එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු ලබන අපේ‍්‍රල් මස අගදී මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
ස්වාධීන විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ වධහිංසා, අමානුෂීක හෝ පිළිගත නොහැකි දඬුවම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුආන් මෙන්ඬේස් ලබන අපේ‍්‍රල් 29 සිට මැයි 07 දා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිතැයි කියති.
මෙරට ප‍්‍රතිසන්ධාන හා වගවීමේ රජයේ ක‍්‍රීයාවලිය සඳහා විශේෂ නියෝජිතයින් දෙදෙනා සහාය දක්වනු ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ විනිසුරුවන් හා නීතීඥවරුන් ප‍්‍රමුඛ අධිකරණ ක්ෂේත‍්‍රයේ ස්වාධීන ක‍්‍රියාකාරීත්වයට සිදුවූ බලපෑම් හා උල්ලංඝනයන් පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇතැයි පැවසේ.
ජුආන් මෙන්ඬේස් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයින්ගේ විශේෂ උපදේශකවරයෙකු වශයෙන්ද ,2010/2011 කාලයේදී ජාත්‍යන්තර නීතීඥ සංගමයේ සම සභාපතිවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.
මොනිකා පින්ටෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියකි.
ඇය 2013/2015 කාලයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ උපදේශක මණ්ඩලයේ සේවය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හිතින්ද? නැත්නම් තද හිතින්ද? (නි)
කසකාරයෝ එනවා වගෙයි පෙරහැර පසුවට (නි)
ජනතාවගේ ඡන්දය නම් ගත්තා. දැන් කරන්නේ මොනවාද? (නි)
අනේ මන්දා රොටිය කරවිය (බ)
ඒ කියන්නේ මෙච්චර කාලයක් අවේ ගියේ බට්ටෝද? (අ)
අපේ රට අනතුරකට පත්කරන්න නොවෙයි නේද එන්නේ? (නි)
අපොයි! මොවුන් තමයි අපේ රට මුලින්ම අල්ලාගත්තේ. (නි)
ඇත්තටම මේ රටේ ඇත්ත සාධාරනය හඳුනා ගතහැකි බුද්දිමතුන් නැද්ද? මැතිවරණයට පෙර පැවැසුවේ මේවාද? සෝභිත හිමි නැතිබැවින් ඉතුරු කට්ටියවත් මේවාට උත්තර දෙනවාද? දැන් මේ රටේ තියෙන්නේ විදේශිය පදයට නැටවෙන රජයක්ද? (නි)