බුලත්සිංහල පාහියන් ගල ලෙනෙන් හමුවූ වසර 37000කට වඩා පැරණි මෙසෝලොතික මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල ලාංකීය පුරාවිද්‍යා උරුමයේ කොටසක් පමණක් නොව ලෝක පුරාවිද්‍යා උරුමයේ කොටසක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මාධ්‍ය හමුවකදී පැවැසීය. මේ ඇටසැකිල්ල පිහිටා තියෙන්නේ ගල් ඇන්දක හිර වෙලා. ඒ නිසා එය එතැනින් ඉවත් කිරීමේදී යම් හානියක් සිදුවීමේ අවදානමක් තියෙනවා. පාහියන්ගල ලෙනෙහි සිදුවූ පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්‍ෂ නිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. ”මෙහි කැණීම් ව්‍යාපෘතිය 1986 වර්ෂයේ ආරම්භ කළේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. විජේපාල මහතා විසින්. ප‍්‍රධාන ගල් ලෙනේ කරපු කැණීම් වලින් කිසිදු තොරතුරක් නොලැබුණු නිසා පහළ ගල් ලෙනේ කැණීම් කටයුතු ආරම්භ කළා. එහිදී අදින් වසර 36000 සිට 5000 දක්වා කාල පරාසයට අයත් ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස අවධි 5ක් පිළිබඳව තොරතුරු සොයා ගනු ලැබූවා. ඉන්පසුව 2007 හා 2008 වර්ෂවලදී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල්ගේ පුර්ණ මග පෙන්වීම මත ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ උපදේශකත්වයෙන් හා පළපුරුදු කැණීම් නිලධාරීන් අතින් මෙම ඓතිහාසික පර්යේෂණ ඉතිහාසයේ 6 වන අදියර ආරම්භ වුණා. එහිදී පාහියන් ලෙනේ පහළ කුඩා ලෙන ආශ‍්‍රිතව සිදු කළ කැණීම්වලින් මානව ජනාවාස ස්තර උප සතරද සහිතව 129ක් හඳුනා ගත්තා. එහිදී ආදි මානව සංස්කෘතියක බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා. මේ පර්යේෂණයේ වැදගත්ම සංධිස්ථානය ලෙස ප‍්‍රථම වරට ලෙන් කැණීමක අනුසාරයෙන් සම්පූර්ණ ප‍්‍රාග් ඓතිහාසික මානව ඇටසැකිල්ලක් සොයා ගත්තා. කාල නිර්ණ පරීක්‍ෂාවන්ට අනුව එය වසර 30000කට වඩා පැරණි බව විශ්වාස කරනවා. ඒ වගේම මෙහි කැණීම්වලින් මධ්‍ය ශිලා යුගයේ ලකුණ ලෙස හැඳින්වෙන ජ්‍යාමිතික ලකුණු යුත් ගල් ආයුධ සොයා ගත්තා. ඒ වගේම මෙම ලෙන ආශ‍්‍රිතව ලූණු බෙල්ලන්, මුහුදු පබළු හා මෝරෙකුගේ දතක් සොයා ගැනීමට අපට හැකි වුණා. මේ නිසා අපට හිතන්න පුළුවන් නවීන මානවයා, පුරාතනයේ සිටම මුහුදු ආශ‍්‍රිතව සම්බන්ධතා පැවැත් වූ බවට. මෙම කැණීම් සඳහා අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තරුණ නිලධාරීන්ගේ වගේම විශ‍්‍රාමලත් නිලධාරීන්ගේ සහයෝගය ගත්තා. ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින්ගේ සහය ගැනීමට බලාපොරොත්තු වෙනවා. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ”මෙම පුරා විද්‍යා කැණීම් සඳහා දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යාඥයින්ගේ අනර්ඝ සහයක් ලැබුණා. මගේ අත්දැකීමට අනුව ලෙන් කැණීමක් කියන්නෙ ඉතාම අපහසු කටයුත්තක්. පුරාවිද්‍යා කැණීමක් කරනවා කියන්නේ ශල්‍යකර්මයක් කරනවා වගේ ඉතාම සංකීර්ණ කටයුත්තක්. අවම වශයෙන් මෙවැනි කැණීමක් කරන්න අවුරුදු 10 - 15කවත් අතේ හුරුවක් තිබිය යුතුයි....”
