(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ දී මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් පැහැර ගත් කෝටිපති මාළු ව්‍යාපාරිකයා කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී පැහැර ගෙන යමින් තිබු  මෝටර් රථයෙන් පැන දිවි බේරා ගෙන ආණමඩුව පොලිසියට පැමිණ ඇති බව කියයි.

කොල්ල කල්ලිය පැහැර ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රදේශයෙ ප්‍රධාන පෙළේ මාළු ව්‍යාපාරිකයකු වන සින්නකුඩිරිප්පුව ප්‍රදේශයෙ පදිංචි මොසස් මිරියා මියොසියස් නැමති 49 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු බව කියයි.

කොළඹ සරසවියක අධ්‍යාපනය හදාරණ තම පුතු කොළඹ බලා ගමන් ගන්නා බස් රථයකට නැන්විම සදහා පාලවිය මංසන්දියට ගොස් ආපසු ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයකින් තවත් ඥාතියකු සමග පැමිණේමින් සිටියදි පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙදී මෙම පැහැරගැනිම සිදුව තිබේ.

කොල්ලය මෙහෙය වු සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව කියයි.