පිළිකාවක් යනු මිනිස් සිරුරේ කිසියම් ප‍්‍රදේශයක හෝ අවයවයක පිහිටි ෙසෙලයක අක‍්‍රමවත් වර්ධනයක් හේතුවෙන් ඇතිවන තත්වයකි.
මෙවැන්නක් හටගත් මුල් අවස්ථාවකදී එතරම් වෙනසක් නොමැත. පිළිකාවක් හටගත් මුල් අවධියේදී රෝගී තත්වයෙන් පෙළෙන බවක් පවා නොදනී.
පිළිකා රෝගවලින් සියයට 30 ක් පමණ නැවත සුවකළ හැකි තත්වයේ පවතින ඒවා බව වෛද්‍යවරු ප‍්‍රකාශ කරති. සිරුරේ යම්කිසි වෙනස්කමක් ඇතිබව වැටහේ නම් කල්තියාම වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවාගැනීම වඩාත්ම සුදුසුය.
සිරුරේ විවිධ අවයවයන් වන පෙනහළු, උගුර, ගලනාලය, පියයුරු, මුඛය, බඩවැල්, තයිරොයිඞ් ග‍්‍රන්ථිය, පුරස්ථි ග‍්‍රන්ථිය, ගැබ්ගෙල ආදී ස්ථානවල මෙවැනි පිළිකා තත්වයන් හටගත හැකිය.
කොන්ද ප‍්‍රදේශයෙහි වේදනාවක්, හුස්ම ගැනීමේදී කිසියම් අපහසුතාවයක් දැනේනම් එය පෙනහළු පිළිකාවක පෙර නිමිත්තක් විය හැකිය. උගුර හා ගලනාලය සම්බන්ධ පිළිකාවකදී නම් ආහාරගැනීමේදී ගිලීමට අසීරු බවක් හා වේදනාවක් ඇතිවේ. ශරීරයේ බරද බොහෝදුරට අඩුවිය හැකිය.
පියයුරු පිළිකාව සහ ගැබ්ගෙල පිළිකාව කාන්තාවන් අතරේ බහුලව වැළඳෙන පිළිකා වර්ග දෙකකි. පියයුරු මත ගැටිත්තක්, පැල්ලමක්, ඉදිමීමක් සිදුවී තිබීම, පියයුරු සමෙහි ගොරෝසු බවක් හටගෙන තිබීම, තන පුඩු ඇතුළට ගිලීගිය ස්වභාවයෙන් යුක්ත වීම ආදී කරුණු පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ වේ.
යෝනි මාර්ගයෙන් එකදිගට රුධිරය පිටවීම, ලිංගික සබඳතාවයකින් පසු රුධිරය පිටවීම වැනි ලක්ෂණ හටගනී නම් එය ගැබ්ගෙල ආශි‍්‍රත පිළිකාවක ස්වභාවයකි. පුරස්ථි ග‍්‍රන්ථි පිළිකාව පුරුෂ පාර්ශවය තුළ බහුලව දැකිය හැකි පිළිකා අවස්ථාවකි. මුත‍්‍රා පිටකිරීමේදී වේදනාවක්, අපහසුතාවයක් හටගැනීම, නිතර නිතර මුත‍්‍රා පිටකිරීමට අවශ්‍ය වීම, මුත‍්‍රා සමග රුධිරය පිටවීම මෙහි රෝග ලක්ෂණ වේ.
බඩවැල් හෙවත් අන්ත‍්‍රවල හටගන්නා පිළිකාවක් පෙරසිටදීම පූර්ව ලක්ෂණ හඳුනාගත හැකිය. මළපහ කිරීමේදී ඇතිවන වේදනාව හා අසම්පූර්ණව පිටවූ බවක් දැනීම, මළපහ සමග රුධිරය පිටවීම, උදරයේ වේදනාව, ශරීරයේ බර අඩුවීම මෙහි ප‍්‍රධාන ලක්ෂණ වේ.
