පොලිසියේ අපරාධ පුවතක් පළ නොකරන්නැයි දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න ලංකාදීප මාතර මාධ්‍යවේදී ක‍්‍රිෂාන් ජීවක ජයරුක්ට දුරකථනයෙන් බැණ වැදුණේ මෙසේය. ජයරුක් - මොකක්ද මන්ත‍්‍රීතුමා කිව්වේ? අරුණ ගුණරත්න - පත්තරේ ගියොත් බලාගන්නම් මං ජයරුක් - එහෙනම් ඔබතුමා ඊට කළින් කෝල් එකක් දෙන්න ඕනෑ. ගුණරත්න - ඊට කලින් තමුසෙ කියන්න එපැයි මම ඒක ලියනවැයි කියල. ජයරුක් - නිවුස් එකක් විදියට මම ලිව්වා. ගුණරත්න - පත්තරේ ගියාම අපිට ලැජ්ජයි කියල තමුසෙ දන්නෙ නැද්ද? බූරුවා. ජයරුක් - එහෙනම් ඔබතුමා පොලිසියෙ පැමිණිල්ලක් නොදා ඉන්න ඕනෑ. ගුණරත්න -පොලිසියෙ පැමිණිල්ල! තමුසෙ හැම එකම ලියන්න ඕනද? ජයරුක් - ලියන්නෙයි කියන්නෙ ඉතිං........ ගුණරත්න - ......... පුතා තොට මම කියන්න ඕනද? ජයරුක් - එහෙනම් ඊයෙ අර ගුණරත්න - මාත් එක්ක හැප්පිලා අමාරුවේ වැටෙන්න එපා හොඳේ? ජයරුක් - ඔබතුමත් එක්ක අමාරුවෙ වැටෙන්න මට අවශ්‍යතාවයක් නෑ. ගුණරත්න - මම බැන්නයි කියල පත්තරේටත් ලියාපිය. මම ඒකත් බලාගන්නම් එහෙම වුණොත්. ජයරුක් - හරි එහෙනම් ඒකත් කියන්නම්. ගුණරත්න - හරි බලමු මොකද වෙන්නෙ කියල අන්තිමට. තමුසෙ ගමේ කමට ඔහොමද කරන්නෙ? ජයරුක් - නෑ ඉතින් ඔබතුමා කරපු හොඳ දේවලූත් පත්තරේ දාල තියෙනවා. මම හිතන්නෙ නෑ ඔබතුමාට මේක ප‍්‍රශ්නයක් වේවි කියල. ගුණරත්න - උඹ දැනගන්න එපාද මේක අපට ලැජ්ජයි කියල..........
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සිම්පල් කේස් එකක්නේ. දේශපාලනය කියන්නේ ඔය වගේ දේවල් තියෙන තැනක්නේ කොහොමත්
අරුණ ගුණරත්න මන්ත‍්‍රීතුමා දකුනෙ අපිට ලැජ්ජයි....
ගරු මන්ත්‍රීතුමා, සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලඥයින්ට ලැජ්ජ නැහැ.ගුණරත්න මහත්තයට ලැජ්ජ හිතුනා නම් එතුමාට දේශපාලනයේ තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. දේශපාලනය කරන කොට ගණ දොස් විවේචන උපේක්ෂාවෙන් ඉවසන්න පුරුදු වෙන්න.ලැජ්ජ නැති වැඩ නොකර හිටියාම ඉවරයි නේ.
දේශපාලකයෝ තමයි රටේ නීතීය නැති කරන්නේ පොලීසි වලටත් අයුතු බලපෑම් කරන්නේත් ඒ අයයි.... ඔවුන්ගේ හයිය පෙන්වන්න පාතාලය රජ කරන්නෙත් දේශපාලකයින්ගේ බලපෑම් මතයි ලංකාදීප පුවත්පත මෙවැනි දේශපාලකයින්ගේ නිරුවත හෙළි කිරීම ප්‍රශංසනීයයි
ඕකද මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය නිදහස කිය කියා වේදිකා වල බෙරිහන් දෙනවා ඒ උනත් එයාලගේ වැරදි කියන්න හොද නෑ මාධ්‍ය නිදහසනම් මාධ්‍යයව්දීන්ට හොද නරක දෙකම කියන්න ඉඩ තියෙන්න ඕන මේ වගේ දේශපාලකයෝ දකුණටත් ලැජ්ජයි
මේවා මෝඩ විහිඵ