ගාල්ල සහ මාතර පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉවත් වීමට ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද (08) තීරණය කළේය.
පෞද්ගලික හේතු මත නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු කීවේය.
ඒ අනුව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 28 වැනිදා මෙම පෙත්සම සලකා බැලීමට අධිකරණය තීන්දු කළේය.
එම්.එච්.හෂීස් මොහොමඩ් ඇතුළු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හි පළාත් පාලන ආයතන වල හිටපු සභාපති වරුන් හා නියෝජ්‍ය සභාපතිවරුන් 18 දෙනෙකු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති, එහි සාමාජිකයින් ,පළාත් පාලන ඇමතිවරයා , නීතිපතිවරයා ඇතුළු 29 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් එස්.රාජරත්නම් මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා , ෆයිස් මුස්තාපා සහ නීතීඥ සුගත් කල්දේරා යන මහත්වරුන් පෙනී සිටියහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පළාත් ඡන්දයේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවතට
සුරනිමල Saturday, 09 July 2016 03:17 AM
පළාත් පාලන ආයතන වලට වෙන් කරන මුදල් පළාතේ සුභ සිද්දියට වියදම් කලාදැයි පුරවැසියන් සොයා බැලීමට පුරවැසි කමිටු පිහිටවිය යුතුය. (ර)
උපාලි Saturday, 09 July 2016 10:24 AM
ඉස්සර ගම සබා ක්‍රමය පවතින කාලේ අපි ගමේ මැම්බර් මහත්තය හොඳට අඳුනනවා. නොමිලේ සේවය කල ඔවුන් අතේ තියෙන තුට්ටු දෙකත් ගම වෙනුවෙන් වියදම් කරන්න මැලි වුනේ නැහැ. අද පළාත් සභා සුදු අලි නඩත්තු කරන්නම අපි ගෙවන සල්ලියක්. මොනව කරනවටද? හැමෝම එපා කියන මේ සුදු අලි හුදෙක්ම දේශපාලුවන්ගේ උවමනාව මතනේ තියාගෙන ඉන්නේ. (ර)
ශාන්ත Saturday, 09 July 2016 11:54 AM
මොකද මේ වෙන්නේ.(හේ)