තමා සම්බන්ධ ප‍්‍රවෘත්තියක් පුවත්පතේ පළ කළහොත් අසුවන තැනකදී පහර දී මරා දමන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න දුරකතන ඇමතුමක් දී මරණ තර්ජනය කළැයි ලංකාදීප මාතර වාර්තාකරු ක‍්‍රිෂාන් ජිවක ජයරුක් මහතා මාතර පොලිසිට අද(1) පැමිණිලි කෙළේය.බ‍්‍රහස්පතින්දා සවස 1.52ට පමණ තමාට දුරකතන ඇමැතුමක් දුන් පළාත් සභා මන්ත‍්‍රී මා ගැන ප‍්‍රවෘත්තියක් ලැබුණා දැයි අසා දිගින් දිගටම කුණුහරුපෙන් බැණ වැදුණු බවත් ජයරුක් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. ‘‘පත්තෙරේ ගියොත් බලාගන්නම් මම, තමුසේ මට කියන්න එපයැ මම ඒක ලියනව කියලා. තමුසේ දැන ගන්න ඕන නේ ඕයි මේව පත්තේරේ ගියාම අපට ලැජ්ජයි කියල. බුරුවා, තමුසේ හැම එකම ලියනව...... ..පුතා තමුසේ අමාරුවේ වැටෙන්න එපා. මාත් එක්ක හැප්පිලා. අන්තිමට වෙන්නේ මොකක්ද බලමු. උඹට ඕන නම් මම බැන්නයි කියලත් පත්තරේ දාපන්. මම ඒකත් බලා ගන්නම්. අන්තිමට.......... පුතා දැන ගන්න එපැයැ අපිට ලැජ්ජයි කියල අනෙක් කිසිම පත්තරකාරයෙක් ඕව දාන්නේ නැහැ. එහෙ දාන්නට නම් ඊට කලින් මගෙන් අහනවා. ජ්‍යෙෂ්ට මාධ්‍යවේදීන් පවා එහෙමයි. තමුසේ හිතන් ඉන්නව ද තමුසේ මාතර ලොකු පත්තරකාරයෙක් කියල මාතර අනිත් මාධ්‍යවේදිනුත් මේක දාන්නේ නැහැ. කියල මට කීවා. ආ හරි බලාගමු. තමුසේ මේකත් ලියනව. මම එකෙකුටවත් බය නැහැ.’’ තමාගේ ගෙට හොරුන් පැනීමේ පුවත තමාගෙන් නොආසා පළ නොකරන ලෙස මාතර වාර්තාකරුට පැවැසුවා මිස තර්ජනය නොකළ බව දකුණු පළාත් සභා මන්ත‍්‍රී ගුණරත්න මහතා කීවේය. ‘‘මං මොකටද ඔහුට තර්ජනය කරන්නෙ. මාතර අනෙක් මාධ්‍යකාරයන් ඔහොම කරන්නේ නැහැ. මා ඔහුට තර්ජනය කෙළෙත් නැහැ. කරන්නෙත් නැහැ‘යි ඔහු සඳහන් කෙළේය.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේත් චන්ඩියෙක්ද? ටෙලිෆෝන් එකෙන් සද්දෙදාල, දැන් කොරකොර ගානවා. ඔහොම චන්ඩි දැන් පාර්ලිමේන්තුවෙයි, පලාත්සභා, ප්‍රාදේශියසභාවලයි, පදුරු ගානෙයි ඉන්නවා.මේ අයට චන්දෙ දෙන අයටම තමා ගහන්න ඕනෙ.
ලංකාවේ තියෙන කැතම ක්‍රමය තමයි ඕනෑම කෙනෙකුට ජ්න්දයකට ඉදිරිපත් වීමට තියෙන හැකියාව.( මේකේ ඉන්නවා එක එක තරාතිරමේ කට්ටිය කොයි පක්ෂය තුල උනත් ) රටක් පාලනය කරන්න උගත් බුද්ධිමත් පිරිසක් උවමනායි, එහෙම එකේ අඩුම ගානේ උසස් පෙළවත් සමත්ව තිබීම අනිවාර්ය කිරීමක් කිරීම ඉතාමත්ම කාලෝචිතයි,
ජනමාධ්‍ය හා තාක්ෂණයේ දියුණුව පිළිබදව අවබෝධයක් නොමැති තමන්ට හිමිව ඇති සමාජ තත්ත්වය හමුවේ තමන්ට රිසි සැමදෙයක්ම කල හැකි යැයි විශ්වාස කරන දකුණු ඉන්දිය චිත්‍රපටවල සිටින දේශපාලනයෙකුගේ චරිතයට සමාන අයුරින් සිතන මෙවන් අඥාණ පුද්ගලයින් පිළිබදව සියලු තොරතුරු හැකි සැම විටම ජනතාව හමුවේ ඉදිරිපත් කිරිමට නිර්භිත වීම පිළිබදව ක්‍රිෂාන් ජීවක මහතා සහ ලංකාදීප පුවත් පතට ප්‍රණාමය.
මේ වගේ හරක් ට චන්දෙ දුන්න මිනිස්සුන්ට තමා පිස්සු. තව කී දෙනෙක් ඉන්නවද? ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ?
ජනාධිපති තුමනි මේ වගේ දේශපාලනයන් නිසා පොදුජන එක්සත් පෙරමුන නෝන්ඩි වෙනවා. ඒකනිසා මේ වගේ මිනිස්සු වැඩක් නැහැ. වාර්ථාකරුගේ රාජකාරිය එයා කලාම එයාට බැණවැඩක් නැහැ.ජනාධිපතිතුමා වාර්ථාකරුවන්ට නිවැරැදි දේ ලියන්න කියලා අවසර දීලා තියෙද්දි චන්ඩිවෙන්න බැහැ මේ වගේ මන්ත්‍රිලාට ලබන ඡන්දයේදි බලාගන්න පුලුවන් මොකද වෙන්නේ කියලා.
චන්ද දායකයා බුද්දිමත් නම් මීට වඩා හොඳ පිරිස් බලයට පත්කර ගත හැක.චන්ද දායකයින් අන්දයින් මෙන් තම චන්දය බාවිතා නොකර මෙරටට වැඩක් කළහැකි මිනිසුන් බලයට පත්කරගත යුතුය. හැම පක්ෂයකම දක්ෂ මෙන්ම දුර්වල අපේක්ෂකයින් සිටී.ඇති දක්ෂයින් තෝරා ගැනීම් ජනතාවගේ දක්ෂතාවයි. ජනතාව හොරුන්, මන්කොල්ලකරයින්,ස්ත්‍රී දුෂකයින්, මත ද්‍රව්‍ය වෙළෙඳුන් ප්‍රතික්ෂේප කරන්නේනම් සෙත සැදෙන්නේ ඔවුන්ටමය.
මේකා මොන චන්ඩියෙක්ද කාඩ් බෝඩ් චන්ඩියෙක් ඔය වගේ නුගත් අයට ජන්දය දෙන ගොන්නුන්ටයි ගහන්න ඕන
ජනාධිපතිතුමනි මේකද ප්‍රජාතන්ත්‍රවාදය