‘එච්එන්ඩීඒ සිසු විරෝධතාවට පහර දීම ගැන අගමැති නීතිය හා සාමය ඇමැතිගෙන් වාර්තාවක් ඉල්ලුවා. ඇමැති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලුවා. වාර්තාව ඉල්ලා සුළු වේලාවක් යද්දි පොලිසියේ වග කිව යුතු නිලධාරීන් පස් දෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් තියලා පහර දීම සාධාරණීකරණය කරන්න උත්සාහ කළා. එහෙනම් වාර්තාව ඉල්ලලා තියෙන්නේ මේක සාධාරණීකරණය කරන පිරිසකගෙන්ද?‘ යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
එන්එන්ඩීඒ සිසුන්ට පහර දීමට එරෙහිව මරදාන සීඑස්ආර්හිදී පැවැති මාධ්‍ය සාකච්ඡාවට ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.
එහි දී අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ උද්ඝෝෂණය විසිරැවූ ආකාරය ගැන රූපවාහිනී නාලිකාවල විකාශ වූ වීඩියෝ දර්ශන දුටුවා නම් වාර්තාවක් සකසා ගත හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ආණ්ඩු පත්කරනවා , ආණ්ඩු පොලිසිය පත්කරනවා , ජනතාව බදුත් ගෙවනවා , පොලිසියට ඒක නිසා පඩි ලැබෙනවා , පොලිසිය ජනතාවට පහරදෙනවා , මේක චක්‍රයක් , මෙයින් මිදෙමු (බ)
අද පොලිසියේ තත්ත්වය කුමක්ද? (නි)
පුජිත් ජයසුන්දර කියන්නේ තවත් අනුර සේනානායක කෙනෙක් විතරයි ,,,....(රේ)
මේ නිර්මාල් උන්නැහේ ඔබලා පස්ස දොරෙන් ගිහිල්ල අනුශාසනා,උපදෙස් දෙන්නේ ,ගන්නේ කොහෙන්ද කියලා රටම දන්නවා.නමුත් අනුන් වෙනුවෙන් බොහෝ කැප කිරීම් කල වික්‍රමබාහු සහෝදරයා ට වඩා ඔබ තවම පිටුපසින් ඉන්නේ. ඔබලා තවම ආත්මාර්තකාමීයි .....(රේ)
මෙතුමාගේ කතාව මමත් පිළිගන්නවා (නි)
මේ ගැටුම නිමාවක් නොදකින සමාජ සහ ඓතිහාසික සංසිද්ධියක්. කම්කරු පෙළපාලි, ශිෂ්‍ය විරෝධතා රැළි මර්දනය කිරීමට (අවම යනු මුසාවක්) උපරිම බලය යෙදීමේ අවසාන ප්‍රතිඵලය වුයේ පීඩනයට පත් වූ කොටස් පොලිසිය සමඟ සදාතනික වෛරයක් බැඳගැනීමයි. දෙපිරිස තුළම එකිනෙකා පිළිබඳව කාවැදුන විරෝධී මෙන්ම වෛරී ආකල්ප වලින් උපරිම ප්‍රයෝජනය ගත්තේ මේ ගැටුම්කාරී දෙපිරිසේම ඡන්දයෙන් පත්වූ සමහර දේශපාලඥයිනුයි. (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ(නි)
කරපු වරදට ගහපුු එක හරි මුන් දිය ඇලිවල ගිහින් ඇඳුම් නැතිව නානවා එ්වා හොදයි (බ)
ස්ටාලින් මහත්තයා කියන එකත් හරි තමයි (නි)
පොලිසිය හරිද වැරදිද කියලා මටත් තේරෙන්නේ නැහැ (නි)
මොනවා කළත් අන්තිමට පොලිසිය තමා වැරදි. පොලිසියෙ උදවියට වෘත්තීය සමිති එහෙම නැති නිසා හොඳයි. පොලිසියත් වැඩ කරන්නෙ නැතුව පාරට බැස්සොත් කොහොමට තියේවිද?? (නි)
කෝ අර සෝබිත හාමුදුරුවෝ කොහෙද දැන්? (බ)
මේ දරුවන් අපේ රටේ අනාගතයයි. ඔවුන් මේ අමානුෂික ලෙස පහර දෙනුයේ මේ රටේ පොලිසියි. අපි මෙය තරයේ හෙලාදකිමු. අද අපි දකිනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා නීති පොත් පෙරලමින්, නීතියේ සිදුරු සොයමින් මේ ම්ලේච්ඡ ප්‍රහාරය සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. මේ ප්‍රහාරය නීතියේ සිදුරුවලින් රිංගා ගියත් ජනතා අධිකරණයේදී මේ මෙම නීච ප්‍රහාරයට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් වැරදි කරුවන් වී හමාරයි. අපි ඔබෙන් කාරුණිකව ආයාචනා කරනුයේ අනාගතයේදී මෙවන් වරදක් නොවන්නට අප දිනාගත් වෙනස සහ නිදහස රකින්නට මේ මෙලෙච්ච ප්‍රහාරය පිටිපස සිටින සියලු දෙනා හට දඩුවම් කරන මෙනි. (බ)
රස්සාවට ගියත් ඔය ටිකම තමයි. කාර්යාලයේ කිසිම වැඩක් කරන්නේ නැතිව කළු ඇඳන් පඩි සහ උසස් වීම් ඉල්ලා උද්ගෝෂණ කරාවි. (බ)
සුසන්ත එතකොට අපි අලුත් පොලිසියක් හදමු ..(බ)