පසුගිය මාර්තු මාසයේ කලගෙඩිහේනේ දී පැහැරගත් වෑන් රථයක් ව්‍යාජ අංකයකින් මධ්‍යම පළාත් සභා ඡන්ද අපේක්ෂකයකුගේ ප්‍රචාරක වැඩට යොදාගෙන තිබියදී නිට්ටඹුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසිය දුටු ගමන් වෑන් රියදුරා පොලිස් නිලධරයන් සිටි දෙසට රිය කපා පළා ගිය නමුත් පොලිසිය පැය එකහමාරක් එය ලුහු බැඳ ගියේය.
අන්තිමේදී රියදුරා හක්වඩුවන ජබරහේන වත්තේ දී නිවසක් ඉදිරිපිට වෑන් රිය දමා වෙනත් වෑන් රියකින් ඔහු හා බිරිය පළා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
පසුගිය මාර්තු 26 වැනිදා මේ රිය කොල්ලකා ඇත්තේ පොලිස් ඇදුමට සමාන ඇදුමෙන් සිටි පිරිසක් බවත්, වෑන් රියේ ඡන්ද ලකුණක් ද මනාප අංකය සහිත ස්ටිකරයක් ද අලවා තිබූ ලකුණු ඇතැයි ද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ කෙනෙකුගේද දන්නෙ නැහැ වැඩේ? (නි)
මගේ ඡන්දෙ නම් හොදම මැරයට. (නි)
එතකොට වාහන පැහැරගැනීම් පසුපස ඉන්නා දේශපාලකයාත් අතටම අහුවෙලා ඇතිනේ.? (නි)
මේ අදහස් දිහා බලපුවහම හිනත් යනවා, මේ වාහනය අල්ලලා තියෙන්නේ බස්නාහිර පළාතේදී චන්ද ප්‍රචාරක සලකුණු මද්යම පළාත. රියැදුර පැනල ගිහිල්ල. විහිළුවක් නේ, ඒ මිනිහ දෙසපාලුවෙක් කියල කොහොමද කියන්නේ. වාහනේ චන්ද ප්‍රචරක වැඩට යොදාගත්තා කියල කොහොමද කියන්නේ. පොලෝසියේ මහත්වරු රවට්ටන හිතාගන ඔයවගේ දෙයක් කරන්න බැරිද?(අ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)
විපක්ෂයේ කෙනෙක් වුණා නම් බලාගන්න තිබුනා (නි)
බලන්න ජනතාවට සේවය කරන්න මේ අපේක්ෂකයෝ මොන තරම් කැප කිරීමක් කරනවද කියලා. පොලීසියට මේවා තේරෙන්නේ නැහැ. (නි)
මටත් ආසයි ලොකු වුණහම දේශය පාලු කරන්නෙක් වෙන්න (නි)
අප රටේ සමහර දේශපාලුවෝ කරන වැඩ අනුව බලන විට මේවත් වැඩද? සුද්දට ගිය රට, කියලා කියමනක් තියෙනවනේ, මෙයාලට බලය ලැබුනොත් ජනතාවට කිරි ඉතිරෙයි නේද? (නි)
දාන්නකෝ වාහනයේ ඡායාරූප ටිකක්,ජනතාව ඉතා කල්පනාවෙන් මෙම අපේක්ෂකයාට කතිරයක් ගහන්න හොඳේ. (නි)
මේ වගේ මිනිස්සුද රට හදන්න ඉදිරිපත් වෙන්නේ? (නි)
ජනතාවට දැනගන්න,මොන පක්ෂයේද, කවුද කියා ඉක්මණින් කියන්න. මේ අය තමයි අපිට සේවය කරන්න හදන්නේ. බුද්ධිමත් ඡන්දදායකයිනි,ඔබේ ඡන්දය මංකොල්ල කාරයින්ට දෙන්න එපා. (නි)
කවුද කියලා අමුතුවෙන් ආයේ කියන්න දෙයක් නැහැනේ (නි)
පවතින ආණ්ඩු පක්ෂයේ නම් වෙන්න බැහැ (නි)
කරුණාකර මේ වාහනයේ ඡායාරූපයක් දමා කාගේ අංකයටද වැඩ කළේ කියා ලියන්න. (නි)
අරගොල්ලන්ගේ කට්ටිය තමයි බය නැතුව ඔය වගේ වැඩ කරන්නේ. (නි)
මෙයාලට තමයි දේශපාලුවො කියන්නෙ (නි)