කොළඹ කොම්පඥ්ඥවීදියේ රාත්‍රී සමාජ ශාලාවේ බහින් බස් වීමකදී ආරක්ෂක රැකවලාට පහර දුන් බව කියන පිරිස අතර ප්‍රභල දේශපාලකයෙකුගේ පුතෙකු සිටි බව පහර කෑ ආරක්ෂක රැකවලාද සමාජශාලා හිමිකරුද මරදාන පොලිසියට කටඋත්තර දෙකක් ලබා දුන්හ.
රැකවලාගේ කටඋත්තරය ජාතික රෝහල විසින් ලබාගත් බවත් සමාජ ශාලා හිමිකරු පොලිසියට කටඋත්තර ලබාදුන් බවත් දැනගන්නට ඇත.
දේශපාලකයාගේ පුතා සහ පිරිස සමාජ ශාලාවට ඇතුලු වීමට පැමිනි අවස්ථාවේ එහි සෙනග පිරී ඇතැයි රැකවලා පවසා ඇති අතර ඉන් දෙපැයකට පසු ගැටුම ඇති වී ඇතැයිද වාර්ථා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ .ගහන්නේ නැතිව මෛත්‍රියෙන් හදපු කෙනෙක්නේ (බ)
අපි නම් දන්නවා එයා ගැන හොඳට (නි)
දැන් ලංකාවම දන්නවා ප්‍රභල දේශපාලකයයි එයාගේ පුතයි කව්ද කියලා (නි)
මේ කාගේ පුතාද කියලත් කියන්නකෝ (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.... (නි)
ඒ කාලේ හිටි පොඩි කොල්ලෝ දැන් කොළඹ නයිට් කලබ් වලට පැනලා ආරක්ෂකයින්ටත් ගහනවා. (නි)
දේශපාලන පුතෙක් නොහිටියා නම් තමයි පුදුමේ (නි)
ජයවේවා යහපාලනයට! (නි)
මේ කවුද කියලා අපි නම් දන්නවා (නි)
ඇයි මේ කවුද කියලා නම එළිකරන්නේ නැත්තේ? කෝ අර තියනවා කිවුව මාධ්‍ය නිදහස? (නි)
අපි බලමුකෝ මේ කවුද කියලා.... (නි)
ගුටි කෙළියක් කියනකොටම හිතුනා අර තමන් විසින්ම ප්‍රභූවරු කියාගන්නා අයෙකුගේ පුතෙක් ඇති කියලා (නි)
මේක යහපාලන යුගය නිසා මාධ්‍ය බියවෙන්න කිසිම හේතුවක් නැහැ (නි)
ශ්රී ලංකා ජනතාවට මෙන්න අංක එකේ අලුත්ම අලුත් ඡන්ද ප්‍රතිඵලය. තව ඉදිරියට ඒවි. දැන් පොලිසිය මොකද කරන්නේ කියලා අපි බලාගෙන ඉන්නේ. මේක එච්චර දෙයක් නොවන නිසා ගණන් ගන්නේ නැතිවෙයි. ඇයි කොම්පඤ්ඤවීදියේ පොලිසියට නොගිහින් මරදාන පොලිසියට ගියේ පැමිණිල්ල කරන්න. (නි)
බොහොම බලවත් පුතෙක් කියලයි ආරංචි (නි)
එක්තරා කෙනෙක් ළඟදී කිවුවා නේද දරුවන්ට ගහලා හදන්න ඕනෑ කතාවක්? ඇයි ඉතින් මෙයාලට ගහලා හදාගන්නේ නැත්තේ? (නි)
අර නිලාවැලි වෙරළේදී පොලිස් පුතෙක් එක්ක ගහගත්තා කිව්වා නේද කෙනෙක්? (නි)
මේක නම් දේශපාලකයන්ටම ගිය රටක් (නි)
කවුද මේ පුත්‍රයා කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
පොලීසියට මුලින්ම පැමිණිල්ල දානකොට කියලා තියෙනවානෙ කවුද කළේ කියලා. ඉතින් ඒක ගැටලුවක් නොවේනේ. (නි)
අයියෝ යහපාලනය! (නි)