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 37000කට එහා හිටපු මානවයා දන්නවනම් අනාගතේදී එයාලට ආයුධ සන්නද්ද පොලිස් ආරක්ෂාවක් ලැබෙයි කියලා මේ විදියට, එයාලට එදා මොනවා හිතෙයිද?
"මේ ඔය ඇටසැකිල්ල අපේ විශ‍්‍රාමලත් මාම කෙනෙකුගේ"
කටුගෙට කරපු හරියනම් මේ ඇටසැකිල්ලටත් කරන්න හදන්න එපා.නැත්නම් අනිතිමට අපේ ළමයින්ට අතීතේ දැක ගන්න වෙන්නේ කටුගෙයි බිත්ති ටිකෙනුයි, ගල්ගුහාවේ ගල් බිත්ති ටිකෙනුයි විතරයි.
ඔය හරිය මීට වසර 30000කට කලින් කාලේ මුහුදින් යටවෙලා තිබුණා වෙන්න බැරිද?
අපේ යටගියාව මතුකර දක්වන ඔබ සැමට ස්තූතියි
ලෝක පුරාවිද්‍යා උරුමයේ මුල් කොටස් කරුවන් ලංකා පුරාවිද්‍යාවේ මෙවන් සාධක තුලින් ලොවට හඬගා කියන්නට ඔබතුමන්ලා ගත් උත්සාහයට ජාතියේම උපහාරය.......බොහෝ බාධක මැද අසීරු කැණීම් තුලින් මුළු මහත් ලෝකයටම වැදගත් තොරතුරු අනාවරණය කරන ඔබ සැම මට නම් හැබෑම ජාතික වීරයන්. තොරතුරු ගෙනෙන ලංකාදීපයද සදාකල් දිනේවා.....
මේ ඔය ඇටසැකිල්ල අපේ මාම කෙනෙකුගේ... නිධන් ටික හොරකම් කලා වගේ ඕකනම් හොරකම් කරලා අහුවෙන්න එපා....
එහෙමනම් මේක සිංහල බෞද්ධ රටක් වෙන්න බෑ නේද....
අපේ මිනිස්සුන්ට ලංකා මොනවා හරි හිංදි චිත්‍රපටයක් පෙන්නගෙනම ඉන්නවනෙ.. අනේ අපේ දුප්පත් මිනිස්සු පව් තමයි..
මාමලගේ නෙමේ..මේක ගැහැණු ඇට සැකිල්ලක්.....
තව අවුරුදු 5000කින් විතර අපේ ඇටසැකිලිත් හොයාන කියයි බඩු මිල නිසා සාගතෙන් මැරුණු ජනාවාස ගොන්නක් කියලා...
පින්තුරෙකුත් දැම්මනම් තමයි හොද
National Geographic channel එකට ඇමතුමක් දෙන්න..
මේ අයියලා,ඔයාලා මේ විදියට ලස්සනට සැකිල්ල පාදා ගෙන තියෙනවා දැක්කම මටත් ආසා හිතෙනවා එය කැණීම් වලට සහභාගි වෙන්න
88/89 කාලේ මියගිය සහෝදරයෙකුගේ ඇට සැකිල්ලක්ද දන්නෑ ??????..
දැනට මතුවෙමින් සිටින අනුරාධපුරය පුරාණ බෞද්ධ නගරය (600BC-1000AD ) ලොව වසර 1600 ක් පුරා එක දිගටම නොවැටී තිබුන එකම නගරයයි. රෝම සිස්ටචාරය පවා එතරම් කලක් තිබුනේ නෑ. හිතන්න වසර 1600 ක් පුරා තිබුන රටේ අග නගරයක් ! ඒ විතරක් නොවෙයි, අපි අනුරාධපුරේ දාල ඇවිත් තම වසර 1012 යි ! අපි ජාතියක් වශයෙන් අනුරාධපුරය නැතුව හිටිය කාලෙට වැඩ අනුරාධපුරය අග නගරය කරගෙන හිටි කාලය ඉතා වැඩියි! මම කිව්ව පුදුමය තමයි, දැනට මේ නටබුන් ඇත්තේ පොළොවේ සිට අඩි 7-8 ක් යටින් , ඒවා මතුකරමින් තිබෙනවා , කැනීම් භාර පුරා විද්යේෂකයන් කිව්ව තවත් ගැඹුරට යනකොට අඩි 17-20 ගැඹුරෙදී තවත් දියුණු නගරයක නටබුන් මතු උනා කියල ! ඒ නගරය ගොඩගන්න දැනට