‘අද ඉන්නේ කොළඹට විතරක් සීමා වුණු මහ ඇමැති කෙනෙකු නෙමෙයි. පළාතේ දිස්ත්‍රික්ක තුනටම වගේම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 104 දෙනාටම මම එක වගේ සලකනවා.‘ යි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා කීවේය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් ලබා ගනිමින් දිවයියේ දෙවැනි තැනට පත් වූ බස්නාහිර පළාතේ දරුවන් හතර දෙනාගෙන් අයකු වූ මහර ජනාධිපති විද්‍යාලයයේ නිහාර මධුහංස සිසුවාට ත්‍යාග පිරිනැමීමෙ වෙනුවෙන් පැවැති උත්සවයකට සහබාගී වෙමිනි.
මහර ජනාධිපති විද්‍යාලයයට විද්‍යාගාරයක් ලබා දී එම විද්‍යාගාලය නිහාර සිසුවාගේ නමින් නම් කරන බව ද ඔහු කීවේය.
වේයන්ගොඩ හිරිපිටිය ප්‍රථමිකයේ තරින්ද්‍යා කෞරි පෙරේරා සිසුවියට ද ත්‍යාග පිරිනැමිණි.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීවරු 104 දෙනාමට හොඳින් සලකන තරමට පළාත් සභා බල ප්‍රදේශයේ ජනතාවට ලොකු සතුටක් දැනේවි. (ම)
පළාත් සභා කාරයෝ රටට කරන ලොකුම සේවය තමයි ඔය ක්‍රමය විසුරුවා හැර දමන එක .අපොයි අපේ සල්ලි. (බ)
ළමයින්ගේ දක්ෂතා අගය කරන්න ඕන තමයි, හැබැයි ඔය පොඩි ළමයෙක්ගේ නමින් විද්‍යාගාරයක් නම් කරන එකනම් ටිකක් බර වැඩියි වගේ. (ර)
අපිත් මේ අතපය හිරි අරන් බලාගෙන ඉන්නේ ඊ ලග චන්දෙදි ඔබ තුමාට සලකන්න..(රේ)
ඉගෙනගන්න හැකි පහසුකම් තිබෙන ළමයි කොහොමත් ඉගෙනගන්නවා. මේ විභාගයෙන් ඉගෙනිමට පහසුකම් අඩු හා අවශ්‍යතා ඇති ළමයින්ව කොන් කරනවා කියා මට හිතෙනවා. මේ ළමයින්ගේ දක්ෂතාවය ඇගයිය යුතුයි. නමුත් බහුතරයක් වූ අනෙක් දරුවෝ ගැනත් සිතිය යුතුයි (නි)
පළාත් සහා යනු මහජනතවට මහමෙරක්. ඔය ක්‍රමය දැන්වත් නවත්වන්න බැරිද? ලංකාවට ඕවා ඔරොත්තු දෙන්නේ නැහැ. බලන්න ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය. ප්‍රාන්ත ආණ්ඩු ලංකාවට අවශ්‍ය නැත. (නි)
පළාත් ආණ්ඩු ලංකාවට අවශ්‍ය නැත. මමත් එයට එකඟයි. නිකන් මහජන මුදල් කාබාසිනියා කිරීමක් විතරයි. (නි)
නියමයිනේ! ජයවේවා ඔබට! (නි)