ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර මේ මස 20 වැනිදා සිට පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් සිවු දෙනකුට කී‍්‍රඩා කළ නොහැකි වන බව වාර්තා වේ. නායක ඇන්ජලෝ මැතිව්ස් තරග දෙකක තහනමකට ලක්ව සිටින අතර ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වන නුවන් කුලසේකර, තිලකරත්න ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න විවිධ ආකාරයේ ශාරීරික ආබාධයන්ට ලක්ව, සුවය ලබමින් සිටිති.
මේ පිළිබඳව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කළ විමසීමකදී මැතිව්ස් පවසා සිටියේ එම කී‍්‍රඩකයන් පළමු තරගයට කී‍්‍රඩා කරවීමේ හදිසියක් නැති බවත් ඔවුන් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව කණ්ඩායමට එක්වනු ඇති බවත්ය. දකුණු අපි‍්‍රකානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරය ආරම්භ කරමින් අද (16 වැනිදා) පැවැති පුවත් පත් සකච්ඡවේදී මැතිව්ස් මේ බව පැවසීය.
නිමාවූ කොදෙව් සංචාරයේදී පැවැති තරගයකදී ඇගිල්ලේ පන්දුව වැදීම නිසා නුවන් කුලසේකර තුවාල ලබා සිටින අතර තිලකරත්න ඩිල්ෂාන් පාදයේ ආබාධයකට ලක්ව සිටී.
ඒ. බී. ඩිවිලියර්ස්ගේ නායකත්වයෙන් යුත් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමද ප‍්‍රබල කී‍්‍රඩකයන් තිදෙනකු ගෙදර තබා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටී. ආරම්භක පිතිකරු ගේ‍්‍රඒම් ස්මිත්, තුන් ඉරියව් කී‍්‍රඩක ජැක් කලිස් සහ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන ඬේල් ස්ටෙයින්ද දකුණු අපි‍්‍රකානු පිලට ඇතුළත් නොවෙති.
දකුණු අපි‍්‍රකානු නායක ඩිවිලියර්ස් පවසන්නේ මෙම තරගාවලිය තමන්ගේ තරුණ කී‍්‍රඩකයන්ගේ හැකියාවන් උරගා බලමින් 2015 ලෝක කුසලන තරගාවලිය සඳහා අවශ්‍ය කී‍්‍රඩක සංයුතිය සොයා ගැනීමට යොදාගත හැකි හොඳ අවස්ථාවක් බවයි.
ද්වි පාර්ශ්වික තරගාවලියක් සඳහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් අවසන් වරට ශී‍්‍ර ලංකාවට පැමිණියේ 2006 වසරේදී වුවත් එම තරගාවලියේ එක්දින තරග තුනෙන් එකක්වත් පැවැත්විය නොහැකි විය.
2006 සංචාරයේ පළමු එක්දින තරගයේ පළමු දිනය වර්ෂාවට සේදී ගිය අතර අතිරේක දිනයේ තරගය පැවැත්වීමට සූදානමින් සිටි නමුත් කොළඹදී සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා තරගාවලිය අතරමග නවතා දමා දකුණු අපි‍්‍රකානුවෝ සියරට බලා ගියහ.
”ශී‍්‍ර ලංකාවත් දකුණු අපි‍්‍රකාවත් අතර ශී‍්‍ර ලංකාවේ පැවැති එක්දින තරග වලදී දකුණු අපි‍්‍රකානුවන් සතුවන්නේ ඒ තරම් හොඳ වාර්තාවක් නොවෙයි. ඒ නිසා මේ වතාවේදී අප උත්සාහ කරන්නේ එම වාර්තාව වෙනස් කිරීමටයි” යයිද සංචාරක පිලේ නායකයා අද පැවසීය.
