IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පිළිකා පිළිසරණ මෙවරත්

කොළඹ අප් ටවුන් රෝටරැක්ට් සමාජය මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට බෙහෙත් ආදීය සපයා දීමට අරමුදල් පරිත්‍යාග  සදහා දෙසැම්බර් 8 වැනිදා  පේදුරුතුඩුවේ සිට කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා (කිලෝමීටර් 390ක) සයිකල් හා ධාවන චාරිකාව ඇරැඹීමට යයි.

දෙවසරකට පෙර පිළිකාවකින් තම පියා අහිමි වු රගර් ක්‍රීඩක තිවංක බුලන්කුලම මහතා ද මෙම චාරිකාවට එක් වීමට නියමිතය.

වාර්ෂිකව පවත්වන මෙම චාරිකාවෙන් 2010 දී රුපියල් හාරලක්ෂයකට ආසන්න පරිත්‍යාග ලැබුණු බවද 375 දෙනකු ඒ ගමනට එක් වු බවද 2012 චාරිකාවට 1600 දෙනකු සහභාගී වී රුපියල් දහතුන්ලක්ෂයකට අධික මුදලක් එකතු කැර රුපියල් ලක්ෂ 14 ක බෙහෙත් පිළිකා රෝහලට පරිත්‍යාග කළ බවද සංවිධානයේ සම සභාපතිවරුන් වන නරේන්ද්‍ර සේනාරත්න (077-7554489)   හා තිලිණ ද සිල්වා (077-7451505 ) මහත්වරු කියති.

පිළිකා රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය  දොස්තර ජයන්ත බලවර්ධන  පණිවිඩයක් නිකුත් කරමින්  පිළිකා රෝහලේ අඩුපාඩු සපුරා දීම සදහා  රෝටරැක්ට් සමාජයට ගන්නා විශිෂ්ට මෙහෙවරට උදව් උපකාර කරන්නැයි සියලු සංවිධාන  දානපතියන් හා  ලෙන්ගතු හදවත් ඇති සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.

  කොළඹ අප් ටවුන් රෝටරැක්ට් ක්ලබ් නමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ  අංක 025100003703 දරණ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි බව සංවිධායකයෝ කියති.

 



අදහස් (0)

පිළිකා පිළිසරණ මෙවරත්

අමිළ කටුනායක Tuesday, 03 December 2013 07:42 PM

පිලිකා රෝහල හදවත දවාලන තැනක්. ඒ අයට හැකි පමණ උදව් පදව් කරන්න ඕනේ.(නදී)

:       0       0

ලසන්ත ධීරසිංහ Tuesday, 03 December 2013 03:15 PM

ඉතාමත් වටිනා පින්කමක් කරගන්නෙ මගේ සහෝදරයනි... ඔබලාට යහපතක්ම වේවා. (ස)

:       0       0

ශ්‍රියාණි Tuesday, 03 December 2013 09:28 PM

මහගු පින්කමක්. අපි මෙයට හැකි පමනින් දායක වෙමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site