තයිරොයිඞ් ග‍්‍රන්ථිය ඉදිමීම, කටහඬ වෙනස් වීම, ගෙලෙහි වසාගැටිති හටගැනීම, හුස්ම ගැනීමට හා ගිලීමට ඇති අපහසුතාවය තයිරොයිඞ් ග‍්‍රන්ථි පිළිකාවේ මූලික රෝග ලක්ෂණ වේ.
මුඛ පිළිකාවක්දැයි හඳුනාගැනීමට මුඛය පරීක්ෂා කිරීමෙන් ඔබට හඳුනාගත හැකිය. මුඛයේ සුදු හා රතු පැහැති ලප හටගැනීම, අසාමාන්‍ය දාහයක් හටගැනීම, තුවාල හටගැනීම, දිව සෙලවීමේ හා මුඛය විවෘත කිරීමේ අපහසුතාවය මෙහි රෝග ලක්ෂණ වේ.
පිළිකා රෝග ලක්ෂණ කලින්ම හඳුනා ගැනීමෙන් වහාම ප‍්‍රතිකාර කටයුතු සිදුකර ජීවිත අවදානම වළකාගත හැකිය.
(අන්තර්ජාලය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසා ග්‍රන්ථි සුළු වශයෙන් ඉදිමීම අනිවාර්යයෙන්ම පිළිකා ලක්ෂණයක්ද?
මාගේ මුඛයේ සුදු පැහැති ලප 2ක් ඇත. නමුත් එක් ලපයක් උෂ්ණ බිබිලක්ය. අනෙක් ලපය බිබිලක් වැනි සුදු පැහැති ලපයකි. උෂ්ණ බිබිලහි වෙදනාවක් ඇති මුත් බිබිලක් වැනි ලපයෙහි වෙදනාවක් නොදැනේ එ් කුමක් නිසාද?
මාස 7ක් 8ක් විතර කාලයක් තිස්සේ මගේ දකුණු කම්මුලෙහි අැතුල් පැත්තේ පුංචි ගැටිති කීපයක් තියන්වා. මම වෛද්‍යවරු කිහිප දෙනෙක්ට පෙන්නුවා. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ කීවා. ඒ සඳහා බෙහෙත් අවශ්‍ය නැහැ කිව්වා. ඒ ගැටිති තවත් සුව වෙලා නැහැ. දැවිල්ලක්වත් නැහැ. පැතිරීමකුත් නැහැ. මෙය පිළිකා තත්වයක්ද?
විටින් විට හැමතැනම දැවිල්ල ගන්නේ මොකද.?
මගෙ වයස 45කි. මගෙ කොන්දයේ පිටුපස දදයක්/ආසාදනයක් හටගෙන ඇත. ප්‍රතිකාර ගත්තද අඩු වූයෙ නැත. වෙනත් ආබාදයක් නොමැත. නමුත් ආසාදනය හට ගත් පසුදා සිට මාගෙ කොන්ඩය බොහෝ සේ යයි.මෙය පිලිකාවවක රෝගී ලක්ෂණයක්ද?
දිගු දිනක සිට මගේ කොන්දේ අධික වේදනාව පවතී... ඇතැම් විට වේදනාව වැඩි වූ විට කැස්ස ඇතිවේ. මාගේ පියාට සහ අම්මාගේ අක්කාටද පිළිකා වැළඳී ඇත. මට පිළිකා අවධානමක් තිබේද...?
දැනට මාස දෙක තුනක සිට මගේ ඇඟ කසනවා. ඊට පසු දළඹුවෙක් ගෑවුණාම දද එනවා වගේ ලොකු පොඩි දද එනවා. විනාඩි 15කින් විතර මේ දද නැතිවෙනවා. පිරිටන් පෙත්තක් බිවිවාම දින දෙක තුනක් නවතිනවා. නැවත ඇඟ කසලා පලු දානවා. පාන්දර, රෑට, දවාලට, උදේට මේ හැම වෙලාවකම මේ දේ වෙනවා. හැබැයි කැසුවා කියලා පස්සේ දැන ගන්න ලකුණක් වත් නැහැ. මෙහෙම වෙන්න හේතුව කුමක්ද?