ශී‍්‍ර ලංකාව සහ දකුණ අපි‍්‍රකාව අතර ශී‍්‍ර ලංකාවේදී පැවැති එක්දින තරග 11 කදී තරගයක් පමණක් ජයගෙන ඇති දකුණු අපි‍්‍රකාව තරග 9 ක් ම පරාජය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලසේකරයි , දිල්ෂාන්ටයි සෙල්ලම් කරන්න පුළුවන් නම් 1 තරගයකට දාන්න. ඒ දෙන්නගේ අත්දැකීම් අපේ කණ්ඩායමට වැදගත්.නැත්තම් කණ්ඩායමේ සමබරතාවය ගිලිහෙන්න පුළුවන් (නි)
කවදා ඉදන්ද තිරිමාන්න ප්‍රබල වුනේ ...? අනේ හොදයි තිරිමාන්නව නම් අසනීප වුනේ. නැත්නම් බෝල 50ට ලකුණු 5ක් ගැහුවත් එයාට දිගටම අවස්ථාව ලැබෙනවා. කරුණාකරලා තිරිමාන්නගේ අවස්ථාව ඇන්ජිලෝ පෙරේරාට හෝ කිත්රුවන් විතානගේට ලබා දෙන්න. (නි)
දීවිලෙයර්ස් , කරුණාකරලා 2015 අපි දිනන්න ඉන්න අනු ශුරතාවයට කෙල හලන්නේ නැතිව වෙන වැඩක් බලන් ඉන්නවද?(නදී)
ඒක හොදයි අලුත් අයට තැන දෙන්න වෙන විදියක් නැහැනේ. සනීප නැහැ කියලා අයින් වෙන එක හොදයි. කියලවත් කරගන්න බැරි වැඩක්. අර දොර ඇරිය කෙනාට චාන්ස් එකක් දෙන්නේ නැද්ද? පව් එයා අනේ.(නදී)
දිල්ශානුයි, කුලසේකරයි ප්‍රබලයි. මැතිව්ස්ටත් ප්‍රබලයි කියමුකෝ. ඒත් තිරිමාන්න කොහොමද ප්‍රබල වෙන්නේ.(නදී)
ඔයා ක්‍රිකට් පිස්සෙක් වුනාට, ඔයා ඇත්ත තත්වය තේරැම් අරගෙන මැච් බලන්නේ නැහැ. සංගක්කාරගේ හිරකිරිල්ලෙන් තමයි මැච් ගොඩක් පරදින්නෙත්. ලකූණු 200ත් 250ත් අතර ගානක් වගේ නම් සංගාගෙ ගැහිල්ලෙන් යාන්තමින් වගේ ගොඩයන්න පුලුවන් වෙයි. ඒත් ලකූණු 280ක් 300කට වඩා ගැහුවොත් කවද්ද කොහොමද එයා ගහන්නෙ? කොහොමද රේට් එක තියාගන්නෙ. මුලින්ම අපේ අය පුරුදු වෙන්න ඕනෑ හය හතර ගහනවටත් වඩා බෝලෙට එක ගානේ ලකූණු ගන්න හැටි, නැත්නම් ගොඩ යෑමක් නැහැ ලංකාවට. කට්ටිය මාත් එක්ක එකග වෙනවද? (නි)
රවිමල් රටට ගරහන්න එපා .අපී ඕනෙම කුසලානෙක සෙමි හෝ අවසන් වටයට එනවා නේද ?(අ)
විලි ලැජ්ජාවේ බැහැ (නි)
අනේ ප්‍රබාත්, ඔයා ඇත්තටම මැච් බලලා තියනවද ? සංගක්කාර හොදට සෙල්ලම් කරන ගොඩක් වෙලාවට මැච් අපි දිනුවා. සංගක්කාර නැත්තම් ඔය ටිකවත් නැහැ හලෝ. මම නම් හිතන්නේ සංගක්කාර තමයි අපිට ඉන්න හොදම නායකයා. ඒත් එයා ආයේ කවදාවත් ඒක බාරගන් නැහැ අපේ පොලිටික්කන්ට පින් සිද්ද වෙන්න. අනිත් කට්ටියට බෝල ඉතිරි කලාට වැඩක් නැහැනේ ගහගන්න බැරි නම් . (නි)
