පොහොර සහනාධාරය නැවත ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ගොවි සංවිධාන රැසක් එක්ව 08 දින දඹුල්ල නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයෙන් ඒ 9 හා ඒ 6 යන මාර්ග දෙකේ වාහන ගමනාගමනය පැය 4 ක් පමණ අවහිර විය.
පොහොර සහනාධාරය නැවත ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ගොවි සංවිධාන රැසක් එක්ව 08 දින දඹුල්ල නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයෙන් ඒ 9 හා ඒ 6 යන මාර්ග දෙකේ වාහන ගමනාගමනය පැය 4 ක් පමණ අවහිර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද වවන බීජ වුණත් හුරුවෙලා තියෙන්නේ රසායනික පොහොර වලට (නි)
හැමෝටම හැමදේම නොමිලයේ දෙන්න ගියාම කවුද මේ බර දරන්නේ. අමාරුවෙන් කියක්හරි හම්බකරන අපෙන් ගන්න බදු වලින් නේද මේ හැමදේම කරන්නේ? නිකන් ගන්න බලා ඉන්නතුරු කවදාවත් රට දියුණු වෙන්නෙ නැහැ. ගොවියො වගේම පුංචි කඩ කරන අයත් නොමිලයේ කඩේට බඩු ටික අරන් දෙන්න කිව්වොත් ඒකත් කරන්න වෙනවා. ඇයි ගොවියන්ට විතරක් නිකන් පොහොර? (නි)
කටු කන රැලක්ම අදහස් දාලා තියෙන්නේ. බලෙන්ම වගේ දේශීය ක්‍රම නවත්වා කෘතීම පොහොර ගන්න අනුබල දුන්නේ මේ රටේ ආණ්ඩු ම තමා. (බ)
පුළුවන් තරම් රසායනික පොහොර ගහලා වෙළඳපොළට එවනවා වස කන්න. ඒකටත් සහනාධාර ඉල්ලනවා (ම)
ඔන්න රටේ තත්ත්වය! (නි)
ලංකාවේ ගොවීන් ඉදිරියට නැති වෙනවා.(හේ)
මෙයාල නොමිලයේ පොහොර අරගෙන අපිට එළවලු හාල් ටික දෙන්නෙත් නිකන්ද? අපේම බදු මුදලින් සහනාධාර අරගෙන අපිටම විකුණන මෙයාලා තව නිකන් දෙන දේ ගන්නෙ නැතුව උද්ඝෝෂණ කරන්නත් එනවා. (නි)
අපේ රටේ ගොවියෝ මෙච්චර කම්මැලිද ලේසියට පොහොර ටික පැලවලට ගහලා ඕහේ ඉන්නවා. අපිට උරුම කොච්චර ක්‍රම තියෙනවද ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, පිරිත් කරලා ඉහින්න ඔය වගේ කොච්චර දේවල් තියෙනවද. අන්තිමට වකු ගඩු රෝග හැදුනම ආණ්ඩුවටම බැන බැන ඉන්නවා. (හේ)
පසුගිය අවුරුදු 67 පුරාම ජනතාවගේ ගැටළු මේ රටේ පාලකයන්ට ගැටළු වුනේ නෑ. ඔවුනට ගැටලුව වුනේ ඉදිරි මැතිවරණවලින් ජයගැනීම (හේ)
මේ උද්ගෝෂණ වලට සහභාගීවන්නේ ගොවියන්මද කියා සොයාබැලිය යුතුය.මේ අයට ගොවි හැඳුනුම්පත හෝ කුඹුරුක අයිතියක් තිබෙනවද කියා සොයා බැලිය යුතුය.(හේ)
අනේ කරුණාකරලා මේ අය කොළඹට ඇවිත් පාරවල් අවහිර කරගෙන මිනිස්සුන්ට වද දෙන්න කලින්, අධිකරණ නියෝගයක් ගන්න.(බ)
බංකොලොත් දේශපාලුවන්ගේ ඉත්තන් බවට පත්වීගෙන එන අසරණ ගොවි ජනතාවට කාගේ පිහිටද? ඒ වගේම හැම කෙහෙල්මලටම පාරවල් අවහිර කරන පුරුද්ද නිසා බැට කන මහජනතාවට කාගේ පිහිටද?(බ)
මම හිතන්නේ මේ අයට පොහොර සමාගම් වලින් නම් සහනාධාර හොඳට හම්බවෙනවා මේ උද්ඝෝෂණ වලට(හේ)
කළයුත්තේ මහාමාර්ග අවහිර කර ජනතාව අපහසුවට පත්කිරීම නොව මේවාට වගකිවයුතු කෙරුමන්ගේ නිවෙස් වටලා ඔවුන් අපහසුතාවයට පත්කිරීමයි. (නි)
අනේ කෝනාර, නුඹ මෙතරම් මෝඩද? (නි)
ඇත්ත නේන්නම්. ගොවියොත් කරන්නේ ව්‍යාපාරයක් නම් නොමිලයේ පොහොර ඉල්ලන්නේ ඇයි? (නි)
නොමිලේ පොහොර දෙනවා කියද්දීත් තව මොනවද මේ ඉල්ලන්නේ.(හේ)