මටත් ළඟ ළඟ මුත්‍රා පිටකළ යුතුයි, මුත්‍ර පිටකළ පසු මුත්‍රාදාහය ඇත.. පැය දෙකක් වගේ කාලයක් මුත්‍රා පාලනය කළහැකිය.. මුත්‍රා කිරිමට හැකි වේගය තිබේ... පුරස්ථි ග්‍රන්ථි ආබාධයක් දැයි පහදන්න...
මගේ ශරීරයේ බර මාස 5ක් පමණ කාලය තුළ වේගයෙන් අඩුවීමක් වුණා. හැම මාසෙම කිලෝ එකක් හෝ දෙකක් අඩුවෙනවා. ඒ කුමක් නිසාද කියා දැනගන්න පුළුවන්ද? වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ කෙසේද?
මම උසස්පෙළ සිසුවියක්.මුලින්ම මගෙ කකුල් නිකන්ම ඉදිමෙන්න ගත්ත.ඊට පස්සෙ එක කකුලක වලලුකර ප්‍රදේශය හිරිවැටුනා.ඒක නැති උනේම නෑ.නිතරම එහෙමමයි.පස්සෙ ඒ හිරි වැටීම අනික් කකුලට මාරුවෙලා මුලින් තිබ්බ කකුලෙන් නැති උනා.දැන් මගේ කකුලෙ හිරිවැටීම නැතිවෙන්නෙම නෑ.ඒ වගේම මගේ පිටේත් ඔළුවේත් අමුතු ලප වගයක් ඇවිල්ලා තියෙනවා.මගේ කන් දෙක පිටි පස්සෙ,ඔළුව පිටිපස්සෙ කුද්දෙටි වගේ ඇවිත් තියෙනවා.මේ ලගදි මට බෙල්ලෙ වම් පැත්තෙනුත් පනින ගැටිත්තක් වගේ එකක් අහු වෙනවා.මම මුලින් සමේ රෝග අංශයෙන් ප්‍රතිකාර ගත්තා.ඒත් මේක සමේ රෝගයක් නෙවෙයි කියලා මාව ස්නායු රෝග අංශයට මාරු කලා.මේ රෝග ලක්ශන ඔක්කොම එකිනෙකට සම්බන්දයිද?
කටින් සහ නාසයෙන් ලේ යෑම , කොණ්ඩය යෑම , අධික නිදිමත වැන් ලක්ශන පිලිකා ද ?
කෙල ගිලීමෙදී උඩුතල්ල රිදෙන්නෙ පිලිකා වලදිද
අධික නිදිමතයි කොන්ඩේ යනවා කියන්නෙයි කැන්සර් එකක ලක්ෂණ
දැන් සති 2ක් තිස්සේ මගේ උගුරේ මොන යම් හෝ දෙයක් හිර වුණා වගේ කෑමක් ගැනීමට අපහසුයි... කෑමක් උගුරෙන් පල්ලෙහාට යන්නේ නෑමයි දැනෙන්නේ... කෙල ගිලින්නත් අමාරුයි. නිතරම වමනෙට එනවා. දැන් නම් දියර දෙයක් වුණත් බොන්න බැරි තරම් උගුරේ හිරවෙනවා වගේ. ඒ වෙලාවට හුස්ම ගන්නත් ගොඩක් අමාරුයි...
අධික ලෙස හිසරදය දීර්ඝකාලීනව පැවතීම පිළිකා තත්වයක්ද?
වටිනවා
උගුරේ ප්‍රශ්නයක් සාර්තකව පරීක්ෂා කරගන්න පුලුවන් කොහෙන්ද..?
දැන් අවුරුද්දක් පමණ මාගේ බෙල්ල පිටුපස ගැටිති දෙකක් අසුවේ. වෛද්‍යවරයෙකු හමු වූ විට පැවසුවේ ස්නායු තෙරපීමක් යනුවෙන් මේ වනවිට බෙල්ල ඉදිරිපස ද එම වගේ ගැටිත්තක් පැමිණ ඇත.. මා කුමක්ද කළ යුත්තේ මා මේ වන විට විදේශගත වී සිටින්නේ...!