දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ෂම්මු ආරියවංශ සමතා අද රත්ගම සිය නිවසේ සිට හික්කඩුවට තිරික්කලයකින් ගියේය. මන්ත්රීවරුන්ට දුන් තිරුබදු රහිත වාහන බලපත්රය අහිමිකිරීමටත්, දුම් පරීක්ෂණ හා වාහන ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමටත් එරෙහිව අද සිට තමන් රාජකාරී සඳහා තිරික්කලය භාවිතා කරන බව ඒ මහතා කියයි.
ජායාරූප - අමිල මධුෂංක
ඡායාරූප හා විඩියෝ - දිපාල් ද සිල්වා



![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/0211.jpg)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/0411.jpg)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/0611.jpg)
![IMG_20151203_102616[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/IMG_20151203_1026161.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතා හොඳ ප්රවනතාවක්. පරිසර දුෂණ නැති, ඉන්ධන වියදම් නැති, රිය අනතුරු අවම හොද ක්රමයක්. මේක 2010 සිටම මෙතුමාට කරන්න මතක්වුනානම් කොච්චර හොදද? (ර)
ජය වේවා.! ජය වේවා.! (ර)
අනේ මන්ද මේ මන්ත්රී තුමන්ලාට හරියට වැඩක් කරන්න දන්නේ නැහැනේ. මන්ත්රී ඉන්න ඕන තැන ගොනා ඉන්නවා, ගොනා ඉන්ට ඕන තැන මන්ත්රී ඉන්නවා. බලන කොට දෙන්නම ගොන්නු. (බ)
මෙයාට යන්නට ඔය පාරේ, ලංගම / පුද්ගලික බස් නැද්ද අනෙක් මිනුසුන්ට වගේ, නැතිනම් කොච්චි නැතිද. ඔය පාරේ අනෙක් මිනුස්සු යන්නෙත් තිරික්කලෙන්ද. (ර)
අදහස් දුටුවම ලක් වැසියන්ගෙන් ඔය කරත්තේ නැගල යන කෙනා වගේ මන්ත්රීලා හැර සාමාන්ය මිනිසුන් මොනතරම් බුද්ධිමත්ද කියලා හිතුනා. (ර)
හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ලනොවී තරඟෙටා... (නි)
නියමයි. දැන් තමයි මන්ත්රීවරුන්ට නියම වාහනය ලැබිලා තියෙන්නේ. තමාට ගැළපෙන වාහනය තේරූ අපේ මන්ත්රීතුමාට ජයවේවා!! (නි)
අපරාදෙ පර්මිට් එක... කෑ නොගහ කොහොමද.? (ර)
මම හිතන්නේ මේක හොඳ වාහනයක්. (ර)
දෙන්න ඕන තිරික්කලයම තමයි. (ර)
වරදක් නැහැ ගොන් කරත්ත සංකෘතිය ආපහු කරලියට එනවනම්. අපේ මුතුන් මිත්තෝ ගමන් බිමන් ගියේ මේ වාහනවලින් තමයි. (ර)
සහතික ඇත්ත පද්මිණි, සමහර මන්ත්රීලා ඔවුන්ගේ සැඟවිලා තියන මෝඩකම් රටට ප්රදර්ශනය කරන එකත් දැන් විලාසිතාවක් කරගෙන. එක අතකට මේ වගේ මළ කෝලං හැරෙන්න වෙන මොනවද ඉතින් මෙයාලට කරන්න පුළුවන්. මොළේ තරමටනෙ වැඩේ කරලා තියෙන්නේ? (බ)
තමන්ට අවාසියක් වෙනකොට ඕනෑම දෙයක් කරයි මේ දේශපාලුවෝ. (නි)
ඔය කෑගහන්නේ වෙන මොකටවත් නෙමෙයි (නි)
මේ ෆොටෝ එකෙන් පෙන්නේ දුක්විඳින මනුස්සයෙක් නිහඬව ගොනෙක්ව වාඩි කරවාගෙන යනවා. (ම)
ගොනාව ඉවත්කරලා ඔතනට ගැටගහන්න ප්රධාන පක්ෂ දෙකෙන් පිට කවදාවත් ඡන්දය නොදුන් මිනිස් ගවයෙක් (නි)
මන්ත්රී කෙනෙකුට සුදුසුම වාහනය තමා ඔය. නැත්නම් අනිත් මිනිස්සු වාගේ බස් එකෙන් යන්න. හැමදාම මහජනයා විතරක් බස් වලින් යන්නයි මන්ත්රීලා සැපපහසු වාහන වලින් යන්නයි ඉඩදෙන්න බැහැ. මේ වරප්රසාද නවතා දමමු. (නි)
පරිසර හිතකාමී වාහනයක්නේ... (නි)
බෙන්තර මහේෂ්ගේ කතාවට මමත් එකඟයි. (නි)
පව් අහිංසක ගොනා (ම)
