(සුජිත් හේවාජුලිගේ )

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එම මැතිවරණය හැකි ඉක්මනින් පවත්වා උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසද දැනුම් දී ඇත.

ඉන්දීය රජයේ ප්‍රධානීන් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් ඉන්දියාවේ සංචාරයක යෙදුණු අවස්ථාවේදීද පළාත් සභා ඡන්දයේ ඇති අවශ්‍යතාව පෙන්වාදී ඇත.

පළාත් සභා ක්‍රමය ඉන්දියාවේ ප්‍රාන්ත සභා අනුව යමින් දහතුන් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාව ක්‍රමය හඳුන්වා දෙනු ලැබූවකි. දෙනු ලැබීය.

මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඡන්ද ක්‍රමය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන සතියේ රැස්වීමට නියමිතය.

එම කාරක සභාවේදී ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ඉතා ඉක්මන් තීරණයක් ගැනෙනු ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

අමාත්‍ය විජිත හේරත් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.