2016 අය වැය යෝජනා මගින් පළාත් සභාවල වැය ශිර්ෂය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත් කිරිම පිළිබඳ විරෝධය දක්වන බවත් ඊට විසඳුමක් දෙන ලෙස ඉල්ලමින් පළාත් අමාත්‍යවරු සඳුදා (07) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සංදේශයක් භාර දීමට නියමිත බවත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවැසීය.
මෙය පළාත් සභාවන් හි ශක්තිය ශුන්‍ය කිරිමට සැකසු යෝජනාවක් බවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවන් සඳහා දී ඇති බලය මධ්‍යම රජය උදුරාගෙන ඇති බවද මෙම ඉදිරිපත් කළ අයවැය යෝජනාව සංශෝධනය විය යුතු බවත් මේ ගැටලුව නිසා පළාත් සභාවන් හී අයවැය සැකසීම ගැටලුවක් වි ඇති බවත් ඒකනායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2016 අයවැය යෝජනා මඟින් පළාත් සභාවල ශිර්ෂය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත්කිරිම ගැටළුවක් වියනොහැකි යැයි මට සිතේ. (නි)
මේ ගොල්ලන්ට මොන දුකක්ද? මහජන මුදලින් කාලා බීලා ඔහේ ඉන්න එකනේ කරන්නේ. දුකට හේතුව නම්, වැය ශීර්ෂය අඩුකළ නිසා වංචාවට මං ඇහිරී යාමයි. ජනාධිපතිතුමනි, ඔබතුමා හදන නව ව්‍යවස්ථාවෙන් නුසුදුස්සන් පන්නා දමන්න. දුප්පත් ජනයාට හෝ රටට මොවුන්ගේ වියදම් දරාගත නොහැක. (නි)
13 වෙනි සංශෝධනය දුන්නහම පළාත් සභා වලට පොලිස් බලය සහ ඉඩම් බලතල ලැබෙනවා. ඒවා පළාත් සහා වලට ලැබෙනවට අපි විරුද්ධයි. අනික පළාත් සභා අපිට උවමනවට පිහිටවපුවා නොවෙයි. මෙය පළාත් සභාවන්හි ශක්තිය ශුන්‍ය කිරීමට සැකසු යෝජනාවක් එහෙම එනවා නම් මම කැමතියි (නි)