ඇති අපේ අනුර නගරය ඉවත් කරන්න වෙයි , ඒ නිසා එක දැනට සොයන්නේ නැතුව වහල දැම්ම කියල කිව්ව, මේ තමයි කස්සප බුද්ධ සමයේ අනුරාධපුරය (වෙනත් නමකින්) කියල අනුමාන කරනවා. මම හිතන්නේ කාලෙන් කාලෙට මනුෂ්‍ය සිස්ටාචර දියුනු වෙනවා , පිරිහිලා විනාශ වෙලා නැවත හෙමින් ගොඩ නැගෙනවා., ඔය හමුවෙන ගල් යුගය එසේ අන්තර් පරිහානික නොදියුණු කාලයක්. දැන් නැවත දියුණුයි, නමුත් අනාගතයේ ධර්මය අතුරුදන් වී, මිත්යා ඇදහිලි උඩට ඇවිත් , කෙලෙස් වැඩි වී, යුද්ධ වැඩිවී, යුෂ අඩුවී විනාස වෙනවා,( අබුද්ධස්ස කාලේ) නැවත හෙමින් නොදියුණු ගල් යුග පසුකරමින් උඩට එනවා , එසේ දියුණු කලකදී තමයි අපේ මෛත්රී බුදුරජුන් පහල වෙන්නේ, මේ ගැන "චක්කවත්තී සිහනාද සුත්රයේ" හොදින් පැහැදිලි කර තිබෙනවා.
අපේ ඉතිහාසය නැවත ලියවෙන අවස්ථාවක්...
මිත්රී බුද්ධ ශාසනය මීටත් වැඩ කල් පවතිනවා, එක මිනිස් ආයුෂ වසර 80,000 වෙනවා, නමුත් නැවත පරිහානිය වෙනවා, මේ මහා භද්‍ර කල්පයේ අවසානය උද වෙනවා , ලෝකය විනාශ වෙනවා (මෙය මනුෂ සිස්ටචර පරිහානියක් නොවෙයි සබැ ලෝක විනාශයකි ) සප්ත සුරියෝත්ගමන සුත්‍රය මේ ගැන විස්තර කරනවා, මිනිසුන් පා වෙන ආලෝක වැනි සරීර ඇති ය වෙනවා, නමුත් කලකදී නැවත ලොව සකස් වෙනවා, ජීවය බිහිවෙනවා,ජීවයේ බිහිවීම (අග්ගන්ය සුත්‍රයේදී විස්තර කරනවා), බ්‍රහ්ම ලෝකයක කර්මනුරුපව පහලුන බ්‍රහ්මයෙකුට තමාගේ පහළවීම ගැන ඇතිවෙන වැරදි අවබෝධයක් නිසා ක්‍රමයෙන් දේව මැවුම්වාදය ඇතිවෙන හැටි දීග නිකායේ පළමු සුත්‍රයේදී කියවෙනවා. මේවා හොදින් කියව භාග්‍යවත් තථාගත ලෝකවිදූ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ඥානය ගැන පැහැදීම ඇති කරගෙන පමා නොවී කල යුත්ත කිරීමට අපි උනන්දු විය යුතුයි. මේකේ කෙළවරක් නෑ , ආරම්බයක් නෑ ඒ නිසා ඒවා ගැන තැවී තැවී ඉන්න එකේ තේරුමක් නෑ, ප්‍රශ්නය ඇත්තේ සංසර ගමනේ නිසා එකට පිළියම් කරගෙන තමා තුල හැදෙන ලෝකය නතරකරගමු
මුබාරක් ෆර්හාන් , සිංහල බෞද්ධ නැත්නම් හිතුවද මේක හබ්බ රටක් කියල. එහෙම කියනවනම් අරබිකරයත් හබ්බ නොවෙයි , ඇෆ්ගනිස්ථාන්, පකිස්තාන් හබ්බ නොවෙයි ඒ ඔක්කොම බෞද්ධ රටවල් නේ. රුවන්වැලි සෑ මුල්ගල් තිබෙන උත්සවයට "යෝනක රටින්" - රෝමය, "අපරන්නක දේශයෙන්" - අරාබිය, මහා රහතන් වහන්සේලා සිය ගණන් වැඩම කල බව තුපවංශයේ සදහන්, එතකොට ඔය අරාබිකරය මහා රහතන් වහන්සේලා බිහිකරපු බෞද්ධ රටවල්. අද මුස්ලිම් මැව්ම් වාදයකට යටවෙලා, යුද්ධ කොලවල, ලේ වැගිරීම් වලින් විනාස වෙලා යනහැටි පේනවනේ, කාන්තාර වෙලා තිබෙන හැටි පේනවනේ.