මේක නිකන් සවුත්තුවට කරපු වැඩක් වගේ. ජ්‍යෙෂ්ටයන් නැතුව ඇවිල්ලා ගහලා යන්න වගේ හදන්නේ.හරියට චැම්පියන් කුසලානේ තීරණාත්මක සෙමි ෆයිනල් එකේදී අපේ කට්ටියට ඉන්දියාවේ එම් එස් දෝනි බෝල් කළා වගේ. විලි ලැජ්ජාවේ පන ගියා. මට නම් කලකිරුනා ලංකාවේ ක්‍රිකට් මෙච්චරටම ගරා වැටුනේ කොහොමද කියලා. ඉස්සර ඉන්දියාවේ නායකයන් කල්පනා කරන්නේ කව්ද ඕපන් බෝල්කරන්න ගන්නේ කියලා (නි)
මම නම් කියන්නේ මාලිංග කරපු දේට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ, ඒ කියන්නේ ඉපල් යන එක තහනම් කරලා තරඟ තහනමක් දෙන්න ඕනෑ. නිකන් හරි ඉපල් ගියොත් මාලිංගව ජාතික කණ්ඩායමෙනුත් ඉවත් කරන්න ඕනෑ. හැබැයි එහෙම කරන්න ඕනෑ හොඳ වේග පන්දු යවන්නෙක් එකතු කරලා, නැත්නම් වෙන්නේ අපි හැමදම ඉන්දියාවට පැරදෙන එක විතරයි. (නි)
සුරේෂ්,ප්‍රභාත් සමින්ද හරියටම හරි. තිරිමාන්න තියාගෙන ඉන්නේ කාගේ වුවමනාවටද? කිත්රුවන් දිමුත් කණ්ඩායමට ගන්න. (නි)
ප්‍රභාත් ඔයා හරි..සංගක්කාර කියන්නේ ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් නමුත් එයා මැච් එක මුලදී නිකරුනේ හිරවෙනවා...එකෙන් වෙන්නේ ඊට පස්සේ බැට් කරන්න එන කට්ටියට පීඩනය වැඩි වෙන එක...සංගක්කාර නම් තව කමක් නැහැ...එයා අන්තිමට හරි ලකුණු ටිකක් ගහල දෙනවා...තිරිමාන්න කරන්නේ හැමදාම බෝල් 75කට ලකුණු 20ක් විතර ගහල අන්තිමට නිකන් බොරුවට ගහන්න ට්‍රයි කරලා අවුට් වෙලා යනවා...මම හොඳට බලපුදෙයක් තිරිමාන්න කියන්නේ ටීම් එකේ එල්ලිලා ඉන්න විතරක් ක්‍රිකට් ගහන ක්‍රීඩකයෙක් රට ගැන හිතල ක්‍රිකට් ගහන ක්‍රීඩකයෙක් නෙවි...එහෙම ක්‍රීඩකයෙකුට කණ්ඩායමේ උපනායකකම දෙනවා අය්යෝ සල්ලි...සංගක්කාර,තිරිමාන්න කියන්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ නිකන් බොරුවට හිරවෙලා බෝල් කකාඉන්නෙ නැතුව බෝලෙට ලකුණක් ගහන්න බැරි නම් ඔයා ජොබ් එකට ක්‍රිකට් ගහන එකෙන් වැඩක් නැහැ රත්තරන්...(අ)
මේ පාරත් ගෙදරටම ඇවිත් කැම දිලා යයි වගේ. අනේ පව් ලංකාවට.(නදී)
තිරිමාන්නව ටීම් එකට දාන එකනම් ඇත්තටම තේරුමක් නැති දෙයක්. අනිත් එක ක්‍රිඩකයන්ව බැට් කරන්න යොදා ගන්න ක්‍රමය ගොඩක් වැරදියි. තිරිමාන්න වෙනුවට ඇන්‍ජලෝ පෙරේරව ටීම් එකට ගන්න ඕනෑ. සංගක්කාරව පස්සට දාන්න ඕනෑ. කොච්චර අත්දැකීම් තිබුනත් හැමදම මැච් එක හිර කරත්තෙ සංගක්කාර. ඒකට එයාට තිරිමාන්නත් සෙට් වුනාම අනිත් අයට බැට් කරන්න බෝලුත් නැහැ, ටීම් එකට ලකූණුත් නැහැ. පස්සේ අනිත් අය හිර චෙච්ච පීඩනයටම අවුට්. (නි)
නවකයන්ට හොද අවස්ථාවක්.(නදී)
මේ තරගාවලියටවත් තිසරට අවස්ථාවක් දෙන්නේ නැද්ද ජයසුරිය මහත්තයෝ? (නි)