හරීන් ප්‍රනාන්දු සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම නිසා පුරප්පාඩු වූ ඌව පළාත් සභා මන්ත්‍රීධූරවලින් එකකට ආචාර්ය ප්‍රදීප් විජේවර්ධන හැර වෙනත් අයකු නම් කිරීමෙන් මැතිවරණ කොමසාරිස් වළක්වාලමින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණය අද ඉවත් කළේය.
පුරප්පාඩු වූ එම ධූරය සඳහා තමා පත්කරන ලෙස ඉල්ලා ප්‍රදීප් විජේවර්ධන ගොනු කළ පෙත්සම සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී ලැබූ මනාප අනුව ලැයිස්තුවේ ඊළඟට සිටින තැනැත්තා තමන් බැවින් පළාත් පාලන මැතිවරණ පනත අනුව එම පුරප්පාඩු සඳහා තමන් පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ ලේකම්වරයා බැඳී සිටින බව පෙත්සම්කරු කියා සිටී.
පරාජිත ලැයිස්තුවේ නම වැනි තැන තමාට හිමි නමුත් තමා නොසළකා හැර 10 හා 11 ස්ථාන ගත් අය පත්කිරීමේ උත්සාහයක් ඇතැයි ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුපිළිවෙළට වැඩේ කළා නම් ඉවරනේ... (නි)