ඇත්තටම අපි අපේ ඉතිහාසය ගැන තව හුගක් දේවල් හොයන්න තියෙනවා
පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය- පණ ඇති මහා සමුදුරු පවුරෙන් වටය හෙළ දිවයින මගෙයි මා ඉපදුණු රටය- ලොව අන් සියලු දිවයින් මේකට යටය
"සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි ඉපදෙන්නට හේතු වාසනා වේවා හේතු වාසනා..."
බොලවු,ඇට සැකිල්ල හාරනවා කියලා බොලා නිධන් හාරනවා එහෙම නෙවෙයි නේද?
මිහිදු හාමුදුරැවො ලංකාවට එන්න කලිං ලංකාවෙ ඉදල තියෙනවා ගොත්‍රික මිනිසුන්...
ගොතම සම්බුදුරජාණන් වහන්සේට කලින් මේ භද්ර කල්පයේ පහලුන කකුසද, කොනගමන, කාශ්යප, සම්බුදුරජාණන් වහන්සේලාත් මේ ලක් පොලවට වැඩිය. ඒ කලේ ලංකාවේ නම් වෙනස් විදිහකට තිබුන, අනුරාධපුර නගරය මේ යුග 3 දීම විවිද නම් වලින් හදුන්ව දෙමින් ඔය තැනම පැවතුන. මේ බව අනාවරණය කලේ අරහත් මහින්ද මහා රහතන් වහන්සේ , දේවානම් පිය තිස්ස මහරජුටයි. මහාවංශයේ මෙය හොදින් සදහන්. මේ කරුණ තවත් කුලුගන්වෙන සිද්ධියක් මම ගෙන එන්නම්. 2005 දී අපි අනුරාධපුර අභයගිරි කැනීම් බලන්න.දැනට මතුවෙමින් සිටින අනුරාධපුරය පුරාණ බෞද්ධ නගරය (600BC-1000AD ) ලොව වසර 1600 ක් පුරා එක දිගටම නොවැටී තිබුන එකම නගරයයි. රෝම සිස්ටචාරය පවා එතරම් කලක් තිබුනේ නෑ. හිතන්න වසර 1600 ක් පුරා තිබුන රටේ අග නගරයක් ! ඒ විතරක් නොවෙයි, අපි අනුරාධපුරේ දාල ඇවිත් තම වසර 1012 යි ! අපි ජාතියක් වශයෙන් අනුරාධපුරය නැතුව හිටිය කාලෙට වැඩ අනුරාධපුරය අග නගරය කරගෙන හිටි කාලය ඉතා වැඩියි! මම කිව්ව පුදුමය තමයි, දැනට මේ නටබුන් ඇත්තේ පොළොවේ සිට අඩි 7-8 ක් යටින් , ඒවා මතුකරමින් තිබෙනවා , කැනීම් භාර පුරා විද්යාඥයන් කිව්ව තවත් ගැබුරට යනකොට අඩි 17-20 ගැබුරෙදී තවත් දියුණු නගරයක නටබුන් මතු උන කියල ! ඒ නගරය ගොඩගන්න දැනට ඇති අපේ අනුරාධපුර නගරය ඉවත් කරන්න වෙයි , ඒ නිසා එක දැනට සොයන්නේ නැතුව වහල දැම්ම කියල කිව්ව, මේ තමයි කස්සප බුද්ධ සමයේ අනුරාධපුරය (වෙනත් නමකින්) කියල අනුමාන කරනවා. මම හිතන්නේ කාලෙන් කාලෙට මනුෂ්‍ය ශිෂ්ඨාචාර දියුණු වෙනවා , පිරිහිලා විනාශ වෙලා නැවත හෙමින් ගොඩ නැගෙනවා., ඔය හමුවෙන ගල් යුගය එසේ අන්තර් පරිහානික නොදියුණු කාලයක්. දැන් නැවත දියුණුයි, නමුත් අනාගතයේ ධර්මය අතුරුදන් වී, මිත්යා ඇදහිලි උඩට ඇවිත් , කෙලෙස් වැඩි වී, යුද්ධ වැඩිවී, ආයුෂ අඩුවී විනාස වෙනවා,( අබුද්ධස්ස කාලේ) නැවත හෙමින් නොදියුණු ගල් යුග පසුකරමින් උඩට එනවා , එසේ දියුණු කලකදී තමයි අපේ මෛත්රී බුදුරජුන් පහල වෙන්නේ, මේ ගැන "චක්කවත්තී සිහනාද සුත්රයේ" හොදින් පැහැදිලි කර තිබෙනවා.
