ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (22 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමා විය. පාකිස්තානයට වඩා ලකුණු 314 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කුමාර් සංගක්කාර (221) ලබාගත් ද්විත්ව ශතකයත් ප‍්‍රසන්න ජයවර්ධන (120) ලබාගත් ශතකයත් නිසා ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 483 ක් ලබාගත්තේය.
මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 201 කි.
ජයග‍්‍රහණය වෙනුවෙන් පාකිස්තානු පිල ලකුණු 170 ක් ලබාගත යුතු වූ නමුත් තරගය නිමා වන විට ඔවුන් ලබා සිටියේ කඩුල්ලක් දැවී ලකුණු 21 ක් පමණි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd