කෝඩුකාර පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක නේතන් ලයන් ගේ (34/5) විශිෂ්ට පන්දු යැවීම නිසා ඕස්ටේ‍්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (1) ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 105 කට සීමාවිය.
වර්ෂාව හේතුවෙන් ඊයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 115 ක් ලබා ලකුණු 283 ක් ඉදිරියෙන් සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේ පළමු පන්දුවේදීම ෂේන් වොට්සන් දවා ගැනීමට චානක වෙළගෙදර සමත් විය. රිකී පොන්ටිං දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 4 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට දැඩි අස්වැසිල්ලක් විය.
ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් ලකුණු 42 ක් ලබා සිටියදී තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක‍්‍රීඩකයකු ලෙස එංගලන්ත ජාතික විනිසුරු රිචඞ් කෙට්ල්බරර් තීරණය කළේය. එම දැවී යෑම විනිසුරු තීරණය විමසීමට යොමු කළ අතර එහිදී ක්ලාක් දැවී නොගිය ක‍්‍රීඩකයකු ලෙස තීරණය කළේය. ක්ලාක් සිය 21 වැනි ටෙස්ට් අර්ධ ශතක ලෙස ලකුණු 60 ක් රැස්කළේය.
ඩිල්ෂාන්ගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට පිලිප් හියුස් දැවීගිය බවට විනිසුරු තීරණය කළේය. එය විනිසුරු තීරණය විමසීමේ අවස්ථාවට යොමු කළ ද එය දැවී යෑමක් ලෙස සනාථ විය.
රංගන හේරත් ප‍්‍රබල පිතිකරුවන් වන මයිකල් ක්ලාක්, මයික් හසී සහ බ‍්‍රැඞ් හැඩින් පන්දු අටක් තුළ දවා ගනිමින් නැවතත් දස්කම් දැක්වීමට සමත් විය.
තරංග පරණවිතාන සහ තිලකරත්න ඩිල්ෂාන් ඊයේ පෙරවරුවේ ශ‍්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළ අතර ඩිල්ෂාන් ක‍්‍රීඩා කළ දෙවැනි පන්දුවේදී ලකුණු 4 කට දැවී ගියේය. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙපළ වන කුමාර් සංගක්කාර (10) සහ මහේල ජයවර්ධන (11) අසාර්ථක වීමෙන් ලකුණු 44 කට කඩුලූ තුනක් බවට පත්විය.
තරංග පරණවිතාන සහ තිලාන් සමරවීර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 43 ක සම්බන්ධතාව ඉනිමේ වැඩිම සම්බන්ධතාව වේ. මුළු ලකුණු සංඛ්‍යාව 87 ක්ව තිබියදී සිවුවැනි කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව ලකුණු 18 ක් තුළ කඩුලූ හතක් බිඳ වැටීමෙන් ලකුණු 105 කට සීමා විය.
තරංග පරණවිතාන අන්තයක් ආරක්ෂා කරමින් පන්දු 115 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 29 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.
ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් මෙම තරගයේදී එක්දින වරම් ලැබූ නේතන් ලයන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලූ පහක් දවා ගැනීමට සමත් විය.
අද (2 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
පළමු ටෙස්ට් තරගය - ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 105 කට සීමාවෙයි