"සුදු වෑන් පැහැර ගැනීම් වලට විරුද්ධ වෙමු. එම සංස්කෘතිය නැවැත්වීමට ආණ්ඩුවට බලකර සිටිමු." යන තේමාව යටතේ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව සංවිධානය කළ විරෝධතාවක් තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (10) පැවැත්විණ.
පසුගිය දිනවල නීති විරෝධි ලෙස පුද්ගලයින් පැහැරගැනීම් කීපයක් කිළිනොච්චි,අම්පාර,මීගමුව වැනි ප්‍රදේශ වලින් වාර්තාවීම මෙම විරෝධතාවයට හේතු විය.
ඔවුහු පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයටද , විදේශ අමාත්‍යාංශයටද , ජනාධිපති ලේකම් කාර්යාලයටද ගොස් තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් බාර දුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩුව පෙරලුවේ සුදු වැන් ගැනත් කියලනේ.... කෝ ඉතිං මේ ආණ්ඩුවත් ඒකම කරනවා වගෙයි නේ.....! (බ)
සුදුවැන් එපා නම් කළු වෑන් කමක් නැද්ද (බ)
එතකොට දැන් මොන කව්ද දන්නේ නැහැ පැහැර ගන්නේ. (ර)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ.දේශපාලන පළිගැනීමේ අරමුණින් එහෙම කරනවානම් අපිත් එකට විරුද්ධයි. (ම)
මේක දැන් වසංගතයක් වෙලානේ,(හේ)
සූ ගාලා පුදුම සෙනඟක්නේ ඉන්නේ (නි)
මේක දැන් වසංගතයක් වෙලානේ. (නි)
බලාගෙන ..කට්ටිය ආය වැරදිලාවත් බලයට ආවොත් පැහැරගන්නේ කළු වැන් වලින් (බ)