මෙතන පැහැදිලිවම පේනවා, මේ සිද්ධිය පිටුපස ඉන්නේ දැනට බලයේ සිටින පාර්ශවයේ අයෙක් බව. විස්තරේ හැටියට නම් මෙච්චර ගාඩ් එකක් තියෙන්න පුළුවන් කෙනා ඉතින් කවුද කියලා අපිට තේරෙනවා (නි)
බලේ තියන කොට මොළේ නෑ. මොළේ තියෙන කොට බලේ නෑ. අනේ (බ)
සිරි දැන් එයා කියයි මම එහෙම කිව්වේ නැහැ කියලා. අපිට බැහැනේ අනුන්ගේ දරුවන්ට ගහන්න. ඇමරිකාවේ නම් තමන්ගේ දරුවටත් ගහන්න බැහැ. ගැහුවොත් මාංචු තමයි (බ)
මේක යහපාලනයට මඩ ගහන්න ඒකාබද්ධ විපක්ෂය කළ වැඩක් වගේ.(හේ)
අපි කළා නම් එහෙම කොහොම වෙයිද? (නි)
කැලණිය පැත්තේ කෙනෙක් එහෙම නෙමෙයි නේද? (නි)
අපි බලමුකෝ දැන් යහපාලනය මොකද කරන්නේ කියලා (නි)
ඔන්න රටේ යහපාලනය තියෙනවා කියලා ජනතාවට පෙන්වන්න අවස්ථාවක් ඇවිල්ලා. මේ සිද්ධියට සම්බන්ධ දේශපාලන පුතාටත්, ප්‍රභූ ආරක්ෂක බල ඇණියේ අයටත් විරුද්ධව දේශපාලන බලය හෝ රාජ්‍ය බලය පාවිච්චි නොකර නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න (නි)
අර සමහරු කියාපු මඩු වලිග දඬුවම අදාළ වෙන්නේ පිටස්තර පුද්ගලයින්ට පමණක් වෙන්න ඇති (නි)
සමාජ ශාලාවක පහරදීමක් නම් එතැන අනිවාර්යයෙන්ම දේශපාලක පුතෙකු ඇත. මේ අපේ නව සංස්කෘතියයි. (නි)
දේශපාලනය සම්බන්ධ නොවී මෙහෙම දේවල් මේ රටේ වෙන්නෙත් නැහැනේ ඉතින් (නි)
ඔය කියන දේශපාලන බලවතාගේ පුත්‍රරත්නය ගැන අපි නම් දන්නවා (නි)
ඉස්සර නම් ඉතින් මේවාටම නම දාගත්ත කෙනෙක් හිටියනේ (නි)
මදැයි කිරි කළයට ගොම මුසුකරගත්තා! (නි)
දැනටමත් අපි මෙයා ගැන දන්නවා. අනේ හැබෑටම මෙහෙමත් දේවල්! (නි)
දේශපාලකයාගේ නම කියන්න. යහපාලනය තියෙනවා කියන රටේ මොනවට පසුබහින්නද අපි? එක්කෝ ඔය කියන යහපාලනය නැහැ (නි)
කවදාද මේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ? (නි)
අපි නොඉවසිල්ලෙන් මේකට මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉඳිමු. (නි)
පුතා කවුද කියලා දන්නේ නැද්ද? (නි)
ඔය තාත්තා පුතාව බේරාගනීවි මාධ්‍යයට දොස් පවරලා හරි. (නි)
නම කියන්නකෝ අපිටත් දැනගන්න (නි)
මුළු රටම දන්නවා කව්ද මෙම පුද්ගලයා කියලා. ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් බයවෙන්න ඕනෑ නැහැ (නි)
කෝ දැන් තොරතුරු දැනගැනිමේ අයිතිය අපිට නැද්ද? ලෙඩාට පොලිස් ආරක්ෂාව දීලාවද්ද දන්නෙත් නැහැ මේ වනවිට? (නි)
සැකකරුවන්ගේ නම් එළිකරන්නකෝ (නි)
කට උත්තරේ මේ පහරදීපු කෙනාගේ නම තියෙනවනේ. ඉතින් ඇයි ඔහු අත්අඩංගුවට නොගන්නේ? (නි)