IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොහොර වැඩි මිලට විකුණා රජයට පාඩු කළැයි සමාගම් 7ක බැංකු වාර්තා කැඳවයි

(රෝෂන් තුෂාර)

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙල යටතේ  2018 වසරේ සිට  ආනයනය කළ "පොහොර තොග "සහන මිලට ලාංකීය ගොවි ජනතාවට ලබා නොදී වැඩි මිලට කර්මාන්තශාලාවලට අලවිකර රුපියල්  කෝටි ගණනින් රජයට පාඩු කළේ යැයි කියන  සමාගම් හතක බැංකු වාර්තා කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(14) නියෝග කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .
එක් පොහොර සමාගමක් රුපියල් කෝටි දහයක් පමණ වංචා කර රජයට පාඩු කර ඇති බවට කරුණු ඉදිරිපත් කළ අතර රුපියල් 1100 ක සහන මිලට ගොවීන්ට ලබා දීමට තිබූ පොහොර රුපියල් 3500ක මිලකට කර්මාන්තශාලාවලට අලෙවි කළ බවට තොරතුරු අනාවරණය වන බවද කරුණු ඉදිරිපත් කර ඇත .
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන්වන සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍ර යන මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත .
ජාතික පොහොර ලේකම් කාර්යාලය දියත් කළ ජාතික වැඩපිළිවෙළක් යටතේ පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා සමාගම් දහ අටකට 2018 වසරේදී අවසර ලබාදී ඇත .
රුපියල් 2500 කට ආනයනය කරන පොහොර රුපියල් 1100 ක සහන මිලට ගොවි ජනතාවට ලබා දීමේ ගිවිසුමේ යටතේ පොහොර ගෙන්වා ඇති අතර සමාගම්වලට අහිමිවන රුපියල් 1400 ක මුදල රජයෙන් එම සමාගම් වලට ගෙවීමටකටයුතු සම්පාදනය කර ඇත .



අදහස් (0)

පොහොර වැඩි මිලට විකුණා රජයට පාඩු කළැයි සමාගම් 7ක බැංකු වාර්තා කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site