ඔන්න දැන් හෙට අනිද්දම දෙමල ඩයස්පෝරාව කියයි ලංකාවෙන් වසර 40,000 ක් පරණ දෙමල ඇටසැකිල්ලක් හමු උනා, ඒ ලග දෙමල අකුරු ලියපු ගල් පුවරුවකුත් තිබුන, ඉන්දියාවේ හමුවෙච්චි ඒවත් මේ වගේමයි, මෙන්න දෙමල රට සිංහලයෝ ඇවිත් අල්ලාගෙන කියල." බලන්න බොරුද කියල "Sri Lankan Tamils wikipidea එකට ගිහින්, ලියල තියන පට්ට පල් ගජබින්න. එකෙන් ඔවුන් උත්සහ ගන්නවා වසර 10,000 ක දෙමල පැවැත්මක් ගැන ඔප්පු කරන්න. මේවා කියවන ඕනෑම කෙනෙක් හිතනවා ඇත්ත කියල. හැබැයි උන්ට දිරවගන්න බැරි අපිට 'මහා වංශය' කියල ජාතියේ ඉතිහාසය ඒ ඒ කාලෙට ලියාගෙන ආපු ලෝකෙම පිළිගන්න මහා ග්රන්ථයක් තිබීමයි. ඉතින් ඒ පාර 'මහාවංශය' ගොතන ලද , අධි වර්නන කරන ලද කවයක් මිසක් ඇත්ත නොවෙයි කියල කියාගෙන යනවා, "මහාවංශය" ඉන්දියාවේ රාමයනයටත් වඩා පරණයි. දකුණු ඉන්දියාවේ ඉතිහාසයේ නොපැහැදිලි තැන ගැටගහගන්නත් උපයෝගී කර ගන්නේ 'මහාවංශයේ' ඒ ඒ යුගවල ලියවෙච්චි කරුණුයි. ඉතින් අපේ සමහර අයත් එකට නොදෙන නිග්ග්රහයක් නෑ., අපි නැවත මහාවංශය එලියට ගත යුතුයි, පාසල් වල ඉගැන්විය යුතුයි, හැමෝටම ගන්න අච්චු ගහ විකිණිය යුතුයි, විදේශ භාෂා වලට පරිවර්තනය කල යුතුයි. වයස 14 දී මට මේ ග්රන්ථය කියවන්න ලැබුන, ආසාවට කීපවිටක්ම මම කියෙව්වා, මේ ජාතිය ගැන මහා හැගීමක් හිතට ගතට එන්නේ එතකොටයි. මේ වගේ හෙළිදරව් මහාවංශයෙන් විස්තර නොවෙන ඒවා, ප්රාග් එයිතිහාසික යුග ගැන තව පරේෂණ කර ඒවා ඉක්මනට ප්‍රචාරය කර සම්මත කර ගත්තේ නැත්නම් මේ සකිල්ලටත් දෙමල ලේබලය ගහන්නේ අර කිව්වා අය කහපාට ගහනවා සිකුරුයි. පමා නොවන්න , අවධිවන්න , මහාවංශය රැක ගන්න
කොහෙන් හම්බ වුණාද දන්නේ නෑ..
කෙනෙත්ගෙ අදහස සහ පැහැදිලි කිරීම අගය කරමි.. මේ අපේ රටයි.. අප ඉපදෙන මැරෙන රටයි.. මේ ඉතිහාසය අප සැම දෙනාටම අයිතියි. ශ්‍රී ලංකිකයන් ලෙස ආඩම්බර විය යුතුයි..
දැනට තිබෙනවාට වඩා කෙටි දුරක් ඇතුලත මුහුද තිබුණා විය නොහැකිද ?
මේ ප්‍රවෘත්තිය තරමක ශාස්ත්‍රීය වැදගත්කමකින් යුතුයි.මේ විදිහේ ප්‍රවෘත්ති පළ කිරීමට වාර්තා කරුවන් ධෛර්මත් කළ යුතුය.
අපේ ඉතිහාසය මතුකර පෙන්වා සුරකින ඔබලාට ජාතියේ ප්‍රණාමය....
ඔබ හරි කෙනත්, ලාංකිකෙයක් හැටියට ඔබ ගැන ආඩම්බරයි..