අන්න නියම වාහනය! (නි)
ඔය ගොනාව ලිහල ඒ වෙනුවට සියලුම මැති ඇමතිවරු පොදු ජනතාව නග්ගාගෙන තිරික්කලය බැගින් ඇදගෙන ගියා නම් බලන්න ලස්සනයි නේද ? (ම)
අන්තිමට ගැළපෙන වාහනය තෝරාගත්තා එහෙනම් (නි)
ෂා නියමයිනේ! (නි)
මේ සිද්ධීය නිසා සතුටු වෙන එකෙක් ඉන්නවා. මෙච්චර කාලයක් තිරික්කලය ඇදපු ගොනා දැන් ඇතුලේ වැඩි වෙලා යනවා . (ම)
ගොනෙක් මොකද කරත්තේ වාඩිවෙලා යන්නේ? (ම)
මේ මිනිසුන් සේරමලා යවන්න ඕනේ බස් එකේ උදේ පාන්දරම ..එක ජාතික දනය ඉතිරි කර ගැනීමක් සේම එයාලට තේරෙනවා මහජනයා විදින දුක ..එයාලා විදින සුර සැප වල මහිමේ ...පව් ගෙවන්නේ දුප්පතා ම නේද කියනදේ වැටහෙනවා එවිට ..? (ම)
හරකෙක් උඩ ගොනෙක් යනවා අද තමා දැක්කේ. මේ වගේ ගොන් හරක් තමා දැන් අපේ ජනතා සේවකයන් වෙලා ඉන්නේ. (ම)
කිසි ප්රශ්නයක් නෑ. හැමදාම ඔහොම යන්න. එතකොට ඩීසල් පෙට්රල් ගානත් ඉතුරුයි නේ. තණකොළ එච්චර ගණනුත් නෑ. අනික ඕන තැනක තණකොළ තියෙනවනේ ගොනාට කවල ඕනනං ඔයාටත් කන්න පුළුවන්. ටැක්ස් නෑ, ලාබයි. මොකද තණකොළ සියලු බදු වලින් නිදහස් නේ (බ)
මොන වාහන බලපත්රද මහජන සේවයට ඇවිත්. (ර)
අර අහිංසක සතාව නිදහස් කරලා මෙයාව කරත්තෙට බැඳලා යවන්න ඕනේ. (බ)
ජනතාවගේ ඡන්දෙන් පත්වී පැමිණ දැන්... ජනපති තුමනි මන්ත්රීවරුන්ට දුන් තිරුබදු රහිත වාහන බලපත්රය අහිමිකිරීමටත්, දුම් පරීක්ෂණ හා වාහන ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමට මගේ උපරිම සහයෝගය. (ර)
විදේශ රටවල තිරික්කලයක්වත් දෙන්නේ නැහැ. දෙන්නේ බස් ටිකට් එකක් විතරයි. අපි කරන්න ඕන පොදු ප්රවාහන සේවය නංවාලන එක නේද? (ර)
නොමිලේ ඉගෙනගෙන තමන්ගේ අයිතිවාසිකම් ගැන පමණක් සිතා මේ කරන වැඩවර්ජනය මිනිස් කමටම නිගාවක්. අපගේ දේශීය වෙදමහත්වරුන් ඒ අතින් දෙවිවරුන්. (ර)
මෙයාල මන්ත්රී වෙන්නෙම තීරු බදු වගේ සහන බලාගෙන විතරයි. මේ වගේ අයට ඡන්දෙ දෙන අපිට ගොනා අනින්න ඕන. (ර)
අනේ! මේ මනුස්සයට රටේ තිබෙන එකම ප්රශ්නය වාහන තීරුබද්ද වෙන්න ඇති. (නි)
බොරු සෝබන (බ)
අපොයි ඔය තිරික්කලේ බදින්න පුළුවන් හොඳ කට්ටිය ඉන්නවා දියවන්නාව පැත්තේ. (බ)
මෙන්න අමුතු සතෙක් කරත්තයක් උඩ යනවා ලක්වැසියනේ බලාගන්න ආයේ බලන්න වෙන්නේ නෑ (බ)
බොහොම හොඳයි. ඔහොම යමු ඔහොම යමු (නි)
හරකෙක් උඩ මීහරකෙක් (බ)
රනා මසුරන් වටිනා කතාවක්නේ ලියලා තියෙන්නේ. මොනවා කරන්නද? ගොන්නුන්ට දැන් බුරුවන්ගේ බරත් අදින්නයි වෙලා තියෙන්නේ. ගොඩක් අයට නොතේරුනාට මේ අපිට කරගහන්න වෙලා තියෙන්නෙත් ඔය බුරුවන්ගේ බරම තමයි.(ම)
බොරු සෝබන! මීට වඩා වැඩ තිබෙනවා කරන්න. බොරු නැතුව කටුදම්පේ - ඉඹුල්ගොඩ පාර හදන්න බලධාරීන් දැනුවත් කරන්න (නි)
අර තිබෙන වාහනයට මොකද කරන්නේ දැන්? (නි)
මෙයාලා මන්ත්රී වෙන්නෙම තීරු බදු වගේ සහන බලාගෙන විතරයි (නි)
මේක මාර රටක්නේ! ඔය රටේ නිකන් වාහන දෙනවද? අපිටත් බැරිද ඔහේ වැසියෙක් වෙන්න? (නි)
මම හිතන්නේ මෙයාගේ ඇත්ත උවමනාව තිරුබදු රහිත වාහන බලපත්රය අහිමිකිරීමට එරෙහිවයි. නමුත් ඒක සාධාරනීකරණය කිරීමට එළවලු මිල ගැන ටිකකුත් එකතුකරලා තිබෙනවා වගේ මිනිසුන්ව රවටන්න. (නි)
මේ වගේ අයට කරත්තයක්වත් දෙන්න එපා (නි)