනුවෙන්ම ඉදිකළ ක‍්‍රීඩාසංකීර්ණයේදී ආරම්භ වේ. තරගාවලිය මේ මස 14 වැනිදා අවසන් වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උළෙල අද පස්වරු 7.00 සිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. තරග ආරම්භ කරමින් අද රාත‍්‍රි විදුලි ආලෝකය මධ්‍යයේ වෙරළ වොලිබෝල් තරග පැවැත්වීමට නියමිතය. ක‍්‍රීඩා 10 කින් සමන්විත මෙම තරගාවලියට සහභාගි වී සඳහා රටවල් අටක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 500 ක ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ශ‍්‍රී ලංකාවට පැමිණ සිටිති. තරගාවලිය සඳහා හම්බන්තොට වෙරළ තීරයේ අලංකාර ක‍්‍රීඩාසංකීර්ණයක් ඉදිකර තිබේ. එහි ඉදිකර ඇති පැසිපන්දු පිටියට විශේෂ ස්ථානයක් හිමිවේ. සාමාන්‍ය පැසිපන්දු පිටියක හරි අඩකින් එනම් එය මීටර 15-14 ප‍්‍රමාණකින් යුක්තවේ. වැලි තලාව මත අගල් තුනක පමණ උස, අගල් 3-3 ප‍්‍රමාණයේ කොන්ක‍්‍රිට් කැබලි අතුරා ඊට උඩින් අලංකාර ප්ලාස්ටික් අතුරණයක් එලා තිබේ. එම කොන්ක‍්‍රිට් කැබැල්ලක් කිලෝග‍්‍රෑම් 25 ක් පමණ බරකින් යුත් බව ද සේවකයෝ පැවසූහ. එම ප්ලාස්ටික් අතුරණය අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ (FIBA) නියෝජිතයකු ශ‍්‍රී ලංකාවට රැනෙවිත්, සවිකර තිබේ. මෙවැනි පැසිපන්දු ක‍්‍රීඩාංගණයක ශ‍්‍රී ලංකාවේ තරග පැවැත්වෙන පළමු අස්ථාව ද මෙය වේ. මෙම තරගාවලියේදී පැසිපන්දු කණ්ඩායමකට ක‍්‍රීඩකයන් සිවුදෙනකු ඇතුළත් වන අතර වරකට තිදෙනකුට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ. මෙහිදී ඇතැම් සාමාන්‍ය පැසිපන්දු නීති රීති වෙනස් කර තරග පැවැත්වෙන බව ද ශ‍්‍රී ලංකා පැසිපන්දු පිලේ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඊයේ (7) පුහුණුවීම් සැසිවලට සහභාගි වූහ. ආරක්‍ෂක අංශ සාමාජිකයන්, හම්බන්තොට බන්ධනාගාරයේ රැදවියන් ඇතුළු සේවකයෝ ක‍්‍රීඩාසංකීර්ණය ඉදිකිරිමේ කටයුතුවල ඊයේ (7) නිරතව සිටියහ. මෙම තරගාවලියට පැසිපන්දු, පාපන්දු, අත්පන්දු, කබඩි, දැල්පන්දු, වොලිබෝල්, ජීවිතාරක්‍ෂක, පිහිනුම් (පිරිමි), රුවල් ඔරු සහ වින්ස්කේටින් යන ක‍්‍රීඩා ඇතුළත් වේ. තරගාවලියේ සමාප්ති උළෙල කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 14 වැනිදා පැවැත්වේ. හම්බන්තොටදී ඊයේ (8) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ක‍්‍රීඩා උළෙල සඳහා සියලූම කටයුතු සූදානම් බවයි.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල උස්සවත්ශ‍්‍රීයෙන් අද හම්බන්තොටදී ඇරඹේ