(ඩයනා උදයංගනී)
පළාත් සභා ක්‍රමය ආරම්භ වූ 1989 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 31ක කාලයේදී ඉන් ජනතාවට ලැබුණු ප්‍රගතිය පිළිබඳව තමාට පුළුල් වාර්තාවක් ලබා දෙන්නැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එම වාර්තාව ලැබුණු විගස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පළාත් සභා ක්‍රමය සංශෝධනය විය යුතුද නැතිනම් අහෝසි විය යුතු ද යන්න ගැන තීරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (25) පැවති සාකච්ඡාවකදී පවසා ඇත.
ආරම්භයේ සිට පළාත්සභාවලට ලබාදුන් මුදල් හා ඉන් ලැබුණු ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සොයාබලන බව වීරසේකර මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
පළාත් සභාවල මහ ඇමැතිවරු, ඇමැතිවරු ආදී විවිධ තනතුරු යටතේ රටට සිදු වූ පරිවර්තනීය වෙනසක් තිබේද යන්න සොයා බැලිය යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසූ බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයා රට බෙදන කතාවලට විරුද්ධව ජිනීවා ගිහින් ලොකු සටනක් දුන්නා. ඒ වුණාට පාර්ලිමේන්තුවේ ඒ වගේ කතාවක් කළාම මොකුත් නෑ... මොකක්ද අප්පා ඒ වුණේ?
වීරසේකර මහතාගේ තීරණයට සියලු ජනතාව ගරු කරනු අැත. ඉතා පැහැදිලියි ඔය පළාත්සභා ක්‍රමයෙන් රටට කිසිම සෙතක් නොවුණු බව. වහාම මෙය අහෝසි කර දිස්ත්‍රික්ක පරිපාලන ක්‍රමයට යා යුතුයි..
අහෝසි කරලා දාන්න ඇමතිතුමා.. කිසිම වැඩක් නැති මගුලක් ඕක...
වීරසේකර මහත්මයාණෙනි, ඔබතුමාගේ අදහස සම්පුර්ණයෙන්ම නිවැරදියි. පළාත්සභා වලින් වවාගෙන කන්න සුදානම් වෙච්ච දේශපාලකයෝ පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ එයාලගේ පැවැත්ම සඳහා පළාත්සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමේ දේශපාලකයෝ අවශ්‍යයි.
ජනතාව බලය දීලා තිබෙන මෙම අවස්ථාවේ කිසිම වැඩකට නැති මෙවැනි දේවල් අහෝසි කරලා දමන්න. රටේ මිනිසුන්ගෙන් 95% පළාත්සභාවලට කැමති නැහැ.
පළාත්සභා ආරම්බයේ සිටම අපි ඕකට විරුද්ද වුණා.
බොක්ක හොඳම මිනිහෙක්. ජය වේවා!!!
ප්‍රාදේශීය සභා, නගර සභා තියෙන කුඩා ඒකීය රාජ්‍යයකට පළාත් සභා කුමකටද?
මෙයාගේ මූණ බැලුවාම මට සතෙක් මතක්වෙනවා.
අනේ දෙයියනේ.. වහාම අහෝසි කරන්න. නටපු නැටුමකුත් නැහැ... බෙරේ පලු දෙකම නැහැ. සුදු අලියෙක් මිසක් වෙන වෙච්ච දෙයක් නැහැ. වැඩක් කරන්න ගියාම ජනතාව රස්තියාදු කරපු තවත් එක හොර ගුහාවක් විතරයි. දැන්වත් මේ රටට හරියන දේවල් කරන්න. කොම්ස් බලාගෙන බිස්නස් කරන්න දෙන්නේ නැතිව...
2/3 තිබෙන අවස්ථාවේ කිසිම වැඩකට නැති අපේ බදු සල්ලි විනාශකරන පළාත් සභා අහෝසි කරලා දමන්න.
පළාත් සභා කියන්නේ රටේත්, මහජනතාවගේත් මුදල් නිරපරාදේ ගිලදමන, නැති නාස්ති කරන, මහකමකට නැති, වැඩකට නැති, නාස්තිකාර දෙයක්. පළාත් සභාවලින් රටට සිදුවූ හොඳට වඩා සිදුවුණේ නරකක් හා නපුරක්. මේ කමකට නැති, වැඩකට නැති, රටේ මුදල් වනසන පළාත්සභා අහෝසි කොට අතුගාදමා මේ කරදරයෙන් රටත්, ජනතාවත් බේරාගත යුතුමයි. එය මහපිනක්... !!!